Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගයික්වාඞ්ගේ ශතකය ඉන්දීය ‘ඒ’ පිලට ජය ගෙනෙයි

ගයික්වාඞ්ගේ ශතකය ඉන්දීය ‘ඒ’ පිලට ජය ගෙනෙයි

editorial - 2019 ජුනි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රුටුරාජ් ගයික්වාඞ්ගේ (නොදැවී 187) විශිෂ්ට පිතිහරඹය හමුවේ සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව බෙල්ගවුම්හිදී අද (6 වැනිදා) පැවැති පළමු නිලනොවන එක්දින තරගය ලකුණු 48 කින් ජයග්‍රහණය කිරීමට ඉන්දීය ‘ඒ’ කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග 5 කින් සමන්විත නිලනොවන එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ඉන්දීය ‘ඒ’ කණ්ඩායම සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 318 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට නියමිත ඕවර සංඛ්‍යාව අවසානයේ කඩුලු 6 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 269 ක් පමණි. ශෙහාන් ජයසූරීය ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වුවද ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පරාජයෙන් ගලවා ගැනීමට අවස්ථාවක් හිමිනොවීය.

ඉනිම නිමාවන තෙක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 120 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමගින් නොදැවී ලකුණු 108 ක් රැස්කිරීමට ශෙහාන් ජයසූරීය සමත්විය. ශෙහාන්ට අනගි සහයක් ලබාදුන් දසුන් ශානක පන්දු 31 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 44 ක් රැස්කිරීමට සමත්විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායක අෂාන් ප්‍රියංජන් පළමුව පන්දුවට පහරදීම සඳහා ඉන්දීය ‘ඒ’ කණ්ඩායමට ආරාධනා කළ අතර ඕවර 42 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 317 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ.

පෙරදින පැවැති වර්ෂාව නිසා ක්‍රීඩාංගණයේ පැවැති තෙත බරිත තත්වය හේතුවෙන් තරග ආරම්භය ප්‍රමාදවූ අතර ඕවර 42 කට තරගය සීමාකිරීමට විනිසුරුවෝ තීරණය කළහ.

ඉනිම පුරා පන්දුවට පහරදුන් රුටුරාජ් ගයික්වාඞ් පන්දු 136 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 26 ක් සමගින් නොදැවී ලකුණු 187 ක් රැස්කරමින් ඉන්දීය ‘ඒ’ ලකුණු පුවරුව 300 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්විය.

අන්මෝල්ප්‍රීට් සිං පන්දු 67 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 65 ක් සහ ඉෂාන් ක්‍රිෂාන් පන්දු 34 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 45 ක් රැස්කරමින් ඉන්දීය ‘ඒ’ ලකුණු පුවරුව ඉහළ දැමීමට දායකවූහ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා පන්දු යවන්නන් 8 දෙනෙකු යොදාගත්තද ඉන්දීය පිතිකරුවන් මෙල්ල කිරීමට ඔවුන් අපොහොසත් වූහ. ළහිරු කුමාර කඩුලු 3 ක් සහ අෂාන් ප්‍රියංජන් කඩුල්ලක් දවාගැනීමට සමත්වූහ.

ඉන්දීය ‘ඒ’ කණ්ඩායම - ඕවර 42 කදී කඩුලු 4 ක් දැවී 317
(රුටුරාජ් ගයික්වාඞ් නොදැවී 187, අන්මෝල්ප්‍රීට් සිං 65, ඉෂාන් ක්‍රිෂාන් 45, ළහිරු කුමාර 62/3)

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඕවර 42 කදී කඩුලු 6 ක්  
(භානුක රාජපක්ෂ 29, ශෙහාන් ජයසූරිය නොදැවී 108, අෂාන් ප්‍රියංජන් 29, දසුන් ශානක 44, ඉෂාන් ජයරත්න නොදැවී 20, මයන්ක් මාකන්ඬේ 66/2)


අදහස් (0)

ගයික්වාඞ්ගේ ශතකය ඉන්දීය ‘ඒ’ පිලට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.