Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කෝලි ඉන්දියාවට 2-0 ක තරගාවලි ජයක් ගෙනෙයි

කෝලි ඉන්දියාවට 2-0 ක තරගාවලි ජයක් ගෙනෙයි

editorial - 2019 අගෝ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විරාට් කෝලිගේ (නොදැවී 114) විශිෂ්ට පිතිහරඹය හමුවේ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ටි්‍රනිඩෑඞ්හිදී ඊයේ (14 වැනිදා) පැවැති තෙවැනි සහ අවසන් එක්දින තරගය කඩුලු 6 කින් ජයගත් ඉන්දියාව තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමට සමත්විය. පළමු තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය.

ජයග්‍රහණය සඳහා ඕවර 35 කදී ලකුණු 255 ක ඉලක්කයක් හඹාගිය ඉන්දියාව ඕවර 32.3 කදී කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.

මෙම තරගාවලියේ පිට පිට දෙවැනි ශතකයත් ලබාගත් විරාට් කෝලි ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යමින් නොදැවී ලකුණු 114 ක් රැස්කිරීමට සමත්විය. පන්දු 99 කට මුහුණදුන් කෝලිගේ ඉනිම හතරේ පහර 14 කින් අලංකාර විය.

ශ්‍රියාස් අයියර් සමගින් එක්ව සිවුවැනි කඩුල්ල සඳහා පන්දු 94 කදී ලකුණු 120 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමටද විරාට් කෝලි සමත්විය.

විරාට් කෝලිට අනගි සහයක් ලබාදුන් ශ්‍රියාස් අයියර් වේගවත් පිතිහරඹයක නිරතවෙමින් පන්දු 41 කදී ලකුණු 65 ක් රැස්කිරීමට සමත්වූ අතර ඊට හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත ඕවර 35 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 240 ක් රැස්කිරීමට සමත්විය. වර්ෂාව හේතුවෙන් කොදෙව් ඉනිම වරින්වර නතර කිරීමට සිදුවූ අතර තරගය ඕවර 35කට සීමාවිය.

වේගවත් ආරම්භයක් ලබාගත් ක්‍රිස් ගේල් සහ එවින් ලෙවිස් එක්ව පළමු කඩුල්ල සඳහා පන්දු 65 කදී ලකුණු 115 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වූහ. කොදෙව් ලකුණු පුවරුව 121 ක් වනවිට ආරම්භක පිතිකරුවන් දෙදෙනාම දැවීගිය අතර ඔවුන් දෙදෙනා දැවීයාමෙන් අනතුරුව පන්දු 140 කදී සෙසු පිතිකරුවන්ට රැස්කිරීමට හැකිවූයේ තවත් ලකුණු 119 ක් පමණි.

ක්‍රිස් ගේල් පන්දු 41 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 72 ක් රැස්කළ අතර එවින් ලෙවිස් පන්දු 29 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 43 ක් රැස්කිරීමට සමත්විය.
ශායි හෝප් ලකුණු 24 ක් සහ ශිම්රන් හෙට්මයර් ලකුණු 25 ක් රැස්කිරීමට සමත්වූ අතර නිකලස් පූරන් පන්දු 16 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමගින් වේගවත් ලකුණු 30 ක් රැස්කිරීමට සමත්විය.

ඛලීල් අහ්මඞ් කඩුලු 3 ක් සහ මොහොමඞ් ශාම් කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

පිට පිට අවසන් තරග දෙකේදී ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ විරාට් කෝලී තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට සහ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මාන ද්විත්වයම දිනාගැනීමට සමත්විය.

 

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම - ඕවර 35 කදී කඩුලු 7 ක් දැවී 240
(ක්‍රිස් ගේල් 72, එවින් ලෙවිස් 43, ශායි හෝප් 24, ශිම්රන් හෙට්මයර් 25, නිකලස් පූරන් 30, ඛලීල් අහ්මඞ් 38/3, මොහොමඞ් ශාම් 50/2)

ඉන්දියාව - ඕවර 32.3 කදී කඩුලු 4 ක් දැවී 256
(ශිකර් ධවාන් 36, විරාට් කෝලි නොදැවී 114, ශ්‍රියාස් අයියර් 65, ෆේබියන් ඇලන් 40/2)

...


අදහස් (0)

කෝලි ඉන්දියාවට 2-0 ක තරගාවලි ජයක් ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.