Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොලෑන්ඩර්ස් පිල කඩුලු 3ක ජයක් ලබයි

කොලෑන්ඩර්ස් පිල කඩුලු 3ක ජයක් ලබයි

editorial - 2019 නොවැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන දහයයි10 ලීග් ක්‍රිකට් තරගාවලියේ දිල්ලි බුල්ස් කණ්ඩායම සහ කොලෑන්ඩර්ස් කණ්ඩායම අතර ඊයේ (22 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 3 ක ජයක් අත්කර ගැනීමට කොලෑන්ඩර්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 99 ක ඉලක්කයක් හඹාගිය කොලෑන්ඩර්ස් ක්‍රීඩකයෝ එක් පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 7 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. රවී රාම්පෝල් යෑවූ අවසන් ඕවරයේ සිවුවැනි පන්දුවට හතරේ පහරක්ද, පස්වැනි පන්දුවට හයේ පහරක්ද එල්ල කළ ජෝජ් ගාටන්, කොලෑන්ඩර්ස් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

කොලෑන්ඩර්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ටොම් කොලර් පන්දු 12 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 27 ක්ද, ආරම්භක පිතිකරු ඬේවිඞ් මැලන් පන්දු 8 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 19 ක් රැස්කළහ. සීක්කුගේ ප්‍රසන්න පන්දු 11 කදී හයේ පහරක් සමග ලකුණු 11 ක් ලබා සිටියදි රවී රාම්පෝල්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් දැවී ගියේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි බුල්ස් කණ්ඩායම ඕවර 10 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 98 ක් ලබාගත් අතර එහිදී වේගවත් පිතිහරඹයක නිතර වූ මොහොමඞ් නබී පන්දු 21 කදී ලකුණු 48 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි.

දිල්ලි කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කළ ඇන්ජලෝ මැතිව්ස් හතරේ පහරක් සමග ලකුණු 5 ක්ද, කුසල් පෙරේරා හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 14 ක්ද බැගින් ලබා සිටියදී මුජිබුර් රහමන්ගේ පන්දු හමුවේ දැවී ගියහ.

මොහොමඞ් නබීගේ කඩුල්ල බිඳ දැමූ ළහිරු කුමාර, ඉන් නොනැවතී ඛැරී පේරිගේ (0) කඩුල්ලද බිඳ දමමින් දක්ෂ පන්දු යැවීමක නිතර වූ අතර වහීඞ් අහමඞ් (1) දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට දක්ෂ පන්දු රැකීමක නිතර වූ සීක්කුගේ ප්‍රසන්න සමත් විය.


දිල්ලි බුල්ස් පිල - ඕවර 10 කදී කඩුලු 8 ක් දැවී 98  
(කුසල් පෙරේරා 14, මොහොමඞ් නබී 48, මුජිබුර් රහමන් 09/2, ජෝජ් ගාටන් 09/2, ළහිරු කුමාර 26/2)

කොලෑන්ඩර්ස් පිල - ඕවර 10 කදී කඩුලු 7 ක් දැවී 104
(ඬේවිඞ් මැලන් 19, ටොම් කෝලර් 27, ජෝඩාන් ක්ලාර්ක් නොදැවී 13, සාහීර් ඛාන් 08/2, වහීඞ් අහමඞ් 18/2)

-036

 


අදහස් (0)

කොලෑන්ඩර්ස් පිල කඩුලු 3ක ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.