Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොල්කටා පිලේ 4 කට කොරෝනා

කොල්කටා පිලේ 4 කට කොරෝනා

editorial - 2021 මැයි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ වේග පන්දු යවන්න ක්‍රීඩක ප්‍රසිද් ක්‍රිෂ්ණාට කොරෝනා වයිරසය ආසාදනයවී ඇති බව තහවුරුවී තිබේ. තරගාවලිය අතරතුරදී කොල්කටා පිලේ වරුන් චක්‍රවර්ති සහ සන්දීප් වොරියර්ට කොරෝනා වයිරසය ආසාදනයවී ඇති බව තහවුරුවූ අතර නවසීලන්ත ක්‍රීඩක ටිම් සේෆර්ට්ටද කොරෝනා වයිරසය ආසාදනයවී ඇති බව අද (8 වැනිදා) උදෑසන නිවේදනය කෙරිණ.

ඒ අනුව කොල්කටා පිලේ ක්‍රීඩකයන් අතුරින් කොරෝනා වයිරසය අසාදනය වූ සිව්වැන්නා ටිම් සේෆර්ට්ය.

කෙසේ වෙතත්, ප්‍රසිද් ක්‍රිෂ්ණා අයි.පී.එල් ජෛව ආරක්ෂිත බුබුල තුළ රැදී සිටියදී සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලදී ඔහුට වයිරසය ආසාදනය වී ඇති බව හදුනා ගෙන නොතිබූ අතර, නිවස කරා පිටත් යාමේ දී වයිරසය ආසාදනය වී ඇති බවට හදුනා ගෙන ඇත.
ක්‍රිෂ්ණා මැයි 5 වන දින අහමදාබාද් සිට බැංගලෝර් දක්වා වාණිජ ගුවන් යානයකින් ගමන් කර ඇත. අසනීප තත්ත්වයක් දැනීමෙන් පසු මැයි 6 වන දින පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කර ඇති අතර එහිදී ඔහුට කොරෝනා වයිරසය ආසාදනයවී ඇති බව තහවුරු විය.

එංගලන්තයේදී පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතා තරඟාවලියේ අවසන් මහා තරගය සඳහා නම් කළ සංචිතයේ අතිරේක ක්‍රීඩක ලැයිස්තුවටද ප්‍රසිද් ක්‍රිෂ්ණා ඇතුළත් ව සිටී.

මේ වනවිට 25 හැවිරිදි ක්‍රිෂ්ණා මේ වසර මුලදී පූනේහිදී එංගලන්තයට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී එක්දින වරම් දිනාගත් අතර තරග තුනකදී කඩුලු 6 ක් දවා ගැනීමට ඔහු සමත්විය.

අයි.පී.එල් තරගාවලියට එක් වූ නවසීලන්ත ක්‍රීඩකයින්, සහාය කාර්යය මණ්ඩල සාමාජිකයින් සහ විස්තර විචාරකයින් විශේෂ ගුවන් යානාවකින් ඊයේ (7 වැනිදා) නවසීලන්තයට රැගෙන යාමට නියමිතව තිබුණි. නමුත් නවසීලන්තය බලා පිටත්ව යෑමට පෙර සිදුකරන ලද පී.සි.ආර්. පරීක්‍ෂණයක් ධනාත්මක වීම හේතුවෙන් ටිම් සේෆර්ට් නැවත නවසීලන්තයට පියාසර කිරීමට නොහැකි විය.

අහ්මදාබාද්හී දී හුදකලා කිරීමකට ලක් කර සිටි ටිම් සේෆර්ට් වැඩිදුර ප්‍රතිකාර සදහා චෙන්නායිහි පෞද්ගලික රෝහලක් වෙත යොමු කිරීමට නියමිතව තිබුණි.


- 2079

 


අදහස් (0)

කොල්කටා පිලේ 4 කට කොරෝනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.