Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොදෙව්වෝ ලකුණු 47 කින් ජය ලබති

කොදෙව්වෝ ලකුණු 47 කින් ජය ලබති

editorial - 2019 නොවැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ඇෆ්ඝනිස්තානයට එරෙහිව ලක්නව්හිදී පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 47 ක ජයක් අත්කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ (10 වැනිදා) සමත් විය. එම ජයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස ජයගැනීමට කොදෙව්වෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 248 ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ගනිස්තාන කණ්ඩායමට ඕවර 45.4 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 200 ක් පමණි. කොදෙව් කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ෂෙල්ඩන් කොට්‍රල්, රොස්ටන් චේස් සහ හේඞ්න් වෝල්ෂ් කඩුලු 3 බැගින් දවාගනිමින් ඇෆ්ගනිස්තාන ඉනිම සුනුවිසුණු කර දැමූහ.

ඇෆ්ගනිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ නජිබුල්ලා සද්රාන් පන්දු 66 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 56 ක් රැස්කළ අතර රාමට් ෂා පන්දු 54 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 33 ක්ද, මොහොමඞ් නබී පන්දු 38 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 32 ක්ද රැස්කිරීමට සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 247 ක් ලබා ගත්තේය. එහිදී වේගවත් පිතිහරඹයක නිතර වූ නිකලස් පූරන් පන්දු 50 කදී ලකුණු 67 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් සමගිනි. පන්දු 43 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 34 ක් රැස්කළ ශිම්රන් හැට්මෙයර්, කොදෙව් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවීම සඳහා පූරන්ට අනගි සහයක් ලබා දුන්නේය.  

ආරම්භක පිතිකරු යුගලය වූ ශායි හෝප් (43) සහ එවින් ලුවිස් (54) පන්දු 148 කදී ලකුණු 98 ක සම්බන්ධතාවක් ගොඩනගමින් කොදෙව් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. පන්දු 77 කදී වාර්තා වූ හෝප්ගේ ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර පන්දු 75 කදී වාර්තා වූ ලුවිස්ගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 6 කින්ද සමන්විත විය.

බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 50 කඩුලු 9 ක් දැවී 247
(ශායි හෝප් 43, එවින් ලුවිස් 54, ශිම්රන් හැට්මෙයර් 34, නිකලස් පූරන් 67, නවීන් උල්හක් 60/3)

ඇෆ්ඝනිස්තාන පිල - ඕවර 45.4 සියලු දෙනා දැවී 200
(හස්රතුල්ලා සසායි 23, රාමට් ෂා 33, ඉක්‍රම් අලි ඛිල් 19, නජිබුල්ලා සද්රාන් 56, මොහොමඞ් නබී 32, ෂෙල්ඩන් කොට්‍රල් 29/3, රොස්ටන් චේස් 30/3, හේඞ්න් වෝල්ෂ් 36/3)

-036


අදහස් (0)

කොදෙව්වෝ ලකුණු 47 කින් ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.