Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොදෙව්වෝ පළමු තරගය දිනති

කොදෙව්වෝ පළමු තරගය දිනති

editorial - 2019 මැයි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

  

කොදෙව් වේග පන්දු යවන්නන්ගේ අති විශිෂ්ට පන්දු යැවීම නිසා ලෝක කුසලාන තරගාවලියේදී මුහුණ දුන් පළමු තරගයේදීම කඩුලු කඩුලු 7 ක අති විශිෂ්ට ජයක් ලබාගත්තේය. ලකුණු 105 ක පහසු ඉලක්කයක් කරා ගිය කොදෙව් පිල පන්දු 218 ක් ඉතිරිව තිබියදී ජයටැඹ පසුකර ගියේය

නොටිංහැම්හිදී අද (31) පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානු පිල ඕවර 21.4 කදී ලකුණු 105 කට සීමාවිය.

පන්දු 34 කට මුහුණ දුන් ක්‍රිස් ගේල් හතරේ පහර 6 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 50 ක් ලබාගත්තේය. ඔහු දැවී ගිය නමුත් පිටියෙන් ඉවත් වන විට කොන්දේ අමාරුවක් හේතුවෙන් ඉතා අසීරුවෙන් සිටියේය.

කොදෙව් වේග පන්දු යවන්නන් පාකිස්තානු පිතිකරුවන්ගේ පිට ඉන්න ආක්‍රමණය කිරීමේ සැළැස්මක් ක්‍රියාත්මක කළ අතර එය ප්‍රතිඵල ගෙන දෙමින් පළමු කඩුලු පහෙන් හතරකම උඩ පන්දු කඩුලු රකින ෂායි හෝප් අතට පත්විය.

වේග පන්දු යවන්නන් වන ඔෂේන් තෝමස් (27/4) නායක ජේසන් හෝල්ඩර් (42/3) සහ ඔන්ඩි්‍ර රසල් (4/2) පාකිස්තානු ඉනිමේ විනාශකරුවෝ බවට පත්වෙමින් කඩුලු නවයක් බෙදාගත්හ.

පාකිස්තානු පිලේ පස්වැනි කඩුල්ලේ සිට හත්වැනි කඩුල්ල දක්වා ලකුණු තුනක් තුළ බිඳ වැටීමෙන් ලකුණු 78 කට කඩුලු හතක් බවට පත්ව කොදෙව් පිල තරගයේ සම්පූර්ණ පාලනයට නතුකරගත්තේය.

බොහෝ අසීරු අවස්ථාවලදී අන්තයක් ආරක්‍ෂා කරගනිමින් පන්දුවට පහර දෙන නායක සෆ්රාස් අහ්මඞ් ලකුණු අටකට දැවී යෑමත් සමඟ පාකිස්තානු පිල අමාරුවේ වැටුණි.

ඉදිරි පෙළ පිතිකරුවන් වන ෆකාර් ෂමාන් (22), බාබර් අසාම් (22) සහ හැරිස් සොහෙල් (08) විශාල සම්බන්ධතා ගොඩනැගීමට අපොහොසත් වීමෙන් 14 වැනි ඕවරයේ පළමු පන්දුවේදී ලකුණු 62 කට කඩුලු හතරක් බවට පත්විය.  

ඉමාම් උල් හක් ලකුණු දෙකක් ලබා පළමු කඩුල්ල ලෙස දැවී යෑමෙන් පාකිස්තානු ආරම්භය අසාර්ථක විය.

කොදෙව් පිලේ නායක ජේසන් හෝල්ඩර් කාසියේ වාසිය ලබා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

- 048


අදහස් (0)

කොදෙව්වෝ පළමු තරගය දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.