Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොදෙව්වෝ 1-1 කින් තරගාවලිය සම කරති

කොදෙව්වෝ 1-1 කින් තරගාවලිය සම කරති

editorial - 2019 දෙසැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය කණ්ඩායමට එරෙහිව තිරුවනාන්තපුරම්හි ග්‍රීන් ෆීල්ඩ් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 8 ක ජයක් ලැබූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම  දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය 1-1 ක් ලෙස සම තත්වයට පත්කළේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 171 ක ඉලක්කයක් හඹාගිය කොදෙව් ක්‍රීඩකයෝ කඩුලු 2 ක් පමණක් දැවී ලකුණු එම ඉලක්කය පසුකර ගිය අතර වේගවත් පිතිහරඹයක නිතර වූ ආරම්භක පිතිකරු ලෙන්ඞ්ල් සිමන්ස්, පන්දු 45 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 67 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

එවින් ලුවිස් (40) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 59 කදී ලකුණු 73 ක සම්බන්ධතාවක් ගොඩනැගූ සිමන්ස්, ඉන් නොනැවතී නිකලස් පූරන් (නොදැවී 38) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු ලකුණු 29 කදී ලකුණු 61 ක නොබිඳුණ සම්බන්ධතාවක්ද ගොඩනගමින් කොදෙව් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

පන්දු 35 කදී වාර්තා වූ ලුවිස්ගේ අර්ධ ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් වූ අතර පන්දු 18 කදී වාර්තා වූ පූරන්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය. ශිම්රන් හැට්මෙයර් පන්දු 14 කදී ලකුණු 23 ක් රැස්කළේ හයේ පහර 3 ක් සමගිනි.  

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 170 ක් රැස්කළ අතර ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ලබාදුන් ශිවම් ඩූබේ පන්දු 30 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 54 ක් රැස්කළේය.

ඉන්දීය ඉනිම නිමාවට පත්වන තෙක්ම කඩුල්ලේ රැදී සිටි රිෂාබ් පාන්ට් පන්දු 22 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 33 ක් රැස්කළ අතර පළමු තරගයේ වීරයා බවට පත්වූ  නායක විරාට් කෝලි ලකුණු 19 ක් ලබා සිටියදී කෙස්රික් විලියම්ස්ගේ පන්දුවක් හමුවේ ලෙන්ඞ්ල් සිමන්ස් අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය.

ඉන්දීය පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 17

(රෝහිත් ශර්මා 15, ශිවම් ඩූබේ 54, විරාට් කෝලි 19, රිෂාබ් පාන්ට් නොදැවී 33, හේඞ්න් වොල්ෂ් 28/2, කෙස්රික් විලියම්ස් 30/2)

කොදෙව් පිල - ඕවර 18.3 කදී කඩුලු 2 කට 173  
(ලෙන්ඞ්ල් සිමන්ස් නොදැවී 67, එවින් ලුවිස් 40, ශිම්රන් හැට්මෙයර් 23, නිකලස් පූරන් නොදැවී 38)

-036


අදහස් (0)

කොදෙව්වෝ 1-1 කින් තරගාවලිය සම කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.