Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොදෙව් එක්දින - විස්සයි20 නායකත්වය පොලාඩ්ට

කොදෙව් එක්දින - විස්සයි20 නායකත්වය පොලාඩ්ට

editorial - 2019 සැප් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්දින සහ විස්සයි20 කණ්ඩායම් දෙකෙහි නායකත්වයට තුන් ඉරියව් ක්‍රීඩක කිරන් පොලාඞ් නම් කිරීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ඒ අනුව ජේසන් හෝල්ඩර්ට එක්දින කණ්ඩායමේ නායකත්වයත්, කාලෝස් බ්‍රැත්වේට්ට විස්සයි20 කණ්ඩායමේ නායකත්වයත් අහිමිව යනු ඇත.

32 හැවිරිදි වියේ පසුවන පොලාඞ් ඉන්දියාවට එරෙහිව පැවැති විස්සයි20 සංචිතයට කැදවා තිබූ අතර 2016 වසරෙන් පසුව ඔහු එක්දින ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩාකර නැත.

කෙසේ වෙතත් ජේසන් හෝල්ඩර්ගේ නායකත්වය යටතේ එක්දින ලෝක කුසලාන තරගාවලියේදී තරග 2 ක් පමණක් ජයගත් කොදෙව් කණ්ඩායමට හිමිවූයේ 9 වැනි ස්ථානයයි. කොදෙව් කණ්ඩායම නැවත ගොඩනැගීමේ අරමුණින් මෙම ආකෘති දෙකෙහි නායකත්වයේ වෙනසක් සිදුකිරීමට ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

එක්දින තරග 101 කදී ලකුණු 2289 ක් සහ කඩුලු 50 ක් දවාගෙන ඇති කිරන් පොලාඞ් විස්සයි20 තරග 62 කදී ලකුණු 903 ක් සහ කඩුලු 23 ක් දවාගෙන ඇත.

ඇෆ්ඝනිස්තානයට එරෙහිව එක්දින තරග 3 ක් සහ විස්සයි 20 තරග 3 ක් සඳහා නොවැම්බර් මස ඉන්දියාවේ තරග සංචාරයකට යෑම පොලාඞ්ගේ නායකත්වය යටතේ පළමු සංචාරය වන්නේය

 

...


අදහස් (0)

කොදෙව් එක්දින - විස්සයි20 නායකත්වය පොලාඩ්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.