Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කාලය මැව් වෙනසක අරුමේ

කාලය මැව් වෙනසක අරුමේ

editorial - 2019 දෙසැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානයට බලපෑ වසර 10 ක ටෙස්ට් තරග අහේනිය නිමා කරමින් ටෙස්ට් තරගාවලියකට සහභාගි වීම සඳහා පාකිස්තානයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ නිලධාරීහු ඊයේ (11 වැනිදා) පාකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් මහතා හමුවූහ. ඉම්රාන් ඛාන් මහතාත් ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ සිටි රුමේෂ් රත්නායක සහ අසන්ත ද මැල් යන මහත්වරුන් දෙදෙනාත් වසර වසර 33 කට ඉහතදී පැවැති ටෙස්ට් තරගයක දෙපිලේ ක්‍රීඩා කළහ.

1986 දී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේදී පැවැති ටෙස්ට් තරගයේදී පාකිස්තානු පිලේ නායකත්වය දැරූ ඉම්රාන් ඛාන් මහතා ඉනිම දෙකේදීම ලකුණු 49 කට කඩුලු 5 ක් දවාගත්තේ පාකිස්තානු කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 20 ක ජයක් අත්කර දෙමිනි. අසන්ත ද මැල් (50/3) සහ රුමේෂ් රත්නායක (57/3) එම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වේග පන්දු යැවීමේ වගකීම බාරගෙන සිටියහ.

කෙසේ වෙතත් කොළඹ සී. සී. සී. පිටියේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම 1986 ශ්‍රී ලංකා - පාකිස්තානු තරගාවලිය 1-1 ක් ලෙසින් සම කළහ. ඉන් අනතුරුව බොරැල්ල පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති තුන්වැනි ටෙස්ට් තරගයේදී සිය මංගල ටෙස්ට් ශතකය (122) වාර්තා කළ රමීස් රාජා මේ වන විට ජනප්‍රිය රූපවාහිනී විස්තර විචාරයකු ලෙසින් කටයුතු කරමින් සිටී.

..


අදහස් (0)

කාලය මැව් වෙනසක අරුමේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.