Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කාන්තා ක්‍රිකට් රිදී පදක්කම ශ්‍රී ලංකාවට

කාන්තා ක්‍රිකට් රිදී පදක්කම ශ්‍රී ලංකාවට

editorial - 2019 දෙසැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල යටතේ පැවැත්වෙන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (08) පැවැති අවසන් මහ තරගයේදී බංග්ලාදේශ කාන්තා කණ්ඩායම හමුවේ ලකුණු 2 ක තියුණු පරාජයක් ලැබීම නිසා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට රිදී පදක්කමෙන් සෑහීමකට පත්වීමට සිදුවූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 92 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 89 ක් පමණි. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූ නායිකා හර්ෂිතා මාධවී පන්දු 33 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 32 ක් රැස්කළ නමුත් ඇයට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය.

සෙසු පිතිකාරිණියන් එකා පිට එකා දැවී යද්දී එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් ලිහිණි අප්සරා පන්දු 28 කදී ලකුණු 25 ක් රැස්කළේ හතරේ පහර 2 ක්ද සමගිනි. අවසන් ඕවරයේ සිවුවැනි පන්දුවේදී ඇය දුවද්දී දැවී යෑමකට හසුනොවන්න තරගයේ ප්‍රතිඵලට මීට හාත්පසින්ම වෙනස්වීමට ඉඩ තිබිණ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 91 ක් ලබාගත් අතර එහිදී තරමක් ආරක්ෂාකාරී පිතිහරඹයක නිතර වූ නිගාර් සුල්තානා පන්දු 38 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 29 ක් රැස්කිරීමට සමත් වූවාය.

දක්ෂ පන්දු යැවීමක නිතර වූ උමේෂා තමාෂිණී ලකුණු 8 කට කඩුලු 4 ක් බිඳදැමූ අතර බංග්ලාදේශ කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා ඇයට අනගි සහායක් දුන් සත්‍යා සංදීපනී, තාරිකා සෙව්වන්දි, කවීෂා දිල්හාරි සහ මල්ෂා රණතුංග එක් කඩුල්ල බැගින් දවාගත්හ.


බංග්ලාදේශ කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 91
(මුර්ෂිදා කාතූන් 14, සංජිදා ඉස්ලාම් 15, නිගාර් සුල්තානා නොදැවී 29, ෆාතිමා කාතූන් 15, උමේෂා තමාෂිණී 08/4)
 
ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 89  
(හර්ෂිතා මාධවී 32, ලිහිණි අප්සරා 25, නයිඩා අක්තර් 09/2)

-036

 


අදහස් (0)

කාන්තා ක්‍රිකට් රිදී පදක්කම ශ්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.