Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ක්‍රිකට් පටන්ගන්නේ බලාගෙනයි

ක්‍රිකට් පටන්ගන්නේ බලාගෙනයි

editorial - 2020 මැයි මස 25 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා බොහෝ රටවල් තවමත් අරගල කරමින් සිටින බැවින් කොරෝනා වයිරසයේ දේශීය සම්ප්‍රේෂණය වේගවත් වේද යන්න සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් යුතුව ක්‍රිකට් ක්‍රියාකාරකම් නැවත ආරම්භ කරන ලෙස අන්තර්ජාතික ක්‍රිකට් සභාව සිය සාමාජික රටවලට උපදෙස් දී තිබේ. වසංගතය පාලනය කිරීම සඳහා සාමාජික රටවල් විසින් පනවා ඇති සීමාවන් මේ වන විට ලිහිල් කරමින් පවතින බැවින් ක්‍රීඩාව නැවතත් සුපුරුදු මාවතට ගෙන ඒමට පුළුල් මාර්ගෝපදේශ මාලාවක් අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පසුගිය සිකුරාදා නිකුත් කරන ලදි.

ඒ ඉහළම ආරක්ෂිත නියමයන් නිර්දේශ කරමිනි.

“ආරක්ෂාව පළමුවෙන්” යන්න අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නැවත ක්‍රිකට් ආරම්භකිරීමේ මාර්ගෝපදේශ වල මූලික නිර්දේශයක් වන අතර සෑම අවස්ථාවකදීම අදාළ රටේ රාජ්‍ය මැදිහත්වීම අත්‍යවශ්‍ය වේ.

“ක්‍රිකට් ක්‍රියාකාරකම් නැවත ආරම්භ කළ යුත්තේ, එසේ කිරීමෙන් කොරෝනා වයිරසයේ දේශීය සම්ප්‍රේෂණ වේගය ඉහළ යාම හෝ නොයාම පිළිබඳව පැහැදිළි අවබෝධයක් හෝ දැනුමක් ඇත්නම් පමණයි” යනුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව සිය මාර්ගෝපදේශ මාලාවේ සඳහන් කර තිබේ.

එංගලන්තය වඩාත්ම බලපෑමට ලක්වූ රටක් ලෙස පැවතුනද, ඉන්දියාව සහ පාකිස්තානය වැනි ප්‍රධාන ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල මෑත සතිවල දී කොරෝනා වෛරසය සෑදුණු අවස්ථා ගණන ඉහළ ගොස් තිබේ.

“ක්‍රීඩා පිටිය, පුහුණු ස්ථානය, විවේකාගාරය, උපකරණ, කළමනාකරණය, ඕනෑම පුහුණු සැසියකට හෝ තරඟයකට පෙර ක්‍රිකට් හා සම්බන්ධ පරිසරයේ අවදානම් අවම කර ගැනීමට සෑම උත්සාහයක්ම ගත යුතුය” යනුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ලෝක පාලක මණ්ඩලය අවධාරණය කරයි.
චීන නගරයක් වන හුබෙයි පළාතේ වුහාන් නගරයෙන් කොරෝනා වයිරසයේ පැතිරීම මුලින්ම ආරම්භ වූ අතර වසංගතය හේතුවෙන් ලෝකයේ සෑම අස්සක මුල්ලකම පැවැති සියලුම ක්‍රීඩා මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවද පසුගිය මාර්තු මැද භාගයේදී එකතැන නතර කෙරිණ.

නව කොරෝනා වයිරසය ලොව පුරා සිය ආධිපත්‍යය පතුරුවා හැරීමත් සමඟ ඉන්දියානු ප්‍රිමියර් ලීග් සහ ද්විපාර්ශ්වික තරගමාලා ඇතුළු විශාල මූල්‍ය ආදායම් හිමිවන තරගාවලි දින නියමයක් නොමැතිව කල් දමක ලදි.  එම තරගමාලා කල්දැමීමෙන් සිදුවන මූල්‍ය පාඩුව අවම කරගැනීම සඳහා ඇති එකම විකල්පය මෙම තරගාවලි හැකි ඉක්මනින් ආරම්භ කිරීමයි.

ක්‍රිකට් යනු ස්පර්ශ නොවන ක්‍රීඩාවක් වුවද, පෙර නොවූ විරූ ලෙස සෞඛ්‍ය අර්බුදයක් ඇතිවීමේ අවදානම සැලකිල්ලට ගනිමින් අන්තර්ජාතික ක්‍රිකට් සභාව ඉතා ප්‍රවේශම් සහගත මාවතක ගමන් කරයි. එබැවින් “අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සාමාජිකයින් ක්‍රීඩා කටයුතු නැවත ආරම්භ කිරීමේදී අදාළ රටේ රජය විසින් ලබා දෙන උපදෙස් අනුව මෙහෙයවිය යුතුය.

“ක්‍රීඩා කටයුතු රජයන් විසින් පැහැදිලිවම තහනම් කර ඇති විට, ඒ සඳහා අනුමැතිය රජයෙන් ලබා ගන්නා තෙක් ක්‍රිකට් ක්‍රියාකාරකම් ආරම්භ නොකළ යුතුය”

“සංචරණය සීමා කිරීම් (දේශීය හා ජාත්‍යන්තර) සහ නිරෝධායන අවශ්‍යතා” සම්බන්ධයෙන් ද රජයේ උපදෙස් ලබා ගත යුතුය. යයි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මාර්ගෝපදේශනයේ පැහැදිළිවම සටහන් වේ.

ඉදිරියේදී මුහුණ දීමට සිදුවන්නේ බෙහෙවින් වෙනස් ලෝකයකට වන ඇති අතර ඒ පිළිබඳව යාවත්කාලීන කරන ලද ආරක්ෂණ නියමයන් පිළිබඳව ක්‍රීඩකයින් මෙන්ම අනෙකුත් සියලුම පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ අවශ්‍යතාව ද අන්තර්ජාතික ක්‍රිකට් සභාව ඉල්ලා තිබේ.

සාමාන්‍ය සනීපාරක්ෂක පිළිවෙත් වන සබන් භාවිතයෙන් අත් සේදීම සහ ඇල්කොහොල් මත පදනම් වූ අත් සේදීමකින් ලැබෙන සනීපාරක්ෂාව, ඔබේ ඇස්, නාසය සහ මුඛය ස්පර්ශ කිරීමෙන් වැළකී සිටීම සහ ඔබේ නැමුණු වැලමිටට කිවිසුම් යැවීම ආදී සනීපාරක්ෂක පියවරවල් අධ්‍යාපනයට ඇතුළත් විය යුතුය. බීම බෝතල් හා තුවා බෙදා නොගැනීම මෙන්ම පන්දුව ආරක්ෂිතව කළමනාකරණය කිරීම වැනි ක්‍රිකට් ක්‍රීඩාවට විශේෂිත වූ සනීපාරක්ෂාවද එහි ඇතුළත් වෙයි.

“උපකරණ බෙදා ගැනීම අතීතයේ දෙයක් බවට පත්වනු ඇත” යන්න එහි මූලිකාංගයකි.

සුදුසු පිරිසිදු කිරීමේ නියමයන් අනුගමනය නොකරන්නේ නම් හැකි සෑම අවස්ථාවකදීම ක්‍රිකට් උපකරණ වෙනත් කිසිවෙකු සමඟ බෙදා නොගත යුතුය.

විවේකාගාර, නාන කාමර පහසුකම් සහ වෙනත් පොදු ප්‍රදේශවල භාවිතය අවම කිරීමට ක්‍රීඩකයින්ට උපදෙස් දිය යුතු බවත් හැකි සෑම අවස්ථාවකදීම තරඟ සහ පුහුණු ස්ථානවලදී වෙනුවට නිවසේදී ස්නානය කිරීමට හා ඇඳුම් මාරුකිරීමට ක්‍රීඩකයින් දිරිමත් කළ යුතු බවත් එම මාර්ගෝපදේශ මාලාවේ සටහන් වේ.

“පුද්ගලයන්ට තම ජීවිතයේ සාමාන්‍ය ස්භාවය පිළිබඳ හැඟීමක් ලබා ගැනීමට සහාය වීම ඒ සමඟ වැදගත් ශාරීරික හා මානසික සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා දීමත්” සඳහා ක්‍රිකට් ක්‍රීඩාව දායක විය යුතු බව ද එහි සඳහන් වේ.

 

 - 2079


අදහස් (1)

ක්‍රිකට් පටන්ගන්නේ බලාගෙනයි
  • Janath Tuesday, 26 May 2020 01:23 AM

    "ක්‍රිකට් යනු ස්පර්ශ නොවන ක්‍රීඩාවක් වුවද, පෙර නොවූ විරූ ලෙස සෞඛ්‍ය අර්බුදයක් ඇතිවීමේ අවදානම සැලකිල්ලට ගනිමින් අන්තර්ජාතික ක්‍රිකට් සභාව ඉතා ප්‍රවේශම් සහගත මාවතක ගමන් කරයි." මම මීට එකඟ නැහැ. පන්දුව සියලු රකින්නන්ට පාස්කරන හින්දා එහි අවදානමක් තියෙනවා. ඔවුන් පන්දු යවන කොට ඛේටය තැවරීමත් සුදුසු නැහැ...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.