Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ ජ්‍යෙෂ්ඨතම ක්‍රිකට් පුහුණුකරුවා වන නෙල්සන් මෙන්ඩිස් මහතා වසර 60 ක කාලයක් පුහුණුකරුවකු වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට කළ මෙහෙය අගයමින් කොළඹ ආදී නාලන්දීයයෝ උපහාර උත්සවයක් පැවැත්වූහ.
මෙන්ඩිස් මහතාගේ 82 වැනි උපන්දිනය දා නාලන්දා විදුහල් මලලසේකර ශාලාවේදී මෙම උපහාර උත්සවය පැවැත්විණ. ආදි නාලන්දියන් වන අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ හිටපු තරග තීරකයකු මෙන්ම ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු ආරම්භක පිතිකරු රොෂාන් මහානාම, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ඉහළතම විනිසුරු මඩුල්ලේ සාමාජිකයකු මෙන්ම 1996 ලෝක ශූර ශ්‍රී ලංකා පිලේ සාමාජික කුමාර ධර්මසේන යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
රොෂාන් මහානාම මහතා සිය ක්‍රිකට් ගුරුවරයා පිළිගත් අවස්ථාව..
නෙල්සන් මෙන්ඩිස් මහතා පොල්තෙල් පහන දල්වමින්.. නෙල්සන් මෙන්ඩිස් මහතාගේ බිරිඳ විශාඛා මෙන්ඩිස් මහත්මිය ද පසු පසින් සිටින්නීය.
කුමාර ධර්මසේන මහතා සිය ක්‍රිකට් ගුරුවරයාට සමරු තිළිණයක් ප්‍රදානය කරමින්..
(ඡායාරූප: ගයාන් අමරසේකර)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.