Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන්ට පසුගිය ඉරිදා (11 වැනිදා) කොරෝනා මර්දන එන්නත දීමට නියමිතව තිබූ නමුත් හදිසියේම එය නතර කර තිබේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කළ විමසීමකදී එහි උසස් නිලධාරියෙක් කියා සිටියේ ශ්‍රී ලාංකිකයන්ට දැනට එන්නත් කරනු ලබන ‘ඇස්ට්‍රාසෙනාකා’ එන්නත ක්‍රීඩකයන්ට දීම සම්බන්ධයෙන් වෛද්‍ය විශේෂඥයන් අනුමත නොකරන බවයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ තරුණ ක්‍රීඩකයන් වැඩි පිරිසක් සිටින බැවින්, යම් හෙයකින් ඔවුනට කිසියම් අපහසුතාවක් ඇතිවුවහොත් එය ටෙස්ට් තරගාවලියටද බලපෑමක් ඇතිකළ හැකි බවද එම නිලධාරියා පැවසීය. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට සූදානම් වන බැවින් මේ හදිසියේ ක්‍රීඩකයන් එන්නත් කිරීම කළ නොහැකි බවද හෙතෙම පැවසීය.
“මටත් ඔය එන්නත ගහලා සුමාන දෙකක් විතර බොහොම අමාරුවෙන් හිටියේ.. ඒ හින්දා මේ වෙලාවේ ක්‍රීඩකයන්ට එන්නත විදින එක අවදානම්” යයිද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
කොරෝනා මර්ධන එන්නත විදීමෙන් පසුව ඇතැම් දෙනාට විවිධ රෝග ලක්‍ෂණ පහළ වන බැවින් මෙම අවස්ථාවේදී ක්‍රීඩකයන්ට එන්නත දුනහොත් ලබන 15 වැනිදා ඔවුන් නුවර බලා පිටත්වීමට බාධා ඇතිවිය හැකි යයිද එබැවින් එන්නත දීම තාවකාලිකව කල්දමා ඇති බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තවත් නිලධාරියෙක් පැවසීය.
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 15 වැනිදා (බ්‍රහස්පතින්දා) පල්ලෙකැළේ බලා පිටත්ව යන අතර 16 වැනිදා පුහුණුවීම් ආරම්භ කෙරේ. තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය මේ මස 21 වැනිදා ආරම්භ වීමට නියමිතය.
ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට දින දෙක තුනක් තිබියදීත් ක්‍රීඩකයන්ට කොරෝනා මර්දන එන්නත දීමට සූදානම් විය. එහෙත් කොළඹ සිට ඇන්ටිගුවා බලා යන ගමනේදී දෝහා සහ නිව්යෝක් යන නගර වලදී ක්‍රීඩකයන්ට වෙනත් ගුවන් යානාවලට මාරු වීමට සිදුවිය. එබැවින් එම අවස්ථාවේදී එන්නත දීම අවදානම් විය හැකි බව එම අවස්ථාවේදී වෛද්‍ය උපදේශය විය.
මෙම එන්නත දීමෙන් පසුව යම් හෙයකින් ක්‍රීඩකයන්ට උණ ගතියක් තිබුණහොත් ක්‍රීඩකයන්ට එම නගර වලදී අනෙක් ගුවන් යානයට නැඟීමට අවසර නොලැබිය හැකි බැවින් එම අවස්ථාවේදී එන්නත දීම තාවකාලිකව කල්දමන ලදි.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.