Last Update  :  2024-03-29 20:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඕස්ට්‍රේලියාවට ලකුණු 267 ක ඉලක්කයක්

ඕස්ට්‍රේලියාවට ලකුණු 267 ක ඉලක්කයක්

editorial - 2019 අගෝ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෙස්ට් ශූරතාවලිය යටතේ එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර ලෝඞ්හිදී පස්වැනි දිනටත් (18 වැනිදා) දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සඳහා ඕස්ට්‍රේලියාවට ලකුණු 267 ක ඉලක්කයක් හිමිව ඇත. 

දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 5 ක් දැවී ලකුණු 258 ක් රැස්කරමින් ඉනිම අත්හිටුවා පන්දුවට පහරදීම සඳහා ඕස්ට්‍රේලියාවට ආරාධනා කළේය. සිවුවැනි දිනට ඊයේ (17 වැනිදා) තරගය නතර කරනවිට එංගලන්තය කඩුලු 4 ක් දැවී ලකුණු 96 ක් රැස්කර සිටියේය.

හත්වැනි ටේස්ට් ශතකය ලබාගනිමින් එංගලන්තය ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට බෙන් ස්ටෝක්ස් සමත්විය. ඉනිම අත්හිටුවන තෙක් කඩුල්ලේ රැඳී සිටි ස්ටෝක්ස් පන්දු 165 කට මුහුණදුන් අතර හයේ පහර 3 ක් සහ හතරේ පහර 11 ක් සමගින් ලකුණු 115 ක් රැස්කිරීමට සමත්විය.

පස්වැනි කඩුල්ල සඳහා ජොස් බට්ලර් සමගින් ලකුණු 90 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ බෙන් ස්ටෝක්ස් ඉන් නොනැවති හයවැනි කඩුල්ල සඳහා ජොනී බෙයාර්ස්ටෝ සමගින්ද එක්ව ලකුණු 97 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගීය.

ජොස් බට්ලර් ලකුණු 31 ක් සහ ජොනී බෙයාර්ස්ටෝ නොදැවී ලකුණු 30 ක් රැස්කරමින් බෙන් ස්ටෝක්ස්ට අනගි සහයක් ලබාදුන්හ.

පැට් කමින්ස් කඩුලු 3 ක් සහ පීටර් සිඞ්ල් කඩුලු 2 ක් දවාගැනීමට සමත්වූහ.

එංගලන්ත පළමු ඉනිම - සියලුදෙනා දැවී 258

ඕස්ට්‍රේලියානු පළමු ඉනිම - සියලුදෙනා දැවී 250

එංලන්ත දෙවැනි ඉනිම - කඩුලු 5 ක් දැවී 258
(රොරී බර්න්ස් 29, ජෝ ඩෙන්ලි 26, බෙන් ස්ටෝක්ස් නොදැවී 115, ජොස් බට්ලර් 31, ජොනී බෙයාර්ස්ටෝ නොදැවී 30, පැට් කමින්ස් 35/3, පීටර් සිඞ්ල් 54/2)


අදහස් (0)

ඕස්ට්‍රේලියාවට ලකුණු 267 ක ඉලක්කයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.