Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඔන්ඩ්‍රි රසල්ගේ ප්‍රහාරාත්මක පිතිහරඹය හේතුවෙන් ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහිව පැවැති ලන්කන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිවුවැනි තරගයෙන් ලකුණු 34 ක තියුණු ජයක් වාර්තා කිරීමට කොළඹ කිංග්ස් කණ්ඩායම සමත් විය. කොළඹ කණ්ඩායම මෙම තරගාවලියේදී පිට පිටම ලැබූ දෙවැනි ජය මෙයයි.
වර්ෂාව හේතුවෙන් තරගයේ ඉනිමක් ඕවර 5 කට සීමා වූ අතර ගාල්ල කණ්ඩායමේ නායක සහීඩ් අෆ්රිඩිගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 96 ක් ලබාගත්තේය. එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ඔන්ඩ්‍රි රසල් පන්දු 19 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 9 ක් සමග නොදැවී ලකුණු 65 ක් රැස්කරමින් තරගයේ වීරයා බවට පත්විය.
රසල් සමග කොළඹ ඉනිම ආරම්භ කළ තික්ෂිල ද සිල්වා, මුහුණදුන් පළමු පන්දුවේදීම ලකුණු නොළබා දැවී ගියද ලෝරි එවන්ස් (නොදැවී 21) සමග එක්වූ රසල්, දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 23 කදී ලකුණු 65 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් කොළඹ කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය. පන්දු 10 කදී වාර්තා වූ එවන්ස්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහරකින් සමන්විත විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 97 ක ඉලක්කයක් හඹාගිය ගාල්ල කණ්ඩායමට ඕවර 5 අවසන් වන විට කඩුලු 2 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 62 ක් පමණි. ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක පන්දු 15 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 30 ක් රැස්කළද, ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය.
ඉසුරු උදාන සහ දුෂ්මන්ත චමීර යැවූ පළමු ඕවර දෙකේදී පිළිවෙලින් ලකුණු 19 ක් සහ 16 ක් රැස්කිරීමට ගාල්ල පිතිකරුවන් සමත් වූහ. එහෙත් ඔවුන්ගේ රිද්මය බිඳදැමූ අෂාන් ප්‍රියන්ජන් තෙවැනි ඕවරය ලකුණු 2 කට සීමා කරමින් කඩුල්ලක්ද දවාගත්තේ තරගයේ වැඩි වාසි කොළඹ කණ්ඩායමට අත්කර දෙමිනි.
කෙළඹ කිංග්ස් පිල - ඕවර 5 කදී එක් කඩුල්ලකට 96
(ඔන්ඩ්‍රි රසල් නොදැවී 65, ලෝරි එවන්ස් නොදැවී 21)
ගාල්ල ග්ලැඩියේටර්ස් පිල - ඕවර 5 කදී කඩුලු 2 කට 62
(ධනුෂ්ක ගුණතිලක නොදැවී 30, සහීඩ් අෆ්රිඩි 12)
එල්.පී.එල්. ප්‍රසාද ලකුණු සටහන
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.