Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එල්.බී.ෆිනෑන්ස් - යුනිචෙලා සම ශූරතා දිනති

එල්.බී.ෆිනෑන්ස් - යුනිචෙලා සම ශූරතා දිනති

රොෂාන් ගුණරත්න - 2019 නොවැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ‘ඒ’ කොටසේ පිළිමළුන් පිටුදැකීමේ ක්‍රිකට් තරගාවලියේ සමශූරතාව හිමිකර ගැනීමට එල්.බී.ෆිනෑන්ස් සහ මාස් යුනිචෙලා කණ්ඩායම් සමත්විය.

වෙළෙඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (23 වැනිදා) පැවැති අවසන් මහ තරගයට විටින් විට වර්ෂාවෙන් බාධා ඇතිවීම හේතුවෙන් විසඳුමකින් තොරව තරගය අවසන් විය.

කාසියේ වාසිය දිනාගත් මාස් යුනිචෙලා පිල පළමුව පන්දුවට පහරදීම සඳහා එල්.බී.ෆිනෑන්ස් පිලට ආරාධනා කළ අතර නියමිත ඕවර 37 අවසානයේදී කඩුලු 7 ක් දැවී ලකුණු 259 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ.

පෙරදින පැවැති වර්ෂාව හේතුවෙන් තරග ආරම්භය ප්‍රමාදවූ අතර තරගය ඕවර 42 කට සීමාවිය. නමුත් 34 වැනි ඕවරයේදී ක්‍රීඩාංගණයට වර්ෂාව පතිතවීම හේතුවෙන් තරගය නතර කිරීමට සිදුවීමෙන් ඕවර 5 ක් අහිමිව ගිය අතර තරගය ඕවර 37 කට සීමාකිරීමට විනිසුරුවෝ තීරණය කළහ.

අර්ධ ශතක ලබාගනිමින් එල්.බී.ෆිනෑන්ස් පිල ලකුණු 250 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සධීර සමරවික්‍රම සහ ධනංජය ද සිල්වා සමත්වූහ. පන්දු 97 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 97 ක් රැස්කිරීමට සධීර සමරවික්‍රම සමත්වූ අතර පන්දු 65 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 59 ක් රැස්කිරීමට ධනංජය ද සිල්වා සමත්විය.

වේගවත් ආරම්භයක් ලබාගත් නායක ලක්ෂාන් රොද්‍රිගූ පන්දු 19 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 45 ක් රැස්කිරීමට සමත්විය.

ලක්ෂාන් රොද්‍රිගූ සමගින් පළමු කඩුල්ල සඳහා පන්දු 31 කදී ලකුණු 62 ක් සම්බන්ධතාවයක් පැවැත්වූ සධීර සමරවික්‍රම ඉන් නොනැවතී ධනංජය ද සිල්වා සමගින් එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 106 කදි ලකුණු 101 ක තවත් සම්බන්ධතාවයක් ගොඩනැගීය.

ජයග්‍රහණය සඳහා ඕවර 37 කදී ලකුණු 260 ක ඉලක්කයක් හඹාගිය මාස් යුනිචෙලා පිලට අයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරගය නතර කරනවිට ඕවර 15 කදී කඩුලු 6 ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 109 ක් පමණි.

තරගය අවසන් කරනවිට පන්දුවට පහරදෙමින් සිටි චාමර සිල්වා ලකුණු 25 ක් රැස්කර සිටි අතර මහේල උඩවත්ත ලකුණු 22 ක් ලබාගැනීමට සමත්විය.

ශිරාන් ප්‍රනාන්දු සහ කවික දිල්ශාන් කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූහ.


එල්.බී.ෆිනෑන්ස් - ඕවර 37 කදී කඩුලු 7 ක් දැවී 259
(ලක්ෂාන් රොද්‍රිගූ 45, සධීර සමරවික්‍රම නොදැවී 97, ධනංජය ද සිල්වා 59, චරිත් අසංලක 25, ළහිරු ජයරත්න 47/2)

මාස් යුනිචෙලා - ඕවර 15 කදී කඩුලු 6 ක් දැවී 109
(මහේල උඩවත්ත 22, චාමර සිල්වා නොදැවී 25, කවික දිල්ශාන් 17/2, ශිරාන් ප්‍රනාන්දු 44/2)


අදහස් (0)

එල්.බී.ෆිනෑන්ස් - යුනිචෙලා සම ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.