Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
----------------------
රොෂාන් ගුණරත්න
----------------------
උපුල් තරංගගේ (136) විශිෂ්ට පිතිහරඹය හමුවේ අන්තර් සමාජ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට එන්.සී.සී පිල සමත්විය. සී.සී.සී. ක්‍රීඩාංගණයේදී අද (9 වැනිදා) පැවැති අවසන් පූර්ව තරගයේදී බදුරලිය පිලට එරෙහිව ලකුණු 18 ක් ජයක් හිමිකර ගැනීමට එන්.සී.සී පිලට හැකිවිය.
කාසියේ වාසිය දිනූ බදුරලිය පිල පළමුව පන්දුවට පහරදීම සඳහා එන්.සී.සී පිලට ආරාධනා කළ අතර ඕවර 50 අවසානයේදී කඩුලු 7 ක් දැවී ලකුණු 292 ක් රැස්කිරීමට එන්.සී.සී පිල සමත්විය. පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගත් උපුල් තරංග තවමත් ලකුණු රැස්කිරීමට ඇති හැකියාව පෙන්නුම් කරමින් පන්දු 139 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 12 ක් සමගින් ලකුණු 136 ක් ලබාගැනීමට සමත්විය.
කමිල් මිෂාර ලකුණු 46 ක්, චතුරංග ද සිල්වා ලකුණු 30 ක් සහ ඇන්ජලෝ පෙරේරා ලකුණු 28 ක් රැස්කරමින් එන්.සී.සී පිල ලකුණු 250 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්වූහ.
අලංකාර අසංක ලකුණු 60 කට කඩුලු 3 ක් සහ චාමිකර එදිරිසිංහ ලකුණු 56 කට කඩුලු 2 ක් දවාගැනීමට සමත්වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 293 ක ඉලක්කයක් හඹාගිය බදුරලිය පිල ඕවර 49.3 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 274 ක් පමණි. ආරම්භක පිතිකරු තිලකරත්න සම්පත් ශතකය පෙනි පෙනී චාමික කරුණාරත්නගේ පන්දුවක් හමුවේ කමිල් මිෂාර අතට උඩපන්දුවක් දෙමින් ලකුණු 98 කට දැවී ගියේය. පන්දු 97 කට මුහුණදුන් ඔහුගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 11 ක් අයත් විය.
දිල්ෂාන් ද සොයියා ලකුණු 37 ක් සහ පසුපෙළ පිතිකරු ගමිඳු කණිෂ්ක පන්දු 44 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 50 ක් රැස්කළද සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට අපොහොසත් වූහ.
ළහිරු කුමාර කඩුලු 4 ක් ද, චතුරංග ද සිල්වා සහ චාමික කරුණාරත්න කඩුලු 2 බැගින්ද දවාගනිමින් එන්.සී.සී පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.
එන්.සී.සී සහ රාගම කණ්ඩායම් අතර අවසන් මහා තරගය 11 වැනිදා එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
එන්.සී.සී - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 292
(උපුල් තරංග 136, කමිල් මිෂාර 46, ඇන්ජලෝ පෙරේරා 28, චතුරංග ද සිල්වා 30, අලංකාර අසංක 60/3, චාමිකර එදිරිසිංහ 56/2)
බදුරලිය - ඕවර 49.3 කදී සියලුදෙනා දැවී 274
(තිලකරත්න සම්පත් 98, දුනිත් ජයතුංග 21, දිල්ෂාන් ද සොයියා 37, ගමිඳු කණිෂ්ක 50, ළහිරු කුමාර 42/4, චතුරංග ද සිල්වා 44/2, චාමික කරුණාරත්න 65/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.