Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්තය තරගාවලිය සම කරයි

එංගලන්තය තරගාවලිය සම කරයි

editorial - 2020 සැප් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව මැන්චෙස්ටර්හිදී පැවැති දෙවැනි එක්දින තරගය ලකුණු 24 කින් ජයගැනීමට එංගලන්තය පසුගියදා සමත්විය. ඒ අනුව තරගාවලිය 1-1 ක් ලෙස සමකරගත් එංගලන්තය අයි.සී.සී. ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලිය යටතේ පැවැති මෙම තරගයේදී ප්‍රසාද ලකුණු 10 ක් හිමිකර ගැනීමට සමත්විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය ඕවර 50 අවසානයේදී කඩුලු 9 ක් දැවී ලකුණු 231 ක් රැස්කිරීමට සමත්විය.

ඔයින් මෝගන් ලකුණු 42 ක් සහ ජෝ රූට් ලකුණු 39 ක් රැස්කළද මුල් පෙළ සහ මැද පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හේතුවෙන් ලකුණු 149 ක් තුල එංගලන්ත කණ්ඩායමේ කඩුලු 8 ක් දැවී ගියේය.

නවවැනි කඩුල්ල සඳහා එක්වූ ටොම් කරන් සහ අදිල් රෂීඞ් පන්දු 57 කදී ලකුණු 76 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ඕස්ට්‍රේලියාවට තර්ජනයක් එල්ල කළහැකි මට්ටමකට එංගලන්තය ලකුණු පුවරුව රැගෙන යාමට සමත්වූහ. ටොම් කරන් පන්දු 39 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 37 ක් රැස්කළ අතර අදිල් රෂීඞ් පන්දු 26 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 35 ක් රැස්කිරීමට සමත්විය.

ඇඩම් සම්පා කඩුලු 3 ක් සහ මිචෙල් ස්ටාර්ක් කඩුලු 2 ක් දවාගනිමින් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 232 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියාවට ඕවර 48.4 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 207 ක් පමණි.

ඒරන් ෆින්ච් (73), මානස් ලැබුස්චේන් (48) සහ ඇලෙක්ස් කේරී (36) ලකුණු රැස්කරමින් ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා රැගෙන යාමට උත්සහ කළද සෙසු පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය සහ එංගලන්ත පන්දු යවන්නන්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ ඔවුන්ට පරාජය වැළඳ ගැනීමට සිදුවූහ.

ඒරන් ෆින්ච් පන්දු 105 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 73 ක් රැස්කළ අතර මානස් ලැබුස්චේන් පන්දු 59 කදි හතරේ පහර 3 ක් සමගින් ලකුණු 48 ක් ලබාගත්තේය. ඇලෙක්ස් කේරී පන්දු 41 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 36 ක් රැස්කිරීමට සමත්විය.

ජොෆ්රා ආචර්, ක්‍රිස් වෝක්ස් සහ සෑම් කරන් කඩුලු 3 බැගින් දවාගනිමින් එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.


එංගලන්තය - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 231
(ජේසන් රෝයි 21, ජෝ රූට් 39, ඔයින් මෝගන් 42, ක්‍රිස් වෝක්ස් 26, ටොම් කරන් 37, අදිල් රෂීඩ් නොදැවී 35, ඇඩම් සම්පා 36/3, මිචෙල් ස්ටාර්ක් 38/2)

ඕස්ට්‍රේලියාව - ඕවර 48.4 කදී සියලුදෙනා දැවී 207
(ඒරන් ෆින්ච් 73, මානස් ලැබුස්චේන් 48, ඇලෙක්ස් කේරී 36, ජොෆ්රා ආචර් 34/3, ක්‍රිස් වෝක්ස් 32/3, සෑම් කරන් 35/3)


- 2079

 


අදහස් (0)

එංගලන්තය තරගාවලිය සම කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.