Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්තය 277 ක ඉලක්කයක් හඹායයි

එංගලන්තය 277 ක ඉලක්කයක් හඹායයි

editorial - 2020 අගෝ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානය වෙනුවෙන් පළමු කඩුල්ල දවාගත් මොහොමඩ් අබ්බාස් ලකුණු 277 ක ඉලක්කයක් කරා යමින් සිටින එංගලන්ත පිලේ ආරම්භක පිතිකරු රොරි බර්න්ස් පිටියෙන් ඉවත් කළේය. එතැන් සිට ජෝ රූට් සහ ඩොම් සිබ්ලි සිය කණ්ඩායම වෙනුවෙන් ආරක්ෂාකාරී පිතිහරඹයක් කළ අතර දිවා ආහාරය සඳහා ක්‍රීඩාව නතර කරන විට එංගලන්ත කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 55 ක් ලබා සිටියේය.

එංගලන්ත ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 222 ක් අවශ්‍ය වේ.

පාකිස්තානු දෙවැනි ඉනිමේදී අවසන් පිතිකරුවන් තිදෙනා මුවා කරගත් යසීර් ෂාගේ ධෛර්වයත් පිතිහරඹය හේතුවෙන් ඕල්ඩ් ට්‍රැෆර්ඩ්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ජයගැනීමට නම් ලකුණු 277 ක් ලබාගන්නා ලෙස පාකිස්තානුවෝ එංගලන්තයට අභියෝග කළහ. තරගයේ සිව්වැනි දිනය වන අද (8 වැනිදා) පාකිස්තානු දෙවැනි ඉනිම නිමා වන විට පාකිස්තානුවෝ ලකුණු 169 ක් ලබා සිටියහ.

යසීර් ෂා පන්දු 24 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් ඇතුළුව ලකුණු 33 ක් රැස් කළේය. යසීර්ගේ මෙම පිතිහරඹය නිසා පාකිස්තානය පන්දු 16 කදී ලකුණු 32 ක් එක් කළ හැකිවිය.

ඕල්ඩ්ට්‍රැෆර්ඩ් හි පැවති ටෙස්ට් තරගයක සිව්වන ඉනිමේදී ජයග්‍රහණය කළ කණ්ඩායමක් ලකුණු 200 කට වඩා ඉහළ ඉලක්කයක් හඹා ගොස් ඇත්තේ දෙවරක් පමණි. එංගලන්තය 2008 දී නවසීලන්තයට එරෙහිව කඩුලු 4 ක් දැවී ලකුණු 294 ක් ලබාගත් අතර සහ 2004 දී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව කඩුලු 3 ක් දැවී ලකුණු 231 ක් රැස් කළේය.

බලාපොරොත්තු වූවාට වැඩි යමක් පිත්තෙක් කළ යසීර් ෂා පා දඟ පන්දු යවන්නෙකු ලෙස සිය මූලික භූමිකාව මැනවින් ඉටුකරමින් එංගලන්ත මුල් ඉනිමේදී ලකුණු 66 කට කඩුලු 4 ක් දවාගත්තේය. විශේෂයෙන්ම යසීර් ෂා විසින් එංගලන්ත නායක ජෝ රූට් දවාගැනීම එංගලන්ත පිතිහරඹය අඩපණ කිරීමක් වූ අතර පාකිස්තානයට මුල් ඉනිමේදී ලකුණු 107 ක වාසියක් ලැබුණේ එබැවිනි.

පාකිස්තානුවන් අද දිනයේ (සෙනසුරාදා) ක්‍රීඩාව ආරම්භ කළේ දෙවැනි ඉනිමේදී කඩුලු 8 ක් ලකුණු 137 කට බිඳ වැටී තිබියදීය. ස්ටොක්ස් අද දිනයේ පන්දු යැවූයේ නැතත්  එංගලන්ත නායක ජෝ රූට් ජොෆ්රා ආචර් සහ ස්ටුවර්ට් බ්‍රෝඩ්ගේ සංයෝජනයක් තෝරා ගත්තේය.

ඒ වන විට නොදැවී ලකුණු 12 ක් ලබා සිටි යසීර් අද මුහුණ දුන් පළමු පන්දු තුනෙන් ලකුණු 10 ක් ලබා ගනිමින් සිය කණ්ඩායමේ වාසිය ලකුණු 250 න් ඔබ්බට ගෙන ගියේය.

එංගලන්තය මේ වන විට උත්සාහ කරමින් සිටින්නේ ඔවුන්ගේ අවසන් ටෙස්ට් තරගාවලි පහේදීම සිදුවූ පරිදි පළමු ටෙස්ට් තරගය පරාජයට පත්වීම නවතා ගැනීමයි. පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරග තුනකින් සමන්විත පළමු තරඟය මෙය වන අතර 2010 සිට පාකිස්තානය එංගලන්තයට එරෙහිව තරගාවලියක් පරාජයට පත් වී නැත.

පාකිස්තානය - පළමු ඉනිම 326
එංගලන්තය - පළමු ඉනිම 219

පාකිස්තානය - දෙවැනි ඉනිම 169
(අබීඩ් අලි 20, අසාර් අලි 18, අසාඩ් ෂෆීක් 29, මොහොමඩ් රිස්වාන් 27, ශදාබ් ඛාන් 15, යසීර් ෂා 33, ස්ටුවර්ට් බ්‍රෝඩ් 37/3, ක්‍රිස් වෝක්ස් 11/2, බෙන් ස්ටෝක්ස් 11/2)
එංගලන්තය - දෙවැනි ඉනිම කඩුලු 1 ක් දැවී 55
(ජෝ රූට් 18, ඩොමිනික් සිබ්ලි 26)

- 213


අදහස් (0)

එංගලන්තය 277 ක ඉලක්කයක් හඹායයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.