Last Update  :  2024-04-24 17:04:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්තය 2-1 කින් ඕස්ට්‍රේලියාව පරදවයි

එංගලන්තය 2-1 කින් ඕස්ට්‍රේලියාව පරදවයි

editorial - 2020 සැප් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සත්කාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව සදම්ප්ටන්හිදී පැවැති තෙවැනි සහ අවසන් විස්සයි20 තරගය කඩුලු 5 කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියාව ඊයේ (8 වැනිදා) සමත් විය. නමුත් තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමට එංගලන්තය සමත්විය.

කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියාව පළමු පන්දුවට පහරදීමට එංගලන්තයට ආරාධනා කළ අතර ඕවර 20 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 145 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ.

ජොනී බෙයාර්ස්ටෝ පන්දු 44 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 55 ක් රැස්කිරීමට සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 146 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියාව ඕවර 19.3 කදී කඩුලු 5 ක් දැවී ඉලක්කය පසුකිරීමට සමත්විය.

ඒරන් ෆින්ච් පන්දු 26 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 39 ක් රැස්කළ අතර මිචෙල් මාෂ් පන්දු 36 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 39 ක් රැස්කරමින් ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය.

අදිල් රෂීඩ් සිය ඕවර 4 ලකුණු 21 කට සීමාකරමින් කඩුලු 3 ක් දවාගැනීමට සමත්විය.


එංගලන්තය - ඕවර 20 කදී කඩුලු 6 කට 145
(ජොනී බෙයාර්ස්ටෝ 55, ඬේවිඞ් මලැන් 21, මොයින් අලී 23, ජෝ ඩෙන්ලි නොදැවී 29, ඇඩම් සම්පා 34/2)

ඕස්ට්‍රේලියාව - ඕවර 19.3 කදී කඩුලු 5 කට 146
(ඒරන් ෆින්ච් 39, මාකස් ස්ටොයිනිස් 26, මිචෙල් මාෂ් නොදැවී 39, අදිල් රෂීඩ් 21/3)

- 2079

 


අදහස් (0)

එංගලන්තය 2-1 කින් ඕස්ට්‍රේලියාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.