Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්ත පළමු ඉනිම 67 කට සීමාවෙයි

එංගලන්ත පළමු ඉනිම 67 කට සීමාවෙයි

editorial - 2019 අගෝ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජොෂ් හේසල්වුඞ් (30/5) ඇතුළු ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ලීඞ්ස්හි හෙඩින්ග්ලි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අළුබඳුන තරගාවලියේ තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේදී (23 වැනිදා) එංගලන්ත පළමු ඉනිම ලකුණු 67 කට සීමාවිය.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ජොෂ් හේසල්වුඞ් ලකුණු 30 කට කඩුලු 5 ක් දවාගනිමින් එංගලන්ත පළමු ඉනිම සුනුවිසුණු කර දැමීය. එහිදී ඔහුට අනගි සහායක් ලබාදුන් පැට්‍රික් කමින්ස් ලකුණු 23 කට කඩුලු 3 ක් සහ ජේම්ස් පැටින්සන් ලකුණු 09 කට කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ලකුණු 12 ක් ලබාගත් ජෝයි ඩෙන්ලි එංගලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වූ අතර සෙසු පිතිකරුවන් සියලු දෙනාටම ලකුණු 10 සීමාව පසුකිරීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමිනොවූහ.

1948 න් පසුව අළුබඳුන ක්‍රිකට් තරගාවලියකදී එංගලන්තය රැස්කළ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස මෙම තරගය වාර්තා පොත් අතරට එක්විය. එමෙන්ම එංගලන්ත කණ්ඩායමක් එංගලන්තයේදී දැවීගිය අඩුම ලකුණු අතර සිවුවැනි ස්ථානයට මෙම තරගය පත්විය.

එංගලන්තය පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 112 ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවැනි ඉනිම ඇරඹූ ඕස්ට්‍රේලියාව දෙවැනි දින තේ පානය සඳහා තරගය නතර කරනවිට කඩුලු 3 ක් දැවී ලකුණු 82 ක් රැස්කිරීමට සමත්විය. මේ වනවිට ලකුණු 194 ක් ඉදිරියෙන් සිටීමට ඕස්ට්‍රේලියාව සමත්විය.

මානස් ලබුස්චේන් ලකුණු 13 ක් සහ ට්‍රැවිස් හෙඞ් ලකුණු 17 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිති.


ඕස්ට්‍රේලියානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 179
එංගලන්ත පළමු ඉනිම - සියලුදෙනා දැවී 67
(ජොෂ් හේසල්වුඞ් 30/5, පැටි්‍රක් කමින්ස් 23/3, ජේම්ස් පැටින්සන් 09/2)

ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිම - කඩුලු 3 ක් දැවී 82
(උස්මාන් කවාජා 23)

...

 


අදහස් (0)

එංගලන්ත පළමු ඉනිම 67 කට සීමාවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.