Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්ත පන්දු යවන්නෝ පාකිස්තාන පිතිකරුවන් මෙල්ල කරති

එංගලන්ත පන්දු යවන්නෝ පාකිස්තාන පිතිකරුවන් මෙල්ල කරති

editorial - 2020 අගෝ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්ත පන්දු යවන්නන්ගේ දැඩි පීඩනය හමුවේ මැන්චෙස්ටර් නුවරදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (7 වැනිදා) තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි පාකිස්තානය ලකුණු 137 කට කඩුලු 8 ක් අහිමිකර ගත්තේය. ඒ අනුව එංගලන්තයට වඩා ලකුණු 244 ක් ඉදිරියෙන් සිටිමට පාකිස්තානය සමත්විය.

අද තේ පානය සඳහා තරගය නතර කරන විට ලකුණු 20 කට කඩුල්ලක් අහිමි කරගෙන සිටි පාකිස්තානය දිනය අවසන් වනවිට ලකුණු 117 කට කඩුලු 7 ක් අහිමිකර ගත්තේය. පාකිස්තාන පිතිකරුවන්ට සාර්ථක සම්බන්ධතා ගොඩනැගීමට අවස්ථාවක් ලබානොදුන් ස්ටුවට් බ්‍රෝඞ්, ක්‍රිස් වෝක්ස් සහ බෙන් ස්ටෝක්ස් කඩුලු 2 බැගින් දවාගත්හ.

යසීර් ෂා (66/4) ප්‍රමුඛ පාකිස්තාන පන්දු යවන්නන් හමුවේ දැඩි අසීරූතාවයට පත්වූ එංගලන්ත පිතිකරුවන්ට පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 219 ක් පමණි.

තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (6 වැනිදා) තරගය අවසන් කරන විට ලකුණු 92 කට කඩුලු 4 ක් අහිමිකර ගෙන සිටි එංගලන්තය ඊයේ දිවා ආහාරයට තරගය නතර කරන විට ලකුණු 67 ක් ලබාගත්තේ තවත් කඩුල්ලක් අහිමිකර ගනිමිනි. දිවා ආහාරයෙන් පසුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායමේ අවසන් කඩුලු 5 ලකුණු 60 ක් තුළ දවාගැනීමට පාකිස්තානු පන්දු යවන්නෝ සමත් වූහ. 

වේග පන්දු යවන්නන්ගෙන් එල්ල වූ පීඩනය හමුවේ අද දිනයේ පළමු ලකුණ රැස්කිරීම සඳහා ජොස් බට්ලර්ට පන්දු 26 කට මුහුණදීමට සිදුවිය. ඊයේ දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 62 ක් රැස්කර සිටි ඔලී පෝප් දවාගැනිමට නසීම් ෂා සමත් වූ අතර එය පෝප්ගේ 5 වැනි ටෙස්ට් අර්ධ ශතකය විය. ලකුණු 62 කට කඩුලු 4 ක් බිඳවැටී තිබියදී බට්ලර් සමග එක්ව පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 65 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමටද පෝප් සමත් විය. 

දිවා ආහාරයෙන් පසුව යවන ලද දෙවැනි ඕවයේ පළමු පන්දුවෙන් බට්ලර් (38) දවාගත් යසීර් ෂා, ඉන් නොනැවතී ඩොම් බේස් (01) සහ ක්‍රිස් වෝක්ස් (19) දවාගනිමින් එංගලන්ත කණ්ඩායම තත්වයකට පත්කළේය. 

2018 වසරේදී සිය මංගල ටෙස්ට් ශතකය ලබාගත් තුන් ඉරියවු ක්‍රීඩක ක්‍රිස් වෝක්ස්, එතැන් සිට ඊයේ ක්‍රීඩා කළ ඉනිමත් සමගින් ඉනිම් 17 කට ක්‍රීඩා කරමින් රැස්කරගෙන ඇත්තේ ලකුණු 197 ක් පමණි. ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 12.31 වන වෝක්ස් එම ඉනිම 17 තුලදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව 37 කි. 

ලකුණු 170 ට කඩුලු 8 ක් දැවී තිබියදී ජොෆ්රා ආචර් සමග එක්වූ ස්ටුවට් බ්‍රෝඞ්, 9 වැනි කඩුල්ල සඳහා ලකුණු 27 ක්ද, ජේම්ස් ඇන්ඩර් සමග එක්ව 10 වැනි කඩුල්ල සඳහා තවත් ලකුණු 22 ක්ද එක්කළේය. වේගයෙන් ලකුණු රැස්කළ බ්‍රෝඞ්, එංගලන්ත ඉනිම අවසන් වන විට පන්දු 25 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 29 ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියේය.


පාකිස්තාන පළමු ඉනිම - සියලු දෙනා දැවී 326 

එංගලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 219
(ඔලී පෝප් 62, ජොස් බට්ලර් 38, ස්ටුවට් බ්‍රෝඞ් නොදැවී 29, යසීර් ෂා 66/4, ශදාබ් ඛාන් 13/2, මොහොමඞ් අබ්බාස් 33/2) 

පාකිස්තාන දෙවැනි ඉනිම - කඩුලු 8 ක් දැවී  137
(අබීඞ් අලී 20, අසාද් ශාෆීක් 29, මොහොමඞ් රිස්වාන් 27, ස්ටුවට් බ්‍රෝඞ් 23/2, ක්‍රිස් වෝක්ස් 11/2, බෙන් ස්ටෝක්ස් 11/2) 


අදහස් (0)

එංගලන්ත පන්දු යවන්නෝ පාකිස්තාන පිතිකරුවන් මෙල්ල කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.