Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්ත ටෙස්ට් පිල මාර්තු මාසයේදී දිවයිනට

එංගලන්ත ටෙස්ට් පිල මාර්තු මාසයේදී දිවයිනට

editorial - 2020 ජන මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් තරග 2 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියකට සහභාගි වීම සඳහා එංගලන්ත කණ්ඩායම් ලබන මාර්තු මස 3 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතය.

ඉන් පළමු වැනි තරගය මාර්තු මස 19 වැනිදා සිට 23 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැතිවෙන අතර දෙවැනි තරගය 27 වැනිදා සිට 31 වැනිදා දක්වා කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරගාවලිය ආරම්භ වීමට පෙර එංගලන්ත කණ්ඩායම, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමට එරෙහිව පෙරහුරු තරග 2 කටද සහභාගී වීමට නියමිතය. ඉන් පළමුවැන්න කටුනායක මේරියන්ස් ක්‍රීඩාගංණයේදීද, දෙවැන්න කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදීද පැවැත්වේ.


තරග කාලසටහන

■ පළමු පෙරහුරු තරගය - මාර්තු 7 වැනිදා සිට 9 වැනිදා දක්වා - කටුනායක මේරියන්ස් ක්‍රීඩාගංණයේදී
■ දෙවැනි පෙරහුරු තරගය - මාර්තු 12 වැනිදා සිට 15 වැනිදා දක්වා - කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී
■ පළමු ටෙස්ට් තරගය - මාර්තු 19 වැනිදා සිට 23 වැනිදා දක්වා - ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
■ දෙවැනි ටෙස්ට් තරගය - මාර්තු 27 වැනිදා සිට 31 වැනිදා දක්වා - කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී  

-036

 


අදහස් (0)

එංගලන්ත ටෙස්ට් පිල මාර්තු මාසයේදී දිවයිනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.