Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket උමර් ගුල් ක්‍රිකට් පිටියෙන් සමුගනී

උමර් ගුල් ක්‍රිකට් පිටියෙන් සමුගනී

editorial - 2020 ඔක් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කඩුල්ල බිඳ වැටෙන සේ පන්දු යැවීම නිසා ‘ගුල්-ඩෝසර්‘ යන අන්වර්ථ නාමයෙන් හදුන්වනු ලැබූ පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක උමර් ගුල් අවුරුදු 17 ක සිය ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර තිබේ. කොරෝනා වයිරස් සීමාවන් නිසා පාකිස්තානු ක්‍රිකට් ලෝලීන්ගේ මහත් ආදරයට පත්ව සිටි උමර්ට සමුදීම සඳහා විශාල ජනකායක් නොසිටියේය.

විස්සයි 20 ලෝක කුසලාන ජයග්‍රාහී කණ්ඩායමේ සාමාජිකයකුවූ උමර් සිය අවසන් තරගය අවසන් වීමෙන් පසු සිය කණ්ඩායමේ සහ ප්‍රතිවාදී කණ්ඩායමේ ගෞරවාදරයට පාත්‍ර විය.

“රට වෙනුවෙන් තම උපරිමය කිරීමට උත්සාහ කළ අයෙකු ලෙස මා සිහිපත් කෙරෙනවා නම් මට ඒ ඇති. ක්‍රිකට් ක්‍රීඩාවේ මෙම අමතක නොවන ගමනේදී මාව ‘ගුල්-ඩෝසර්‘ ලෙස හැඳින්වීම සතුටට කරුණක්” යැයි 36 හැවිරිදි උමර් ගුල් ඒ.එෆ.් පී වෙත පැවසීය.

2003 ලෝක කුසලාන තරඟාවලියෙන් පසු ජේෂ්ඨ වේග පන්දු යවන්නන් දෙපලක් වූ වසීම් අක්රම් සහ වකාර් යුනිස් විශ්‍රාම යෑමෙන් හරියටම මාසයකට පසු උමර් ගුල් ජාත්‍යන්තර පිටියට පිවිසියේය.

“එය හරියට දෝලනය වන පන්දුව එක පරම්පරාවක සිට තවත් පරම්පරාවකට මාරු කිරීමක් වගේ දෙයක්” යයි ගුල් සිහිපත් කළේය.

මම මගේ උපරිමයෙන් උත්සාහ කලා. 2007 දී විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී පාකිස්තානය අවසන් මහ තරගය දක්වා ගෙන යාමටත් එයින් වසර දෙකකට පසුව ශූරතාව දිනා ගැනීමටත් හැකිවීම සතුටට කරුණක්” යැයි ඔහු පැවසීය.

ඔහු ටෙස්ට් කඩුලු 163 ක් සහ එක්දින කඩුලු 179 ක් සමඟින් සිය ක්‍රිකට් දිවිය අවසන් කළ නමුත් විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවේදී ඔහුගේ විශිෂ්ටතම ජයග්‍රහණය අත්කර ගත්තේය. එය ඔහුගේ වෘත්තීය දිවියේ ආරම්භයවූ  2003 වසරේදීම විස්සයි20 තරග ආරම්භ වීම ඊට හේතුවිය.

“ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම මගේ වෘත්තීය ජීවිතයේ ඉහළම ස්ථානයයි”
“මට මතකයි ඒ දවස් ඉතා දුෂ්කරයි. අපේ රටේ නොසන්සුන්තාවයක් පැවතුණා. ඒ නිසා අපේ ජයග්‍රහණය නැවත ඒ මුහුණු වලට සිනහවක් ගෙනාවා” ඔහු පැවසීය.

- 2079

 


අදහස් (0)

උමර් ගුල් ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.