Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉහළම පෙළැන්තියේ විනිසුරුවරු අයි.පී.එල්. තරගාවලියට බෑ කියති

ඉහළම පෙළැන්තියේ විනිසුරුවරු අයි.පී.එල්. තරගාවලියට බෑ කියති

editorial - 2020 සැප් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරෝනා වයිරස් වසංගතය හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ඉහළම පෙළැන්තියේ විනිසුරුවන් කිහිප දෙනෙක මෙම වසරේ ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ඉදිරිපත් වීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් 19 වන දින ආරම්භ කිරීමට නියමිතය.

කොරෝනා වයිරසයේ නවතම ලෝක කේන්ද්‍රය බවට ඉන්දියාව පත්වී තිබීම හේතුවෙන් මෙවර අයි.පී.එල්. තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වර්තමාන තත්ත්වය ද එතරම් යහපත් නොවන අතර ඊයේ )2 වැනිදා) කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ 79,623 කින් නව රෝගීන් 735 ක් හඳුනාගෙන ඇති බව ගල්ෆ් කළාපීය රටක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔවුන්ගේ කොරෝනා රෝගීන් පිළිබඳව සඳහන් වෙබ් අඩවියට දැනුම් දී තිබේ. මැයි 27 වන දින සිට ඔවුන් විසින් කොරෝනා රෝගීන් 883 ක් හදුනාගෙන සිටියද, ඒ වනවිට ඔවුන් කොරෝනා වයිරසය සැලකිය යුතු ලෙස පාලනය කර තිබුණි.

කෙසේ වෙතත් පසුගිය දින කිහිපය තුළ කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබීම නිසා අද (3 වැනිදා) ආරම්භ වීමට නියමිත එක්සත් අරාබි එමීර් රාජ්‍ය පාපන්දු තරගාවලිය සති 4 කින් කල් දමා තිබේ. මේ සියල්ල මධ්‍යයේ, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ඉහළම පෙළැන්තියේ විනිසුරුවන් ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියට එක්කර ගැනීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මහත් පරිශ්‍රමයක් දරමින් සිටින බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කරයි.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ඉහළම පෙළැන්තියේ විනිසුරුවන්ගේ සේවය ලබා ගැනීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය උනන්දු වූ නමුත් ඉහළම පෙළැන්තියේ විදේශීය විනිසුරුවන් තිදෙනෙකු පමණක් ඊට එකඟ වී ඇති අතර අනෙක් අය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ. ඉහළම පෙළැන්තියේ තරග තීරකවරුන් වෙනුවෙන් පෙනී සිටින්නේ ඉන්දීය ජාතික ජවගල් ශ්‍රීනාත් මහතා පමණි.

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලි සමයේදී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සාමාන්‍යයෙන් ඉහළම පෙළැන්තියේ විදේශීය විනිසුරුවන් හය දෙනෙකු පමණ තරගාවලියට එක්කර ගනී. මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය පැවැත්වෙන කාලය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවක් සිදු නොවන බැවින් මෙම කාලයේදී අන්තර්ජාතික ක්‍රිකට සභාවේ ඉහළම පෙළැන්තියේ විනිසුරුවරුන් වැඩි සංඛ්‍යාවක් එක්කර ගැනීමට අයි.පී.එල්. සංවිධායකයො සැලසුම් කර සිටියහ. කෙසේ වෙතත්, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තවමත් ඉහළම පෙළැන්තියේ විනිසුරුවන් පසුපස හඹා යමින් සිටී.

මෙවර තරගාවලියට එක්වන ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඉහළම පෙළැන්තියේ විනිසුරුවන් කිහිප දෙනෙකුටම කතා කර ඇති නමුත් වැඩි දෙනෙක් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත. වසර ගණනාවක් තිස්සේ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියෙහි නිත්‍ය සාමාජිකයකු වන කුමාර් ධර්මසේන මහතාද, ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් ක්‍රීඩාව හමුවේ තමන් කාර්යබහුල වනු ඇතැයි පවසමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ යෝජනාව ප්‍රතික්‍ෂේප කර ඇත.

විනිසුරුවන් ඔවුන්ගේ විරෝධය පැහැදිලිව දක්වා නොමැති නමුත් ඔවුන් ප්‍රවේශම් වන්නට කටයුතු කර තිබේ.

“ඉහළම පෙළැන්තියේ විනිසුරුවන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ගිවිසුම අනුව විශාල ආදායමක් ලබා ගන්නවා. එබැවින්, ඔවුන් රැකියා විරහිත පුද්ගලයන් නොවේ. මේ කාලය තුළ ඔවුන්ට කිසිදු අවදානමක් ගැනීමට අවශ්‍ය වන්නේ නෑ” යයි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අයෙක් පැවසීය.

නවසීලන්තයේ ක්‍රිස් ගැෆනි, එංගලන්තයේ රිචඞ් ඉලංවර්ත් සහ මයිකල් ගෆ් මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිට සහභාගිවීමට මේ කැමැත්ත පළකර ඇති ඉහළම පෙළැන්තියේ විදේශීය විනිසුරු තිදෙනා වෙති. මෑතකදී ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ ඉහළම පෙළැන්තියට පැමිණි ඉන්දියාවේ නිතින් මෙනන් සිව්වැනි විනිසුරුවරයා වන්නේය.

ඉන්දියාවේ ජාත්‍යන්තර කමිටුවේ විනිසුරුවන් වන අනිල් චෞද්රි, සී. සම්සුඩින්, විරේන්ද්‍ර ෂර්මා සහ කේ.එන්. අනන්තපද්මනාභන් මෙන්ම ඉහළම පෙළැන්තියේ හිටපු විනිසුරු එස්. රවී යන මහත්වරුන් මෙවර ප්‍රීමියර් ලීග් තරගාවලියේ විනිසුරුවරුන්ගේ ලැයිස්තුවට ඇතුළත්ව සිටිති.  පිටිය මැද සහ රූපවාහිනී විනිසුරු රාජකාරිය විනිසුරුවන් 12 දෙනෙකුට භාර දී ඇති අතර තිදෙනෙකු හතරවන විනිසුරුගේ කාර්යය කරනු ඇත.

 


අදහස් (0)

ඉහළම පෙළැන්තියේ විනිසුරුවරු අයි.පී.එල්. තරගාවලියට බෑ කියති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.