Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉෂාන්ත් ශර්මා කොදෙව් පළමු ඉනිම වනසයි

ඉෂාන්ත් ශර්මා කොදෙව් පළමු ඉනිම වනසයි

editorial - 2019 අගෝ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය (23 වැනිදා) නිමාවට පත්වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 189 ක් ලබා සිටියේය.

ඒ අනුව කොදෙව්වෝ පළමු ඉනිමේදී තවත් කඩුලු 2 ක් අතැතිව ඉන්දියාවට වඩා ලකුණු 108 ක් පසුපසින් සිටිති. දෙවැනි දිනය නිමාවට විට නායක ජේසන් හෝල්ඩර් නොදැවී ලකුණු 10 ක් ලබා සිටි අතර අනෙක් අන්තයේ රැදී සිටි මිගෙල් කමින්ස් ලකුණු ලබා නොසිටියේය.

දෙවැනි දිනයේදී කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ රොස්ටන් චේස් හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 48 ක් ලබාගත් අතර ශිම්රන් හැට්මෙයර් හතරේ පහර 3 ක් සමගින් ලකුණු 35 ක් රැස්කළේය. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ඉෂාන්ත් ශර්මා ලකුණු 43 කට කඩුලු 5 ක් දවාගනිමින් කොදෙව් පළමු ඉනිම අඩ පණ කළේය.

පළමු දිනය (22 වැනිදා) අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 203 ක් ලබා සිටි ඉන්දීය කණ්ඩායමට අද දිනයේදී සිය පළමු ඉනිම සඳහා අලුතින් එක්කරගත හැකි වූයේ ලකුණු 94 ක් පමණි. එහිදී සිය 11 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගැනීමට රවින්ද්‍ර ජදේජා සමත් වූයේ ඊට හයේ පහරක් සහ හතරේ පහර 6 ක්ද ඇතුළත් කරමිනි.


ඉන්දීය පළමු ඉනිම - සියලු දෙනා දැවී 297
(ලොකේෂ් රාහුල් 44, අජිනක්‍යා රහනේ 81, හනුමා විහාරි 32, රිෂාබ් පාන්ට් 24, රවින්ද්‍ර ජදේජා 58, ඉෂාන්ත් ෂර්මා 19, කේමර් රෝච් 66/4, ශැනෙන් ගේබි්‍රයෙල් 71/3, රොස්ටන් චේස් 58/2)

බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම - කඩුලු 8 ක් දැවී 189
(ජෝන් කැම්බල් 23, ඩැරන් බ්‍රාවෝ 18, රොස්ටන් චේස් 48, ශායි හොප් 24, ශම්රන් හැට්මෙයර් 35, ඉෂාන්ත් ශර්මා 43/5)

 

-036

 


අදහස් (0)

ඉෂාන්ත් ශර්මා කොදෙව් පළමු ඉනිම වනසයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.