Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉර්ෆාන් පතන් එන්නේ නැතිලු

ඉර්ෆාන් පතන් එන්නේ නැතිලු

editorial - 2020 අගෝ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වන බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කළ ඉන්දියාවේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ඉර්ෆාන් පතාන්, මෙම අවස්ථාවෙහිදී මුදල් පදනම් කරගත් කිසිදු විස්සයි 20 ලීග් තරගාවලියක් සඳහා සහභාගිවීම සම්බන්ධයෙන් කිසිවකුට තහවුරු කර නොමැති බව කියයි. ඉර්ෆාන් පතන් සිය ට්විටර් ගිණුමේ එසේ සඳහන් කර තිබුණේ යයි ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් පත වාර්තා කර තිබිණ.

අගෝස්තු 28 වනදා සිට ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සැප්තැම්බර් 20 වැනිදා අවසන්වීමට නියමිතය.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට උනන්දුවක් දක්වන විදේශීය ක්‍රීඩකයින් 70 දෙනා අතර ඉර්ෆාන් පතන් ද සිටින බවත් ඔහු එක් කණ්ඩායමක සුවිශේෂී ක්‍රීඩකයා ලෙසින් තෝරාගැනීමට ඉඩ තිබෙන බවත් අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබිණ. කෙසේ වෙතත්, මේ වසරේ ජනවාරි මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් තමා විශ්‍රාම ගිය බැවින් මේ අවස්ථාවේදී කිසිදු තරගාවලියකට සහභාගී නොවන බවත් ඉර්ෆාන් පතාන් පවසා ඇත.

“අනාගතයේදී මම ලොව පුරා පැවැත්වෙන විස්සයි 20 ලීග් තරගාවලි සඳහා ක්‍රීඩා කිරීමට කැමැතියි. නමුත් මේ අවස්ථාවේ දී මම කිසිදු ලීගයකට මගේ සහභාගීත්වය තහවුරු කර නෑ” යනුවෙන් පතන් සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබුණි.

35 හැවිරිදි ඉර්ෆාන් පතන් ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේදී චෙන්නායි සුපර් කිංග්ස්, දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස්, කිංග්ස් ඞෂ පන්ජාබ්, රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් වෙනුවෙන් ක්‍රීඩා කර තිබේ.

ඉන්දියාවේ බැරෝඩා ප්‍රදේශයෙන් පැමිණි මෙම තුන් ඉරියව් ක්‍රීඩකයා ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 29 ක්, එක්දින තරග 120 ක් සහ විස්සයි 20 තරග 24 කට ක්‍රීඩා කර ඇති අතර එහිදී කඩුලු 301 දවාගෙන ඇත. ඔහු ටෙස්ට් තරගවලදී ශතකයක් සහ අර්ධ ශතක 6 ක් සමගින් ලකුණු 1105 ක්ද, එක්දින තරග වලදී අර්ධ ශතක 5 ක් සමගින් ලකුණු 1544 ක් සහ විස්සයි20 තරග වලදී ලකුණු 172 ක් රැස්කර ඇත.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා කොළඹ, මහනුවර, ගාල්ල, දඹුල්ල සහ යාපනය ලෙස කණ්ඩායම් පහක් සහභාගීවන අතර සම්පූර්ණ තරගාවලියට තරග 23 ක් ඇතුළත් වෙයි. ආර්.ප්‍රේමදාස, රංගිරි දඹුල්ල, පල්ලේකැලේ සහ සුරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ වලදී පැවැත්වීමට නියමිතව ඇත. ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ප්‍රේක්‍ෂකාගාර මේ වන විට අලුත්වැඩියා කරමින් තිබෙන නමුත් ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන්ම ප්‍රේක්‍ෂකයන්ගෙන් පුරවා නොදමන හෙයින් එහිදී එල්. පී.එල්. තරග පැවැත්වීමේ අපහසුතාවක් නොමැති බවද ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරියෙක් පැවසීය.


 - 2079


අදහස් (0)

ඉර්ෆාන් පතන් එන්නේ නැතිලු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.