Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දීය ක්‍රීඩකයෝ තරගාවලිය සම කරති

ඉන්දීය ක්‍රීඩකයෝ තරගාවලිය සම කරති

editorial - 2020 ජන මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර රාජ්කෝට්හිදී පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 36 ක ජයක් අත්කර ගැනීමට ඉන්දීය කණ්ඩායම අද (17 වැනිදා) සමත් විය. ඒ අනුව තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-1 ක් ලෙස සම තත්වයට පත් කිරීමටද සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 341 ක ඉලක්කයක් හඹගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඕවර 49.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 304 ක් පමණි. ඕස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ස්ටීවන් සිමිත් පන්දු 120 කදී හයේ පහරක් සහ හතරේ පහර 9 න් සමග ලකුණු 98 ක් ලබා සිටියදී කුල්දීප් යාදව්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ශතකය පෙනි පෙනී දැවී ගියේය.

නායක ඒරන් ෆින්ච් (33) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 71 කදී ලකුණු 62 ක සම්පන්ධතාවක් ගොඩනැගූ ස්මිත්, ඉන් නොනැවතී මානස් ලැබුෂේන් (46) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 94 කදී ලකුණු 96 ක සමබන්ධතාවක්ද ගොඩනගමින් ඕස්ට්‍රේලියානු ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.

කෙසේ වුවත් ඉන් අනතුරුව පන්දුව පහරදීම සඳහා පැමිණි පිතිකරුවන් පිටියේ ස්ථාවර වීමට අසමත් වීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ජයග්‍රහණය කරා යෑමට නොහැකි වූහ. එහිදී මොහොමඞ් සාම් ලකුණු 77 කට කඩුලු 3 ක් දවාගත් අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් රවින්ද්‍ර ජදේජා, නව්දීප් සානි සහ කුල්දීප් යාදව් කඩුලු 2 බැගින් බිඳහෙළුහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ඕවර 50 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 340 ක් ලබාගත් අතර ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 81 කදී ලකුණු 81 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට රෝහිත් ශර්මා (42) සහ ශිකර් ධවාන් (96) සමත් වූහ. පන්දු 44 කදී වාර්තා වූ ශර්මාගේ ඉනිමට හතරේ පහර 6 ක් ඇතුළත් වූ අතර පන්දු 90 කදී වාර්තා වූ ධවාන්ගේ ඉනිමට හයේ පහරකින් සහ හතරේ පහර 13 කින් සමන්විත විය.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ විරාට් කෝලි පන්දු 76 කදී හතරේ පහර 6 ක් සමග ලකුණු 79 ක් රැස්කළ අතර ධවාන් සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 91 කදී ලකුණු 103 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය. ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ලොකේෂ් රාහුල් පන්දු 52 කදී ලකුණු 80 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමගිනි.


ඉන්දියාව - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී 340
(රොහිත් ශර්මා 42, ශිකර් ධවාන් 96, විරාට් කෝලි 78, ලොකේෂ් රාහුල් 80, රවින්ද්‍ර ජදේජා 20, ඇඩම් සම්පා 50/3, කේන් රිචඞ්සන් 73/2)

ඕස්ට්‍රේලියාව - ඕවර 49.1 කදී සියලු දෙනා දැවී 304
(ඩේවිඩ් වෝනර් 15, ඒරන් ෆින්ච් 33, ස්ටීවන් ස්මිත් 98, මානස් ලැබුෂේන් 46, ඇලෙක්ස් කේරි 18, ඇස්ටන් ඒගර් 25, කේන් රිචඞ්සන් නොදැවී 24, මොහොමඞ් සාම් 77/3, රවින්ද්‍ර ජදේජා 58/2, නව්දීප් සානි 62/2, කුල්දීප් යාදව් 65/2)

-036

 


අදහස් (0)

ඉන්දීය ක්‍රීඩකයෝ තරගාවලිය සම කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.