Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දීය ක්‍රීඩකයෝ ඉනිමකින් ජය ලබති

ඉන්දීය ක්‍රීඩකයෝ ඉනිමකින් ජය ලබති

editorial - 2019 නොවැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශයට එරෙහිව ඉන්දෝර්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 130 ක ජයක් අත්කර ගැනීමට ඉන්දියාව අද (16 වැනිදා) සමත් විය. ඉනිමක පරාජයකින් ගැළවීම සඳහා ලකුණු 343 ක් රැස්කිරීමේ අභියෝගයකට මුහුණදුන් බංග්ලාදේශයට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 213 ක් පමණි.

පළමු ඉනිමේදී මෙන්ම දෙවැනි ඉනිමේදීද දක්ෂ පන්දු යැවීමක නිතර වූ මොහොමඞ් සාමි ලකුණු 31 කට කඩුලු 4 ක් බිඳහෙළමින් බංග්ලාදේශ ඉනිම අඩපණ කළේය. ඔහුට අනගි සහායක් දුන් රවිචන්ද්‍රන් අෂ්වින් ලකුණු 42 කට කඩුලු 3 ක්ද, උමේෂ් යාදව් ලකුණු 51 කට කඩුලු 2 ක්ද දවාගනිමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළහ.

බංග්ලාදේශ දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ මුෂ්ෆිකුර් රහීම් හතරේ පහර 7 ක් සමගින් ලකුණු 64 ක් ලබාගත්තේය. ලිටන් දාස් (35) සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 63 ක සම්බන්ධතාවක් ගොඩනැගූ රහීම්, ඉන් නොනැවතී මෙහෙදි හසන් (38) සමග එක් හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 59 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය.

තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (15 වැනිදා) ද්විත්ව ශතකයක් ලබාගැනීමට ඉන්දීය ආරම්භක පිතිකරු මායන්ක් අගර්වාල් (243) සමත් විය. තරමක් වේගයෙන් ලකුණු රැස්කළ අගර්වාල්, පන්දු 330 කදී වාර්තා වූ සිය ද්විත්ව ශතකය හයේ පහර 8 කින් සහ හතරේ පහර 28 කින් සැරසුවේය. එය අගර්වාල්ගේ ඉහළම ටෙස්ට් ඉනිම මෙන්ම දෙවැනි ටෙස්ට් ද්විත්ව ශතකය ලෙසද වාර්තා අතරට එක්විය.

දෙවැනි දිනය සඳහා ඊයේ තරගය නතර කරන විට කඩුලු 6 ක් දැවී ලකුණු 493 ක් ලබා බංග්ලාදේශයට වඩා ලකුණු 343 ක් ඉදිරියෙන් සිටි ඉන්දීය කණ්ඩායම, තෙවැනි දිනයේදී සිය පළමු ඉනිම අත්හිටුවමින් බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය.


බංග්ලාදේශ පළමු ඉනිම - සියලු දෙනා දැවී 150
(මොමිනුල් හක් 37, මුෂ්ෆිකුර් රහීම් 43, ලිටන් දාස් 21, මොහොමඞ් සාමි 27/3, ඉෂාන්ත් ශර්මා 20/2, රවිචන්ද්‍රන් අෂ්වින් 43/2, උමේෂ් යාදව් 47/2)

ඉන්දීය පළමු ඉනිම - කඩුලු 6 ක් දැවී 493
(මායන්ක් අගර්වාල් 243, චෙතේෂ්වර් පුජාරා 54, අජින්ක්‍යා රහනේ 86, රවින්ද්‍ර ජදේජා නොදැවී 60, උමේෂ් යාදව් 25, අබූ ජයේද් 108/4)

බංග්ලාදේශ පළමු ඉනිම - සියලු දෙනා දැවී 213
(මොහොමඞ් මිතුන් 18, මුෂ්ෆිකුර් රහීම් 64, ලිටන් දාස් 35, මෙහෙදි හසන් 38, මොහොමඞ් සාමි 31/4, රවිචන්ද්‍රන් අෂ්වින් 42/3, උමේෂ් යාදව් 51/2)

-036

 


අදහස් (0)

ඉන්දීය ක්‍රීඩකයෝ ඉනිමකින් ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.