Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දියාවට ලකුණු 328 ක අභියෝගයක්

ඉන්දියාවට ලකුණු 328 ක අභියෝගයක්

editorial - 2021 ජන මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිය තුන්වැනි ටෙස්ට් තරගයේදීම කඩුලු 5 ක් දවාගත් මොහොමඞ් සිරාජ් මෙන්ම ශර්දුල් ඨාකූර්ගේ පන්දු යැවීම හේතුවෙන් බ්‍රිස්බේන් ටෙස්ට් තරගයේදී ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිම ලකුණු 294 කට සීමා කිරීමට ඉන්දියානුවෝ සමත් වූහ. තරග 4 කින් සමන්විත තරගාවලිය ජයගනිමින් බෝඩර් ගවස්කාර් කුසලානය රැකගැනීම නම් ඉන්දීය කණ්ඩායම තරගයේ අවසන් දිනය වන අද (19 වැනිදා) ලකුණු 324 ක් ලබාගත යුතුව තිබේ. නැතහොත් තරගය පරාජයෙන් බේරාගත යුතුය.

වර්ෂාව හේතුවෙන් ඊයේ තරගය නතර කරන විට ඉන්දීය කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 4 ක් ලබා සිටියේය. ඉන්දීය ආරම්භක පිතිකරුවන් වූ ෂුබ්මන් ගිල් සහ රෝහිත් දෙදෙනා වර්ෂාවට පෙර මුහුණ දුන්නේ පන්දු 11 කට පමණි.

තරගයේ තුන්වැනි දිනය වූ ඉරිදා ඉන්දියාව වෙනුවෙන් වික්‍රමාන්විත පිතිහරඹයක නිරත වූ ශර්දුල් ඨාකූර් තවමත් ක්‍රීඩා කර ඇත්තේ ටෙස්ට් තරග දෙකකට පමණි. අති විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ඨාකූර් ලකුණු 61 කට කඩුලු 4 ක් දවාගත්තේ ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ගේ ලකුණු ලබාගැනීමත් දැඩි සේ පාලනය කරමිනි.

“මම ඉන්දියාවට ක්‍රීඩා කරනවා දකින්න මගේ තාත්තාට ලොකු හීනයක් තිබුණා... අනේ ඔහු අද මෙතැන සිටියා නම් කොච්චර සතුටු වෙනවාද ... එයාගේ ආශිර්වාදය නිසා තමයි මට මේ කඩුලු 5 ක් දවාගන්න ලැබුණේ” යයි මොහොමඞ් සිරාජ් කීවේය. පසුගිය නොවැම්බරයේදී ඉන්දීය කණ්ඩායම ඕස්ටේ්‍රලියාවට පැමිණීමෙන් පසුව මොහොමඞ් සිරාජ්ගේ පියා අභාවප්‍රාප්ත වූ අතර නිරෝධායන නීති හේතුවෙන් පියාගේ මළගමට යාමටවත් සිරාජ්ට නොහැකි විය.

ඕස්ට්‍රේලියානු පිතිකරුවෝ සියලු දෙනාම පාහේ හොඳින් ලකුණු ලබාගැනීම ආරම්භ කළ නමුත් අර්ධ ශතකයේ සීමාව පසුකළ හැකිවූයේ ස්ටීවන් ස්මිත්ට පමණි. කෙසේ වෙතත් බි්‍රස්බේන් තණතීරුවේ හැසිරීම සම්බන්ධයෙන් නම් ස්මිත්ට සතුටක් නොතිබිණ.

බෝඩර් - ගවස්කාර් කුසලානය යළි අත්පත් කරගැනීමට නම් ඕස්ට්‍රේලියානුවන් මෙම තරගාවලිය ජයගත යුතුව. එහෙත් කුසලානය ඉන්දියානුවන් වෙතම තබාගැනීමට තරගය ජය පරාජයෙන් තොර වීමත් සෑහේ.

ගැබා ක්‍රීඩංගණයේදී නම් සිව්වැනි ඉනිමේදී ලකුණු සංඛ්‍යාවක් හඹා යාම පහසු නොවේ. මෙම ක්‍රීඩාංගණයේදී ටෙස්ට් තරගයක් ජයගැනීම සඳහා සිව්වැනි ඉනිමේදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් වන්නේ වසර 70 කට එපිටදී (1951 දී) බටහිර ඉන්දීය පිල හමුවේ ඕස්ටේ්‍රලියානුවන් ලබාගත් ලකුණු 236 යි.


ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම 369

ඉන්දියාව - පළමු ඉනිම 336

ඕස්ට්‍රේලියාව - දෙවැනි ඉනිම

(මාකස් හැරිස් 38, ඬේවිඞ් වෝනර් 48, මානස් ලැබුෂේන් 25, ස්ටීවන් ස්මිත් 55, කැමරන් ග්‍රීන් 37, ටිම් පේන් 27, පැට් කමින්ස් නොදැවී 28, නේදන් ලයන් 13, මොහොමඞ් සිරාජ් 73/5, ශර්දුල් ඨාකූර් 61/4)

ඉන්දියාව - දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 04


අදහස් (0)

ඉන්දියාවට ලකුණු 328 ක අභියෝගයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.