Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දියාවට පුදුම හදිස්සියක්

ඉන්දියාවට පුදුම හදිස්සියක්

editorial - 2020 ජුනි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නවදිල්ලිය - රොයිටර්)

මේ වසරේදී ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් කඩිනමින් තීරණයක් ගතයුතුවන බව ඉන්දීය ක්‍රිකට් බලධාරීහු කියති.

මෙම තරගාවලියේ අවිනිශ්චිතතාව නිසා ඉදිරි ක්‍රිකට් තරගාවලි සම්බන්ධයෙන් දින වකවානු යොදාගැනීම මහත් හිසරදයක් ඇති වී ඇති බවද ඔව්හු කියති.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීයා වන කෙවින් රොබට්ස් මහතා පවසන්නේ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය මේ වසරේ ඔක්තෝබර්-නොවැම්බර් කාලයේදී පැවැත්වීම “ඉතා ඉහළ අවදානමක්” බවයි. කෙසේ වෙතත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ අද (10 වැනිදා) පැවැත්වෙන රැස්වීමේදී ලෝක කුසලාන තරගාවලියේ හදිසි සැලසුම් පිළිබඳව සාකච්ඡා කිරීමට සූදානම්ව සිටී.

අන්තර්ජාතික ක්‍රිකට් සභාව මේ සම්බන්ධයෙන් කඩිනමින් තීරණයක් ප්‍රකාශයට පත්කරනු ඇතැයි අපේක්ෂා කළ නොහැක. එහෙත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ භාණ්ඩාගාරිකවරයා පවසන්නේ මෙම ප්‍රශ්නය දිගින් දිගටම ඇදගෙන යාමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවට ඉඩදී සිටීම අසාධාරණ බවයි.

“කෙනෙකුට යමක් සැලසුම් කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් තිබිය යුතුයි...හො ඳයි.... එය දිග හැරෙන ආකාරය අපි බලමුකෝ." යයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ භාණ්ඩාගාරික අරුන් සිං ධුමාල් මහතා රොයිටර් පුවත් සේවය අමතා දුරකථනයෙන් පැවසීය.

මේ වසරේදී පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ලබන වසරට කල්දමනු ලැබුවහොත් කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් අත්හිටුවන ලද  ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියට කවුළුවක් විවෘත වෙයි.  එසේ වුවහොත්  වසරේදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය 2022 දක්වා කල්දැමෙනු ඇත.

“අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සිදු වූ එවැනි සාකච්ඡා මට රහසක් නොවේ. නමුත් මුලින්ම ඔවුන් කළ යුත්තේ මේ වසරේ (2020) ලෝක කුසලාන තරගාවලිය තියනවාද නැද්ද කියන එකයි“

“ඔවුන් ඒ බව තහවුරු කළාට පස්සේ ඒ වෙනුවෙන් වැඩ කළ හැකියි“ යයි දී ධුමාල් මහතා ක්‍රීඩා පහසුකම් විවෘත කර තිබුණද ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් පුහුණුවීම් සඳහා ඉක්මනින් පැමිණීමට ඇති සම්භාවිතාවද ප්‍රතික්ෂේප කළේය.

“අපි තවමත් තත්වය සමාලෝචනය කරමින් සිටිනවා. ඔවුන් නැවත පුහුණුවට පැමිණීම ආරක්ෂිත යැයි අප සිතන විට, අපි කඳවුර සංවිධානය කරනවා” යයි ද ධුමාල් මහතා පැවසීය.

පිට පිටම 9 වැනි දිනයටත් ඊයේ (9 වැනිදා) ඉන්දියාවෙන් හමුවු කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 9000 ඉක්මවා තිබිණ. මේ වන විට ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ---- ක් වන අතර 2,67,000 ඉක්මවයි. ඉන්දීය ක්‍රිකට් බලධාරීන් කියන්නේ ක්‍රීඩකයන් පුහුණුවීම් ආරම්භ කළද තමන්ගේ ප්‍රමුඛතම ක්‍රීඩකයන් වන විරාට් කෝලි, රෝහිත් ෂර්මා සහ ජස්ප්‍රීට් බුම්රා වැනි ක්‍රීඩකයන් එකවරම පුහුණු සංචිතයට ඇතුළත් නොකරන බවයි.

- 213


අදහස් (0)

ඉන්දියාවට පුදුම හදිස්සියක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.