Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දියාවට කඩුලු 7 ක ජයක්

ඉන්දියාවට කඩුලු 7 ක ජයක්

editorial - 2019 ජුලි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම : ශානුක අරවින්ද)

...................................................................................................................................................................

ශ්‍රී ලංකාව පරදවා කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට ඉන්දියව සමත් වෙයි. තරගයේ වීරයා රෝහිත් ශර්මා.

...................................................................................................................................................................

ඕවර 43.3 කදී - 265/3

(විරාට් කෝලි 34, හර්දීක් පාන්ඩ්‍යා 07, ඉසුරු උදාන 9.3-0-50-1)

     

උදානගේ 10 වැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී හර්දීක් පාණ්ඩ්‍යා ඉන්දීය කන්ඩායමේ ජයග්‍රහණය තහවුරු කරයි.

...................................................................................................................................................................

ඕවර 43 කදී - 263/3

(විරාට් කෝලි 33, හර්දීක් පාන්ඩ්‍යා 06, ලසිත් මාලිංග 10-1-82-1)

           

මාලිංගගේ 10 වැනි ඕවරයේ අවසන් පන්දුවට හර්දීක් පාණ්ඩ්‍යාගෙන් ඩීප් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 42 කදී - 253/3

(විරාට් කෝලි 30, හර්දීක් පාන්ඩ්‍යා 00, ඉසුරු උදාන 9-0-48-1)

         

උදානගේ නමවැනි ඕවරයේ පළමු පන්දුවට විරාට් කෝලිගෙන් මිඩ් ඕෆ් කළාපය හරහා හතරේ පහරක් සහ සිවුවැනි පන්දුවට රිෂාබ් පාන්ට්ගෙන් ස්ට්‍රේට් ඩයිව් පහරක්.

එම ඕවරයේ අවසන් පන්දුවේදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් රිෂාබ් පාන්ට් ලකුණු 4 කට දැවී යයි. (හතරේ පහර 1 යි)

පස්වැනි පිතිකරුවා ලෙස හර්දීක් පාන්ඩ්‍යා පිටියට පිවිසෙයි.

...................................................................................................................................................................

ඕවර 41 කදී - 244/2

(විරාට් කෝලි 25, රිෂාබ් පාන්ට් 00, ලසිත් මාලිංග 9-1-72-1)

         

මාලිංගගේ නමවැනි ඕවරයේ පළමු පන්දුවට ලෝන්ග් ඕෆ් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ ලොකේෂ් රාහුල්ගෙන් දෙවැනි පන්දුවට ලෝන්ග් ඕන් කළාපය හරහා හතරේ පහරක්.

එම ඕවරයේ අවසන් පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක කුසල් පෙරේරා අතට උඩ පන්දුවක් දෙමින් ලොකේෂ් රාහුල් ලකුණු 111 කට දැවී යයි. (හයේ පහර 1 යි, හතරේ පහර 11 යි)

සිවුවැනි පිතිකරුවා ලෙස රිෂාබ් පාන්ට් පිටියට පිවිසෙයි.

...................................................................................................................................................................

ඕවර 40 කදී - 234/1

(ලොකේෂ් රාහුල් 102, විරාට් කෝලි 24, ඉසුරු උදාන 8-0-39-0)

         

40 වැනි ඕවරය යැවීම සඳහා ඉසුරු උදාන කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා විරාට් කොලි සූදානම්.

උදානගේ අටවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 39 කදී - 230/1

(ලොකේෂ් රාහුල් 101, විරාට් කෝලි 21, ලසිත් මාලිංග 8-1-62-0)

         

39 වැනි ඕවරය යැවීම සඳහා ලසිත් මාලිංග කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ලොකේෂ් රාහුල් සූදානම්.

මාලිංගගේ අටවැනි ඕවරයේ දෙවැනි පන්දුවට විරාට් කෝලිගෙන් ලෝන්ග් ඕෆ් කළාපය හරහා හතරේ පහරක්.

පන්දු 109 කදී හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමගින් ලොකේෂ් රාහුල් සිය දෙවැනි එක්දින ශතකය ලබාගනී.

...................................................................................................................................................................

ඕවර 38 කදී - 222/1

(ලොකේෂ් රාහුල් 99, විරාට් කෝලි 15, තිසර පෙරේරා 10-0-34-0)

         

තිසරගේ 10 වැනි ඕවරයට එක් ලකුණක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 37 කදී - 221/1

(ලොකේෂ් රාහුල් 98, විරාට් කෝලි 15, ධනංජය ද සිල්වා 6-0-51-0)

         

ධනංජයගේ හයවැනි ඕවරයට ලකුණු 7 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 36 කදී - 214/1

(ලොකේෂ් රාහුල් 93, විරාට් කෝලි 13, තිසර පෙරේරා 9-0-33-0)

         

තිසරගේ නමවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 35 කදී - 207/1

(ලොකේෂ් රාහුල් 91, විරාට් කෝලි 12, ධනංජය ද සිල්වා 5-0-44-0)

         

35 වැනි ඕවරය යැවීම සඳහා ධනංජය ද සිල්වා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා විරාට් කෝලි සූදානම්.

ධනංජයගේ පස්වැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 34 කදී - 207/1

(ලොකේෂ් රාහුල් 90, විරාට් කෝලි 09, තිසර පෙරේරා 8-0-30-0)

         

තිසරගේ අටවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 33 කදී - 203/1 

(ලොකේෂ් රාහුල් 88, විරාට් කෝලි 07, කසුන් රාජිත 8-0-47-1)

         

රාජිතගේ අටවැනි ඕවරයේ ඕවරයේ පස්වැනි පන්දුවට ලොකේෂ් රාහුල්ගෙන් ලොන්ග් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 32 කදී - 196/1

(ලොකේෂ් රාහුල් 82, විරාට් කෝලි 06, තිසර පෙරේරා 7-0-26-0)

         

32 වැනි ඕවරය යැවීම සඳහා තිසර පෙරේරා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා විරාට් කෝලි සූදානම්.

තිසරගේ හත්වැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 31 කදී - 194/1 

(ලොකේෂ් රාහුල් 81, විරාට් කෝලි 05, කසුන් රාජිත 7-0-40-1)

         

රාජිතගේ හත්වැනි ඕවරයේ පළමු පන්දුවේදී මිඩ් ඕෆ් කළාපයේ පන්දු රකිමින් සිටි ඇන්ජලෝ මැතිව්ස් අතට උඩ පන්දුවක් දෙමින් රෝහිත් ශර්මා ලකුණු 103 කට දැවී ගියේය. (හයේ පහර 2 යි, හතරේ පහර 14 යි)

තෙවැනි පිත්කරු ලෙස විරාට් කෝලි පිටියට පිවිසෙයි.

එම ඕවරයේ පස්වැනි පන්දුවට විරාට් කෝලිගෙන් කවර් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 30 කදී - 189/0

(ලොකේෂ් රාහුල් 81, රෝහිත් ශර්මා 103, ඉසුරු උදාන 7-0-35-0)

         

උදානගේ හත්වැනි ඕවරයට ලකුණු 6 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 29 කදී - 183/0 

(ලොකේෂ් රාහුල් 76, රෝහිත් ශර්මා 102, කසුන් රාජිත 6-0-35-0)

         

29 වැනි ඕවරය යැවීම සඳහා කසුන් රාජිත කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා රෝහිත් ශර්මා සූදානම්.

රාජිතගේ හයවැනි ඕවරයේ අවසන් පන්දුවට රෝහිත් ශර්මාගෙන් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

පන්දු 92 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 14 ක් සමගින් රෝහිත් ශර්මා සිය 27 වැනි එක්දින ශතකය ලබාගනී. එය මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ඔහු ලබාගත් 5 වැනි ශතකය ලෙසද සටහන් විය.

...................................................................................................................................................................

ඕවර 28 කදී - 177/0

(ලොකේෂ් රාහුල් 75, රෝහිත් ශර්මා 97, ඉසුරු උදාන 6-0-29-0)

         

උදානගේ හයවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 27 කදී - 174/0

(ලොකේෂ් රාහුල් 74, රෝහිත් ශර්මා 95, ලසිත් මාලිංග 7-1-54-0)

             

මාලිංගගේ හත්වැනි ඕවරයේ තෙවැනි පන්දුවට ලොකේෂ් රාහුල්ගෙන් මිඩ් ඕන් කළාපය හරහා හතරේ පහරක් සහ පස්වැනි පන්දුවට රෝහිත් ශර්මාගෙන් කවර් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 26 කදී - 160/0

(ලොකේෂ් රාහුල් 68, රෝහිත් ශර්මා 89, ඉසුරු උදාන 5-0-26-0)

         

උදානගේ පස්වැනි ඕවරයේ සිවුවැනි පන්දුවට බැක්වඩ් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ රෝහිත් ශර්මාගෙන් අවසන් පන්දුවට තර්ඩ් මෑන් කළාපය හරහා තවත් හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 25 කදී - 152/0

(ලොකේෂ් රාහුල් 68, රෝහිත් ශර්මා 81, ලසිත් මාලිංග 6-1-40-0)

           

25 වැනි ඕවරය යැවීම සඳහා ලසිත් මාලිංග කැඳවයි. පන්දු පිළිගැනීම සඳහා ලොකේෂ් රාහුල් සූදනම්.

මාලිංගගේ හයවැනි ඕවරයේ දෙවැනි පන්දුවට ලොකේෂ් රාහුල්ගෙන් ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 24 කදී - 141/0

(ලොකේෂ් රාහුල් 61, රෝහිත් ශර්මා 78, ඉසුරු උදාන 4-0-18-0)

         

24 වැනි ඕවරය යැවීම සඳහා ඉසුරු උදාන කැඳවයි. පන්දු පිළිගැනීම සඳහා රෝහිත් ශර්මා සූදනම්.

උදානගේ සිවුවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 23 කදී - 137/0

(ලොකේෂ් රාහුල් 60, රෝහිත් ශර්මා 75, ධනංජය ද සිල්වා 4-0-40-0)

           

ධනංජයගේ සිවුවැනි ඕවරයේ තෙවැනි පන්දුවට මිඩ් ඕෆ් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ ලොකේෂ් රාහුල්ගෙන් සිවුවැනි පන්දුවට ලෝන්ග් ඕෆ් කළාපයට ඉහළින් හයේ පහරක් සහ අවසන් පන්දුවට එස්ක්ට්‍රා කවර් කළාපය හරහා හතරේ පහරක්.

පන්දු 66 කදී හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමගින් ලොකේෂ් රාහුල් සිය 5 වැනි එක්දින අර්ධ ශතකය ලබාගනී.

...................................................................................................................................................................

ඕවර 22 කදී - 120/0

(ලොකේෂ් රාහුල් 45, රෝහිත් ශර්මා 74, තිසර පෙරේරා 6-0-24-0)

         

තිසරගේ හයවැනි ඕවරයට ලකුණු 6 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 21 කදී - 114/0

(ලොකේෂ් රාහුල් 42, රෝහිත් ශර්මා 71, ධනංජය ද සිල්වා 3-0-23-0)

         

ධනංජයගේ තෙවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට රෝහිත් ශර්මාගෙන් ඩීප් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 20 කදී - 109/0

(ලොකේෂ් රාහුල් 42, රෝහිත් ශර්මා 66, තිසර පෙරේරා 5-0-18-0)

         

තිසරගේ පස්වැනි ඕවරයේ සිවුවැනි පන්දුවට රෝහිත් ශර්මාගෙන් ඩීප් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 19 කදී - 103/0

(ලොකේෂ් රාහුල් 41, රෝහිත් ශර්මා 61, ධනංජය ද සිල්වා 2-0-18-0)

         

ධනංජයගේ දෙවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 18 කදී - 99/0

(ලොකේෂ් රාහුල් 38, රෝහිත් ශර්මා 60, තිසර පෙරේරා 4-0-12-0)

         

තිසරගේ සිවුවැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 17 කදී - 97/0

(ලොකේෂ් රාහුල් 37, රෝහිත් ශර්මා 59, ධනංජය ද සිල්වා 1-0-14-0)

         

ධනංජයගේ පළමු ඕවරයේ පළමු පන්දුවට මිඩ් ඕෆ් කළාපයට ඉහළින් හයේ පරහක් එල්ල කළ රෝහිත් ශර්මාගෙන් තෙවැනි පන්දුවට ලෝන්ග් ඕන් කළාපයට ඉහළින් තවත් හයේ පහරක්.

පන්දු 47 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමගින් රෝහිත් ශර්මා සිය 43 වැනි එක්දින අර්ධ ශතකය ලබාගතී.

...................................................................................................................................................................

ඕවර 16 කදී - 83/0

(ලොකේෂ් රාහුල් 36, රෝහිත් ශර්මා 46, තිසර පෙරේරා 3-0-10-0)

         

තිසරගේ තෙවැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 15 කදී - 81/0

(ලොකේෂ් රාහුල් 35, රෝහිත් ශර්මා 45, ඉසුරු උදාන 3-0-14-0)

         

උදානගේ තෙවැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 14 කදී - 79/0

(ලොකේෂ් රාහුල් 34, රෝහිත් ශර්මා 44, තිසර පෙරේරා 2-0-08-0)

         

තිසරගේ දෙවැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 13 කදී - 77/0

(ලොකේෂ් රාහුල් 33, රෝහිත් ශර්මා 43, ඉසුරු උදාන 2-0-12-0)

         

උදානගේ දෙවැනි ඕවරයේ තෙවැනි පන්දුවට රෝහිත් ශර්මාගෙන් ලොන්ග් ඕන් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 12 කදී - 71/0

(ලොකේෂ් රාහුල් 32, රෝහිත් ශර්මා 38, තිසර පෙරේරා 1-0-06-0)

         

12 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක තිසර පෙරේරා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ලොකේෂ් රාහුල් සූදානම්.

තිසරගේ පළමු ඕවරයට ලකුණු 6 ක් පමණයි. 

...................................................................................................................................................................

ඕවර 11 කදී - 65/0

(ලොකේෂ් රාහුල් 28, රෝහිත් ශර්මා 36, ඉසුරු උදාන 1-0-06-0)

         

11 වැනි ඕවරය යැවීම සඳහා වමතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක ඉසුරු උදාන කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා රෝහිත් ශර්මා සූදානම්. 

උදානගේ පළමු ඕවරයේ පළමු පන්දුවට රෝහිත් ශර්මාගෙන් කවර් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 10 කදී - 59/0

(ලොකේෂ් රාහුල් 27, රෝහිත් ශර්මා 31, කසුන් රාජිත 5-0-29-0)

           

රාජිතගේ පස්වැනි ඕවරයේ අවසන් පන්දුවට ලොකේෂ් රාහුල්ගෙන් කඩුලු රකින්නාගේ හිසට ඉහළින් හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 9 කදී - 52/0

(ලොකේෂ් රාහුල් 22, රෝහිත් ශර්මා 29, ලසිත් මාලිංග 5-1-29-0)

         

මාලිංගගේ පස්වැනි ඕවරය නිලකුණු ඕවරයක් බවට පත්වෙයි.

...................................................................................................................................................................

ඕවර 8 කදී - 52/0

(ලොකේෂ් රාහුල් 22, රෝහිත් ශර්මා 29, කසුන් රාජිත 4-0-22-0)

         

රාජිතගේ සිවුවැනි ඕවරයට එක් ලකුණක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 7 කදී - 51/0

(ලොකේෂ් රාහුල් 21, රෝහිත් ශර්මා 29, ලසිත් මාලිංග 4-0-29-0)

         

මාලිංගගේ සිවුවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 6 කදී - 48/0

(ලොකේෂ් රාහුල් 19, රෝහිත් ශර්මා 28, කසුන් රාජිත 3-0-21-0)

         

රාජිතගේ තෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවට පොයින්ට් සහ කවර් කළාප අතරින් හතරේ පහරක් එල්ල කළ රෝහිත් ශර්මාගෙන් අවසන් පන්දුවට ඩීප් මිඩ් විකට් කළාපය අතරින් තවත් හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 5 කදී - 39/0

(ලොකේෂ් රාහුල් 18, රෝහිත් ශර්මා 20, ලසිත් මාලිංග 3-0-26-0)

         

මාලිංගගේ තෙවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට පොයින්ට් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ රොහිත් ශර්මාගෙන් පස්වැනි පන්දුවට මිඩ් විකට් කළාපය හරහා තවත් හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 4 කදී - 28/0

(ලොකේෂ් රාහුල් 16, රෝහිත් ශර්මා 11, කසුන් රාජිත 2-0-12-0)

         

රාජිතගේ දෙවැනි ඕවරයට එක් ලකුණක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 3 කදී - 27/0

(ලොකේෂ් රාහුල් 15, රෝහිත් ශර්මා 11, ලසිත් මාලිංග 2-0-15-0)

         

මාලිංගගේ දෙවැනි ඕවරයේ පළමු පන්දුවට කවර් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ ලොකේෂ් රාහුල්ගෙන් තෙවැනි පන්දුවට තර්ඩ් මෑන් කළාපය හරහා තවත් හතරේ පහරක්.

එම ඕවරයයේ අවසන් පන්දුවට රොහිත් ශර්මාගෙන් ඩීප් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 2 කදී - 14/0

(ලොකේෂ් රාහුල් 06, රෝහිත් ශර්මා 07, කසුන් රාජිත 1-0-11-0)

         

දෙවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා රොහිත් ශර්මා සූදානම්.

රාජිතගේ පළමු ඕවරයේ තෙවැනි පන්දුවට රෝහිත් ශර්මාගෙන් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක් සහ පස්වැනි පන්දුවට ලොකේෂ් රාහුල්ගෙන් කවර් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 1 කදී - 02/0

(ලොකේෂ් රාහුල් 01, රෝහිත් ශර්මා 01, ලසිත් මාලිංග 1-0-02-0)

         

ඉන්දීය ඉනිම අරම්භ කිරීම සඳහා ලොකේෂ් රාහුල් සහ රෝහිත් ශර්මා පිටියට පිවිසෙති.

පළමු ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ලොකේෂ් රාහුල් සූදානම්.

මාලිංගගේ පළමු ඕවරයට ලකුණු 2 ක් පමණයි.

...................................................................................................................................................................

තරගය ජයගැනීම සඳහා ඉන්දියාවට ලකුණු 265 ක ඉලක්කයක් හිමිවෙයි.

...................................................................................................................................................................

ඕවර 50 කදී - 264/7

(ධනංජය ද සිල්වා 29, ඉසුරු උදාන 01, බුවනේෂ්වර් කුමාර් 10-0-73-1)

             

බුවනේෂ්වර්ගේ 10 වැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී ලෝන් ඕෆ් කළාපයේ පන්දු රකිමින් සිටි හර්දීක් පාණ්ඩ්‍යා අතට උඩ පන්දුවක් දෙමින් තිසර පෙරේරා ලකුණු 2 කට දැවී යයි.

නමවැනි පිතිකරු ලෙස ඉසුරු උදාන පිටියට පිවිසෙයි.

බුවනේෂ්වර්ගේ අවසන් ඕවරයට ලකුණු 7 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 49 කදී - 257/6

(ධනංජය ද සිල්වා 26, තිසර පෙරේරා 02, ජස්ප්‍රීට් බුම්රා 10-2-37-3)

         

බුම්රාගේ 10 වැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී කවර් කළාපයේ පන්දු රකිමින් සිටි රෝහිත් ශර්මා අතට උඩ පන්දුවක් දෙමින් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 113 කට දැවී යයි. (හයේ පහර 2 යි, හතරේ පහර 10 යි)

අටවැනි පිතිකරු ලෙස තිසර පෙරේරා පිටියට පිවිසෙයි.

බුම්රාගේ අවසන් ඕවරයට ලකුණු 5 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 48 කදී - 252/5

(ඇන්ජලෝ මැතිවිස් 113, ධනංජය ද සිල්වා 24, බුවනේෂ්වර් කුමාර් 9-0-66-0)

           

48 වැනි ඕවරය යැවීම සඳහා බුවනේෂ්වර් කුමාර් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඇන්ජලෝ මැතිව්ස් සූදානම්.

බුවනේෂ්වර්ගේ නමවැනි ඕවරයේ දෙවැනි පන්දුවට ඇන්ජලෝ මැතිවුස්ගෙන් ලෝන්ග් ඕන් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 47 කදී - 244/5

(ඇන්ජලෝ මැතිවිස් 107, ධනංජය ද සිල්වා 22, ජස්ප්‍රීට් බුම්රා 9-2-33-2)

           

47 වැනි ඕවරය යැවීම සඳහා ජස්ප්‍රීට් බුම්රා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඇන්ජලෝ මැතිව්ස් සූදානම්.

බුම්රාගේ නමවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 46 කදී - 240/5

(ඇන්ජලෝ මැතිවිස් 105, ධනංජය ද සිල්වා 20, හර්දීක් පාණ්ඩ්‍යා 10-0-50-1)

           

පාණ්ඩ්‍යාගේ 10 වැනි ඕවරයේ තෙවැනි පන්දුවට ධනංජය ද සිල්වාගෙන් ඩීප් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 45 කදී - 233/5

(ඇන්ජලෝ මැතිවිස් 104, ධනංජය ද සිල්වා 14, බුවනේෂ්වර් කුමාර් 8-0-58-0)

           

45 වැනි ඕවරය යැවීම සඳහා බුවනේෂ්වර් කුමාර් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඇන්ජලෝ මැතිව්ස් සූදානම්.

බුවනේෂ්වර්ගේ අටවැනි ඕවරයට ලකුණු 6 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 44 කදී - 227/5

(ඇන්ජලෝ මැතිවිස් 101, ධනංජය ද සිල්වා 11, හර්දීක් පාණ්ඩ්‍යා 9-0-43-1)

           

පාණ්ඩ්‍යාගේ නමවැනි ඕවරයේ පළමු පන්දුවට ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ ඇන්ජලෝ මැතිව්ස්ගෙන් පස්වැනි පන්දුවට කවර් කළාපය හරහා තවත් හතරේ පහරක්.

පන්දු 115 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 ක් සමගින් ඇන්ජලෝ මැතිව්ස් සිය තෙවැනි එක්දින ශතකය ලබාගනී.

...................................................................................................................................................................

ඕවර 43 කදී - 215/5

(ඇන්ජලෝ මැතිවිස් 91, ධනංජය ද සිල්වා 10, ජස්ප්‍රීට් බුම්රා 8-2-29-2)

           

බුම්රාගේ අටවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 42 කදී - 212/5

(ඇන්ජලෝ මැතිවිස් 89, ධනංජය ද සිල්වා 09, හර්දීක් පාණ්ඩ්‍යා 8-0-31-1)

           

42 වැනි ඕවරය යැවීම සඳහා හර්දීක් පාණ්ඩ්‍යා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ධනංජය ද සිල්වා සූදානම්.

පාණ්ඩ්‍යාගේ අටවැනි ඕවරයට ලකුණු 7 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 41 කදී - 205/5

(ඇන්ජලෝ මැතිවිස් 87, ධනංජය ද සිල්වා 08, ජස්ප්‍රීට් බුම්රා 7-2-26-2)

           

41 වැනි ඕවරය යැවීම සඳහා ජස්ප්‍රීට් බුම්රා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ධනංජය ද සිල්වා සූදානම්.

බුම්රාගේ හත්වැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 40 කදී - 200/5

(ඇන්ජලෝ මැතිවිස් 85, ධනංජය ද සිල්වා 06, කුල්දීප් යාදව් 10-0-58-1)

           

යාදව්ගේ 10 වැනි ඕවරයේ අවසන් පන්දුවට ඇන්ජලෝ මැතිව්ස්ගෙන් තර්ඩ් මෑන් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 39 කදී - 193/5

(ඇන්ජලෝ මැතිවිස් 80, ධනංජය ද සිල්වා 04, රවින්ද්‍ර ජදේජා 10-0-40-1)

           

ජදේජාගේ 10 වැනි ඕවරයේ සිවුවැනි පන්දුවට ලොන්ග් ඕෆ් කළාපයට ඉහළින් හයේ පහරක් එල්ල කළ ඇන්ජලෝ මැතිව්ස්ගෙන් අවසන් පන්දුවට ඩීප් බැක්වඩ් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 38 කදී - 182/5

(ඇන්ජලෝ මැතිවිස් 70, ධනංජය ද සිල්වා 03, කුල්දීප් යාදව් 9-0-51-1)

           

යාදව්ගේ නමවැනි ඕවරයේ සිවුවැනි පන්දුවේදී බැක්වඩ් පොයින්ට් කළාපයේ පන්දු රකිමින් සිටි රවින්ද්‍ර ජදේජා අතට උඩ පන්දුවක් ළහිරු තිරිමාන්න ලකුණු 53 කට දැවී යයි. (හතරේ පහර 4 යි)

හත්වැනි පිතිකරු ලෙස ධනංජය ද සිල්වා පිටියට පිවිසෙයි.

...................................................................................................................................................................

ඕවර 37 කදී - 177/4

(ඇන්ජලෝ මැතිවිස් 69, ළහිරු තිරිමාන්න 52, රවින්ද්‍ර ජදේජා 9-0-29-1)

           

37 වැනි ඕවරය යැවීම සඳහා රවින්ද්‍ර ජදේජා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඇන්ජලෝ මැතිව්ස් සූදානම්.

ජදේජාගේ නමවැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී ඇන්ජලෝ මැතිව්ස් (ලකුණු 65 ක් ලබා සිටියදී) ලබාදුන් උඩ පන්දුවක් ලෝන්ග් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි බුවනේෂ්වර් කුමාර් අතින් ගිළිහෙයි.

එම ඕවරයේ අවසන් පන්දුවට ඇන්ජලෝ මැතිව්ස්ගෙන් ලොන්ග් ඕෆ් කළාපයට ඉහළින් හයේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 36 කදී - 169/4

(ඇන්ජලෝ මැතිවිස් 61, ළහිරු තිරිමාන්න 52, කුල්දීප් යාදව් 8-0-46-0)

           

යාදව්ගේ අටවැනි ඕවරයේ පළමු පන්දුවට ළහිරු තිරිමාන්නගෙන් ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක් සහ සිවුවැනි පන්දුවට ඇන්ජලෝ මැතිව්ස්ගෙන් බැක්වඩ් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක්.

පන්දු 63 කදී හතරේ පහර 4 ක් සමගින් ළහිරු තිරිමාන්න සිය 21 වැනි එක්දින අර්ධ ශතකය සම්පූර්ණ කරයි.

...................................................................................................................................................................

ඕවර 35 කදී - 159/4

(ඇන්ජලෝ මැතිවිස් 57, ළහිරු තිරිමාන්න 47, බුවනේෂ්වර් කුමාර් 7-0-52-0)

           

35 වැනි ඕවරය යැවීම සඳහා බුවනේෂ්වර් කුමාර් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඇන්ජලෝ මැතිව්ස් සූදානම්.

බුවනේෂ්වර්ගේ හත්වැනි ඕවරයේ දෙවැනි පන්දුවට ඇන්ජලෝ මැතිව්ස්ගෙන් මිඩ් ඕෆ් කළාපය හරහා හතරේ පහරක් සහ පස්වැනි පන්දුවට ළහිරු තිරිමාන්නගෙන් ඩීප් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 34 කදී - 149/4

(ඇන්ජලෝ මැතිවිස් 52, ළහිරු තිරිමාන්න 42, කුල්දීප් යාදව් 7-0-37-0)

           

34 වැනි ඕවරය යැවීම සඳහා කුල්දීප් යාදව් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඇන්ජලෝ මැතිව්ස් සූදානම්.

යාදව්ගේ හයවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 33 කදී - 144/4

(ඇන්ජලෝ මැතිවිස් 50, ළහිරු තිරිමාන්න 39, හර්දීක් පාණ්ඩ්‍යා 7-0-28-1)

           

පාණ්ඩ්‍යාගේ හත්වැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

පන්දු 76 කදී හතරේ පහර 3 ක් සමගින් ඇන්ජලෝ මැතිව්ස් සිය 39 වැනි එක්දින අර්ධ ශතකය ලබාගනී.

...................................................................................................................................................................

ඕවර 32 කදී - 140/4

(ඇන්ජලෝ මැතිවිස් 48, ළහිරු තිරිමාන්න 37, බුවනේෂ්වර් කුමාර් 6-0-40-0)

           

32 වැනි ඕවරය යැවීම සඳහා බුවනේෂ්වර් කුමාර් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඇන්ජලෝ මැතිව්ස් සූදානම්.

බුවනේෂ්වර්ගේ හයවැනි ඕවරයේ දෙවැනි පන්දුවට ළහිරු තිරිමාන්නගෙන් එක්ස්ට්‍රා කවර් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 31 කදී - 134/4

(ඇන්ජලෝ මැතිවිස් 47, ළහිරු තිරිමාන්න 32, හර්දීක් පාණ්ඩ්‍යා 6-0-24-1)

           

පාණ්ඩ්‍යාගේ හයවැනි ඕවරයේ පළමු පන්දුවට ඇන්ජලෝ මැතිව්ස්ගෙන් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 30 කදී - 127/4

(ඇන්ජලෝ මැතිවිස් 41, ළහිරු තිරිමාන්න 31, ජස්ප්‍රීට් බුම්රා 6-2-21-2)

           

බුම්රාගේ හයවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 29 කදී - 122/4

(ඇන්ජලෝ මැතිවිස් 38, ළහිරු තිරිමාන්න 29, හර්දීක් පාණ්ඩ්‍යා 5-0-17-1)

           

පාණ්ඩ්‍යාගේ පස්වැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 28 කදී - 118/4

(ඇන්ජලෝ මැතිවිස් 36, ළහිරු තිරිමාන්න 27, ජස්ප්‍රීට් බුම්රා 5-2-16-2)

           

28 වැනි ඕවරය යැවීම සඳහා ජස්ප්‍රීට් බුම්රා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඇන්ජලෝ මැතිව්ස් සූදානම්.

බුම්රාගේ පස්වැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 27 කදී - 116/4

(ඇන්ජලෝ මැතිවිස් 35, ළහිරු තිරිමාන්න 26, හර්දීක් පාණ්ඩ්‍යා 4-0-13-1)

           

27 වැනි ඕවරය යැවීම සඳහා හර්දීක් පාණ්ඩ්‍යා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ළහිරු තිරිමාන්න සූදානම්.

පාණ්ඩ්‍යාගේ සිවුවැනි ඕවරයට ලකුණු 7 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 26 කදී - 109/4

(ඇන්ජලෝ මැතිවිස් 31, ළහිරු තිරිමාන්න 24, කුල්දීප් යාදව් 6-0-32-0)

           

යාදව්ගේ හයවැනි ඕවරයේ අවසන් පන්දුවට ඇන්ජලෝ මැතිව්ස්ගෙන් කවර් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 25 කදී - 102/4

(ඇන්ජලෝ මැතිවිස් 26, ළහිරු තිරිමාන්න 22, රවින්ද්‍ර ජදේජා 8-0-21-1)

           

ජදේජාගේ අටවැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 24 කදී - 100/4

(ඇන්ජලෝ මැතිවිස් 25, ළහිරු තිරිමාන්න 21, කුල්දීප් යාදව් 5-0-25-0)

           

යාදව්ගේ පස්වැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 23 කදී - 96/4

(ඇන්ජලෝ මැතිවිස් 24, ළහිරු තිරිමාන්න 18, රවින්ද්‍ර ජදේජා 7-0-19-1)

           

ජදේජාගේ හත්වැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 22 කදී - 93/4

(ඇන්ජලෝ මැතිවිස් 23, ළහිරු තිරිමාන්න 16, කුල්දීප් යාදව් 4-0-21-0)

           

යාදව්ගේ සිවුවැනි ඕවරයේ පස්වැනි පන්දුවට ළහිරු තිරිමාන්නගෙන් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 21 කදී - 87/4

(ඇන්ජලෝ මැතිවිස් 22, ළහිරු තිරිමාන්න 11, රවින්ද්‍ර ජදේජා 6-0-16-1)

           

ජදේජාගේ හයවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 20 කදී - 83/4

(ඇන්ජලෝ මැතිවිස් 19, ළහිරු තිරිමාන්න 10, කුල්දීප් යාදව් 3-0-15-0)

           

යාදව්ගේ තෙවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට ඇන්ජලෝ මැතිව්ස්ගෙන් කවර් කළාපය හරහා  හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 19 කදී - 77/4

(ඇන්ජලෝ මැතිවිස් 14, ළහිරු තිරිමාන්න 09, රවින්ද්‍ර ජදේජා 5-0-12-1)

           

19 වැනි ඕවරය යැවීම සඳහා රවින්ද්‍ර ජදේජා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඇන්ජලෝ මැතිව්ස් සූදානම්.

ජදේජාගේ පස්වැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 18 කදී - 74/4

(ඇන්ජලෝ මැතිවිස් 11, ළහිරු තිරිමාන්න 09, කුල්දීප් යාදව් 2-0-09-0)

           

යාදව්ගේ දෙවැනි ඕවරයට ලකුණු 6 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 17 කදී - 68/4

(ඇන්ජලෝ මැතිවිස් 09, ළහිරු තිරිමාන්න 05, රවින්ද්‍ර ජදේජා 4-0-09-1)

           

 

ජදේජාගේ සිවුවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 16 කදී - 65/4

(ඇන්ජලෝ මැතිවිස් 08, ළහිරු තිරිමාන්න 03, කුල්දීප් යාදව් 1-0-03-0)

           

 

16 වැනි ඕවරය යැවීම සඳහා චවිනමන් පන්දු යවන ක්‍රීඩක කුල්දීප් යාදව් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා අවිෂ්ක ප්‍රනාන්දු සූදානම්.

යාදව්ගේ පළමු ඕවරයටද ලකුණු 3 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 15 කදී - 62/4

(ඇන්ජලෝ මැතිවිස් 07, ළහිරු තිරිමාන්න 02, රවින්ද්‍ර ජදේජා 3-0-06-1)

           

 

ජදේජාගේ තෙවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 14 කදී - 61/4

(ඇන්ජලෝ මැතිවිස් 06, ළහිරු තිරිමාන්න 02, හර්දීක් පාණඩ්‍යා 3-0-06-1)

           

 

 

පණඩ්‍යාගේ තෙවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි. 

...................................................................................................................................................................

ඕවර 13 කදී - 58/4

(ඇන්ජලෝ මැතිවිස් 04, ළහිරු තිරිමාන්න 01, රවින්ද්‍ර ජදේජා 2-0-05-1)

           

 

ජදේජාගේ දෙවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 12 කදී - 55/4

(ඇන්ජලෝ මැතිවිස් 02, ළහිරු තිරිමාන්න 00, හර්දීක් පාණඩ්‍යා 2-0-03-1)

           

 

 

පණඩ්‍යාගේ දෙවැනි වරයේ සිවුවැනි පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනි අතට උඩ පන්දුවක් දෙමින් අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 20 කට දැවී යයි. (හතරේ පහර 4 යි) 

හයවැනි පිතිකරු ලෙස ළහිරු තිරිමාන්න පිටියට පිවිසෙයි.

...................................................................................................................................................................

ඕවර 11 කදී - 54/3

(අවිෂ්ක ප්‍රනාන්දු 20, ඇන්ජලෝ මැතිවිස් 01, රවින්ද්‍ර ජදේජා 1-0-02-1)

           

 

 

11 වැනි ඕවරය යැවීම සඳහා වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක රවින්ද්‍ර ජදේජා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා අවිෂ්ක ප්‍රනාන්දු සූදානම්.

ජදේජාගේ පළමු ඕවරයේ සිවුවැනි පන්දුවේදී මහේන්ද්‍ර සිං දෝනිගේ ස්ටම්ප් කිරීමකට හසුවෙමින් කුසල් මෙන්ඩිස් ලකුණු 03 කට දැවී යයි.

පස්වැනි පිතිකරු ලෙස ඇන්ජලෝ මැතිවිස් පිටියට පිවිසෙයි.

...................................................................................................................................................................

ඕවර 10 කදී - 52/2

(අවිෂ්ක ප්‍රනාන්දු 19, කුසල් මෙන්ඩිස් 03, හර්දීක් පාණඩ්‍යා 1-0-02-0)

           

 

 

10 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක හර්දීක් පාණඩ්‍යා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා කුසල් මෙන්ඩිස් සූදානම්.

පාණඩ්‍යාගේ පළමු ඕවරයට ලකුණු 2 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 9 කදී - 50/2

(අවිෂ්ක ප්‍රනාන්දු 18, කුසල් මෙන්ඩිස් 02, බුවනේෂ්වර් කුමාර් 5-0-36-0)

           

බුවනේෂ්වර්ගේ පස්වැනි ඕවරයට එක් ලකුණක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 8 කදී - 49/2

(අවිෂ්ක ප්‍රනාන්දු 18, කුසල් මෙන්ඩිස් 01, ජස්ප්‍රීට් බුම්රා 4-2-14-2)

           

 

බුම්රාගේ සිවුවැනි ඕවරයේ පළමු පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනි අතට උඩ පන්දුවක් දෙමින් කුසල් පෙරේරා ලකුණු 18 කට දැවී යයි. (හතරේ පහර 3 යි)

සිවුවැනි පිතිකරු ලෙස කුසල් පෙරේරා පිටියට පිවිසෙයි.

එම ඕවරයේ සිවුවැනි පන්දුවට කවර් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ අවිෂ්ක ප්‍රනාන්දුගෙන් පස්වැනි පන්දුවට බැක්වඩ් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා තවත් හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 7 කදී - 40/1

(කුසල් පෙරේරා 18, අවිෂ්ක ප්‍රනාන්දු 10, බුවනේෂ්වර් කුමාර් 4-0-35-0)

           

බුවනේෂ්වර්ගේ සිවුවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට අවිෂ්ක ප්‍රනාන්දුගෙන් කවර් සහ පොයින්ට් කළාපය අතරින් හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 6 කදී - 33/1

(කුසල් පෙරේරා 17, අවිෂ්ක ප්‍රනාන්දු 04, ජස්ප්‍රීට් බුම්රා 3-2-05-1)

           

බුම්රාගේ තෙවැනි ඕවරයේ සිවුවැනි පන්දුවේදී අවිෂ්ක ප්‍රනාන්දු කඩුල්ල මුවාකළ බවට ප්‍රධාන විනිසුරුවරයා සංඥා කළේය. එම තීරණය විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදයට යොමු කිරීමට අවිෂ්ක පියවර ගත් අතර පුනුරූපන නැරඹු තෙවැනි විනිසුරුවරයා පන්දුව කඩුල්ලේ නොවදින බව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අවිෂ්ක නොදැවුණ ක්‍රීඩකයෙක් බව සනාථ කළේය.

එම ඕවරයේ පස්වැනි පන්දුවට අවිෂ්ක ප්‍රනාන්දුගෙන් ලෝන් ඕෆ් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 5 කදී - 28/1

(කුසල් පෙරේරා 17, අවිෂ්ක ප්‍රනාන්දු 00, බුවනේෂ්වර් කුමාර් 3-0-28-0)

           

බුවනේෂ්වර්ගේ තෙවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට ස්වීපර් කවර් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ කුසල් පෙරේරාගෙන් අවසන් පන්දුවට ලෝන්ග් ලෙග් කළාපය හරහා තවත් හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 4 කදී - 17/1

(කුසල් පෙරේරා 07, අවිෂ්ක ප්‍රනාන්දු 00, ජස්ප්‍රීට් බුම්රා 2-2-00-1)

         

බුම්රාගේ දෙවැනි ඕවරයේ සිවුවැනි පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනි අතට උඩ පන්දුවක් දෙමින් දිමුත් කරුණාරත්න ලකුණු 10 කට දැවී යයි. (හතරේ පහර 2 යි) එය බුම්රාගේ 10 වැනි එක්දින කඩුල්ලයි.

තෙවැනි පිතිකරු ලෙස අවිෂ්ක ප්‍රනාන්දු පිටියට පිවිසෙයි.

බුම්රාගේ දෙවැනි ඕවරයද නිලකුණු ඕවරයක් බවට පත්වෙයි.

...................................................................................................................................................................

ඕවර 3 කදී - 17/0

(දිමුත් කරුණාරත්න 10, කුසල් පෙරේරා 07, බුවනේෂ්වර් කුමාර් 2-0-17-0)

         

බුවනේෂ්වර්ගේ දෙවැනි ඕවරයේ තෙවැනි පන්දුවට පොයින්ට් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ දිමුත් කරුණාරත්නගෙන් සිවුවැනි පන්දුවට ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා තවත් හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 2 කදී - 05/0

(දිමුත් කරුණාරත්න 01, කුසල් පෙරේරා 04, ජස්ප්‍රීට් බුම්රා 1-1-00-0)

         

දෙවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රීට් බුම්රා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා දිමුත් කරුණාරත්න සූදානම්.

බුම්රාගේ පළමු ඕවරය නිලකුණු ඕවරයක් බවට පත්වෙයි.

...................................................................................................................................................................

ඕවර 1 කදී - 05/0

(දිමුත් කරුණාරත්න 01, කුසල් පෙරේරා 04, බුවනේෂ්වර් කුමාර් 1-0-05-0)

         

ශ්‍රී ලංකා ඉනිම අරම්භ කිරීම සඳහා නායක දිමුත් කරුණාරත්න සහ කුසල් පෙරේරා පිටියට පිවිසෙති.

පළමු ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක බුවනේෂ්වර් කුමාර් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා දිමුත් කරුණාරත්න සූදානම්.

බුවනේෂ්වර්ගේ පළමු ඕවරයේ සිවුවැනි පන්දුවට කුසල් පෙරේරාගෙන් එක්ස්ට්‍රා කවර් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායට එරෙහිව පැවැති තරගයට ක්‍රීඩා කළ පා දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩසේට මෙම තරගයේදී කණ්ඩායමේ ස්ථානයක් අහිමි වී ඇති අතර ඔහු වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා යළිත් කණ්ඩායමට ඇතුළත්ව සිටියි.

ඉන්දීය කණ්ඩායමද මෙම තරගයේදී වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සාමි සහ පා දඟ පන්දු යවන ක්‍රීඩක යුස්වේන්ද්‍ර චාහල් විවේක ගන්වමින් ඔවුන් වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක රවින්ද ජදේජා සහ චයිනමන් පන්දු යවන ක්‍රීඩක කුල්දීප් යාදව් කණ්ඩායමට කැඳවා තිබේ.

...................................................................................................................................................................

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 44 වැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (6 වැනිදා) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම

දිමුත් කරුණාරත්න (නායක), කුසල් පෙරේරා, අවිෂ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිවිස්, ළහිරු තිරිමාන්න, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, ඉසුරු උදාන, කසුන් රාජිත සහ ලසිත් මාලිංග

ඉන්දීය කණ්ඩායම
විරාට් කෝලි (නායක), ලොකේෂ් රාහුල්, රෝහිත් ශර්මා, රිෂාබ් පාන්ට්, මහේන්ද්‍ර සිං දෝනි, දිනේෂ් කාර්තික්, හර්දීක් පාණ්ඩ්‍යා, රවින්ද්‍ර ජදේජා, බුවනේෂ්වර් කුමාර්, කුල්දීප් යාදව් සහ ජස්ප්‍රීට් බුම්රා


අදහස් (0)

ඉන්දියාවට කඩුලු 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.