Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දියාව තවදුරටත් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ

ඉන්දියාව තවදුරටත් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ

editorial - 2019 සැප් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් නිකුත් කරන ලද නවතම ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ප්‍රසාද ලකුණු 115 ක් හිමිකරගෙන ඇති ඉන්දියාව තවදුරටත් පෙරමුණේ පසුවන්නේය.

නවසීලන්තය ප්‍රසාද ලකුණු 109 ක් ලබාගනිමින් ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයේ පසුවන අතර ප්‍රසාද ලකුණු 108 ක් ලබාගත් දකුණු අප්‍රිකාව තෙවැනි ස්ථානයේ පසුවන්නේය.

යාවත්කාලීන කිරීමට පෙර ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හී 6 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 94 ක් ලබාගෙන සිටි අතර නවතම යාවත්කාලීන කිරීමට අනුව ප්‍රසාද ලකුණක් එක්කර ගත්තද ශ්‍රේණිගත කිරීම්හි වෙනසක් සිදුනොවීය.

ශ්‍රී ලංකාවට වඩා ප්‍රසාද ලකුණු 4 ක් ඉදිරියෙන් සිටින ඕස්ට්‍රේලියාව ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි පසුවන්නේ සිවුවැනි ස්ථානයේය.

ටෙස්ට් තත්වය ලැබීමෙන් පසුව තරග 3 කට පමණක් ක්‍රීඩාකර ඇති ඇෆ්ඝනිස්තානය ඉන් තරග 2 ක් ජයගනිමින් ප්‍රසාද ලකුණු 55 ක් ලබා ශ්‍රේණිගත කිරීම්හි 10 වැනි ස්ථානය දක්වා ඉහළ පැමිණ ඇත.

...


අදහස් (0)

ඉන්දියාව තවදුරටත් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.