Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දියාව - බංග්ලාදේශය අවසන් තරගයට

ඉන්දියාව - බංග්ලාදේශය අවසන් තරගයට

යොහාන් භාසුර - 2019 සැප් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු කුසලාන වයස 19 න් පහළ (යොවුන්) ක්‍රිකට් ශූරතාවලියේ අවසන් පූර්ව තරග වර්ෂාවට දියවීම නිසා පළමු වටයේ ප්‍රසාද ලකුණු අනුව ඉන්දියාව සහ බංග්ලාදේශය අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීය.

කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද, මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය අතර ද, අද (12) පැවැත්වීමට නියමිතව තිබූ අවසන් පූර්ව තරග වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය.

අඛණ්ඩව වර්ෂාව පැවතීම හේතුවෙන් පස්වරු 2.15 ට මෙම තරග දෙකම අතහැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ.

ඉන්දියාව සහ බංග්ලාදේශය පළමු වටයේ තරග තුනම ජය ලබමින් අපරාජිතව ‘ඒ’ සහ ‘බී’ කාණ්ඩවල පළමු ස්ථානය ලබාසිටි නිසා එම ප්‍රසාද ලකුණු අනුව අවසන් මහ තරග වරම් හිමිවිය.

සත්කාරක ශ්‍රී ලංකා පිලට සහ ඇෆ්ගනිස්තාන් පිලට ඒ අනුව අවසන් මහ තරග බලාපොරොත්තු අතහැර දැමීමට සිදුවූ අතර පාකිස්තානය පළමු වටයෙන්ම ඉවතට විසිවිය.  

අවසන් මහ තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අනිද්දා (14) දිවා තරගයක් ලෙස පැවැත්වේ.

 


අදහස් (0)

ඉන්දියාව - බංග්ලාදේශය අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.