Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දියානුවෝ දින 3 කින් එංගලන්තය තලා දමති

ඉන්දියානුවෝ දින 3 කින් එංගලන්තය තලා දමති

editorial - 2021 මාර් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්ත දෙවැනි ඉනිමේදී කඩුලු 10 ම බෙදාගත් අක්ෂර් පතෙල් (48/5) සහ රවිචන්ද්‍රන් අශ්වින් (47/5) තරගයේ සම්පූර්ණ දින දෙකක්ම ඉතිරිව තිබියදී ඉනිමක පරාජයක් කරා එංගලන්තය තල්ලු කර දැමූහ. අහමදාබාද්හිදී පැවැති සිව්වැනි ටෙස්ට් තරගයේදී අද (06 වැනිදා) ලබාගත් ඉනිමක සහ ලකුණු 25 ක ජයත් සමගින් ටෙස්ට් තරගාවලිය 3-1 ක් ලෙසින් ජයගත් ඉන්දීය ක්‍රීඩකයෝ ලබන ජූනි මාසයේදී පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ.

ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහ තරගය ඉන්දියාව සහ නවසීලන්තය අතර ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

තරග 4 කින් සමන්විත වූ ටෙස්ට් තරගාවලියේ ආරම්භක තරගයේදී ඉන්දීය පිලට අත්වූයේ ඛේදජනක පරාජයකි. එහෙත් ඉතිරි තරග තුනම දින 9 කින් ජයගැනීමට ඉන්දියානුවෝ සමත් වූහ. චෙන්නායි නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගය දින දෙකකින් ජයගත් ඉන්දීය කණ්ඩායම ලෝකයේ විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන අහමදාබාද්හිදී පැවැති තරග දෙක පිළිවෙලින් දින දෙකකින් සහ දින තුනකින් ජයගත්තේය.

“පළමු තරගයේදී අපි ටිකක් පස්සට ගියා. එහිදී එංගලන්තය අපිව සම්පූර්ණයෙන්ම අසරණ කළා. ඒත් දෙවැනි තරගයේදී ලබාගත් ජය තමයි මාව උපරිම සතුටට පත්කළේ”
“අපි ඉතාමත් උනන්දුවෙන් සහ උත්සාහයෙන් පන්දු යැව්වා. ඒ නිසා පසුපසින් සිට පැමිණ මේ ලබාගත් ජයග්‍රහණය අති විශේෂයි... අනෙක අපේ කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් ලබාගැනීමට බලා සිටින ක්‍රීඩකයන් ඉතාමත් හොඳයි. ඒ තත්ත්වය ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් හොඳ පණිවිඩයක් ගෙනෙනවා” යයි තරගාවලිය ජයගැනීමෙන් පසුව ඉන්දීය නායක විරාට් කෝලි පැවසීය.

එංගලන්ත නායක ජෝ රූට් කීවේ අවසන් තරග තුනේදී තමන් සම්පූර්ණයෙන්ම අසරණ වූ බවයි.

“වැදගත් අවස්ථා කිහිපයක්ම අපිට ග්‍රහණය කරගන්න බැරිව ගියා. ඒත් ඉන්දියාව ඒවා ඉතා හොඳින් ග්‍රහණය කරගත්තා” යයිද ජෝ රූට් පැවසීය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත් නමුත් එංගලන්තයට අපේක්‍ෂිත ලකුණු සංඛ්‍යාව කරා යාමට ඉන්දීය පන්දු යවන්නන්ගෙන් අවසර නොලැබිණ. යන්තම් හෝ ප්‍රතිරෝධයක් දැක්වූයේ පැය දෙකකට වැඩි කාලයක් ගනිමින් ලකුණු 55 ක් ලබාගත් බෙන් ස්ටෝක්ස් පමණි. පතෙල් සහ අශ්වින් දෙදෙනා කඩුලු 7 ක් බෙදාගත් අතර එංගලන්ත මුල් ඉනිම ලකුණු 205 කට සීමා විය.

එංගලන්තයට පිළිතුරු සොයා යාමේදී වරෙක ඉන්දීය පිල ලකුණු 146 කට කඩුලු 6 ක් අහිමි කරගෙන සිටි නමුත් රිෂාබ් පන්ට් සහ වොෂිංන්ටන් සුන්දර් දෙදෙනා තම කණ්ඩායම ලකුණු 350 සීමාවෙන් ඔබ්බට ගෙන ගියහ. රිෂාබ් පන්ට් (101) සහ වොෂිංටන් සුන්දර් (නොදැවී 96) එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 113 ක සම්බන්ධතාවක් පැවැත්වූහ. එතැනදී රිෂාබ් පන්ට් දැවී ගිය නමුත් සුන්දර්ගේ පිතිහරඹය හේතුවෙන් ඉන්දියානුවෝ ලකුණු 365 ක් ලබාගත්හ.

ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා දෙවැනි ඉනිමේදී ලකුණු 160 ක ඉලක්කයක් කරා ගිය එංගලන්ත පිලේ කඩුලු 10 ම අක්ෂර් පතෙල් සහ අශ්වින් බෙදාගත්හ. මෙම තරගාවලියේදී අශ්වින් කඩුලු 32 ක හිමිකරුවා වී සිටින අතර අක්ෂර් සහභාගි වූයේ තරග 3 කට පමණක් වූවත් දවාගත් කඩුලු සංඛ්‍යාව 27 කි. එංගලන්ත පිලේ පා දඟ පන්දු යවන්නා වන ජැක් ලීච්ට කඩුලු 18 කි.


එංගලන්තය - පළමු ඉනිම 205 යි
(ජොනී බෙයාර්ස්ටෝ 28, බෙන් ස්ටෝක්ස් 55, ඔලී පෝප් 29, ඩැනියෙල් ලෝරන්ස් 46, මොහොමඩ් සිරාජ් 45/2, අක්ෂර් පතෙල් 68/4, රවිචන්ද්‍රන් අශ්වින් 47/3)

ඉන්දියාව - පළමු ඉනිම 365 යි
(රෝහිත් ෂර්මා 49, චෙටේස්වාර් පුජාරා 17, අජින්ක්‍යා රහනේ 27, රිෂාබ් පන්ට් 101, අවිචන්ද්‍රන් අශ්වින් 13, වොෂින්ටන් සුන්දර් නොදැවී 96, අක්ෂර් පතෙල් 43, ජේම්ස් ඇන්ඩසන් 44/3, බෙන් ස්ටෝක්ස් 89/4, ජැක් ලීච් 89/2)

එංගලන්තය - දෙවැනි ඉනිම 135 යි
(ජෝ රූට් 30, ඔලී පෝප් 15, ඩැනියෙල් ලෝරන්ස් 50, අක්ෂර් පතෙල 48/5, රවිචන්ද්‍රන් අශ්වින් 47/5)

- 213


අදහස් (0)

ඉන්දියානුවෝ දින 3 කින් එංගලන්තය තලා දමති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.