Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඇෆ්ඝනිස්තානුවා අෆ්රීඩිට එකට එක කියයි

ඇෆ්ඝනිස්තානුවා අෆ්රීඩිට එකට එක කියයි

editorial - 2020 දෙසැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

 
ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ හයවැනි තරගයේදී (30 වැනිදා) සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් ඇෆ්ගනිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක නවීන් උල් හක් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පාකිස්තානයේ හිටපු නායක සහීඞ් අෆ්රීඩිට එකට එක කියා තිබිණ. එම තරගයේදී අෆ්රීඩිගේ දෝෂ දර්ශනය ලක්වූ නවීන් උල් හක් ග්ලැඩියේටර්ස් නායක සහීඞ් අෆ්රිඩි, සිය ටිවිටර් ගිණුමේ යොදා තිබූ සටහනට පිළිතුරු වශයෙන් නවීන් උල් හක් මෙම සටහන තබා තිබුණි.

එල්.පී.එල් හි හයවැනි තරගය අතරතුර නවීන් සහ අමීර් අතර දැඩි බහින්බස් වීමක් ඇති වූ අතර කැන්ඩි ටස්කර්ස් පිල හමුවේ ගාල්ල ග්ලැඩියේටර්ස් පිල ලකුණු 25 කින් පරාජයට පත්විය.

තරගය අවසානයේ දෙපිලේ ක්‍රීඩකයින් අතට අත ගසමින් සුබපතා ගනිමින් සිටියදී සහිඞ් අෆ්රිඩි මෙම සිදුවීම පිළිබඳව නවීන්ගෙන් ප්‍රශ්න කර තිබේ.

“තරුණ ක්‍රීඩකයාට මා දුන් අවවාදය සරලයි. ක්‍රීඩාව ක්‍රීඩාවක් ලෙස කරන්න. අසභ්‍ය වචන කතා කරන්න එපා. මට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේත් මිතුරන් සිටිනවා. අපට ඉතා සුහද සබඳතා තියෙනවා. කණ්ඩායමේ අයට වගේම විරුද්ධවාදීන්ටත් ගරු කිරීම ක්‍රීඩාවේ මූලික හරයයි” යනුවෙන් අෆ්රිඩි පසුදින සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබිණ.

අෆ්රිඩිගේ ට්විටර් සටහනට ප්‍රතිචාර දක්වමින් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක නවීන් උල් හක් ඉඟි කරමින් පවසා ඇත්තේ අමීර් සමඟ වචන හුවමාරුව සිදුවූයේ තම ජාතියට හා ජනතාවට අපහාස කිරීම නිසා බවයි.

“උපදෙස් ලබා ගැනීමට හා ගෞරව කිරීමට සැමවිටම සූදානම්. ක්‍රිකට් යනු මහත්වරුන්ගේ ක්‍රීඩාවක්. නමුත් ඔබ සියල්ලන්ම අපගේ පයට පෑගී සිටින බවත් ඉදිරියටත් එය එසේ වියයුතු බවත් යමෙකු පැවසුවහොත් ඔහු මා ගැන පමණක් නෙවේ මගේ ජනතාව ගැනද කතා කරනවා” යැයි නවීන් ඊයේ (2 වැනිදා) තැබූ ට්විටර් සටහනේ සදහන්ව තිබුණි.

ඇෆ්ගනිස්ථාන වේග පන්දු යවන්නා සහ පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් අතර සිදුවූ වචන හුවමාරුවෙන් පසුව එම සිදුවීම සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ගේ දැඩි අවධානයට ලක්විය.

- 2079

අදහස් (0)

ඇෆ්ඝනිස්තානුවා අෆ්රීඩිට එකට එක කියයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.