Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඇෆ්ඝනිස්තානය 1-1 කින් තරගාවලිය සම කරයි

ඇෆ්ඝනිස්තානය 1-1 කින් තරගාවලිය සම කරයි

editorial - 2019 මැයි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අයර්ලන්තය සහ ඇෆ්ඝනිස්තානය අතර බෙල්ෆස්ට්හිදී ඊයේ (21 වැනිදා) පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 126 ක දැවැන්ත ජයක් ලැබූ ඇෆ්ඝනිස්තානය, දෙරට අතර පැවැති තරග 2 කින් සමන්විත එක්දින තරගාවලිය 1-1 ක් ලෙස සම තත්වයට පත්කිරීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 306 ක ඉලක්කයක් හාඹාගිය අයර්ලන්ත කණ්ඩායමට නායක ගුලාබ්ඩීන් නබී ප්‍රමුඛ ඇෆ්ඝනිස්තාන පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 41.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 179 ක් පමණි. එහිදී සිය එක්දින ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම ප්‍රදර්ශනය කළ නබී ලකුණු 43 කට කඩුලු 6 ක් බිඳහෙළීය.

අයර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ආරම්භක පිතිකරු පෝල් ස්ටාර්ලින් පන්දු 56 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 50 ක් රැස්කළ අතර ගැරී විල්සන් පන්දු 53 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 34 ක්ද, ඇන්ඩෘ බැල්බීන් පන්දු 28 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 20 ක්ද රැස්කළහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තාන කණ්ඩායම ඕවර 50 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 305 ක් ලබාගත් අතර එහිදී ඇෆ්ඝනිස්තාන කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් මොහොමඞ් ශේෂාඞ් පන්දු 88 කදී ලකුණු 101 ක් රැස්කළේය. ශේෂාඞ්ගේ 14 වැනි එක්දින අර්ධ ශතකය හතරේ පහර 16 ක් සමන්විත විය.

රාමට් ෂා (62) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 168 කදී ලකුණු 150 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ශේෂාඞ් සමත් වූ අතර පන්දු 90 කට මුහුණදුන් රාමට් ෂා, හයේ පහරකින් සහ හතරේ පහර 7 කින් සිය 14 වැනි එක්දින අර්ධ ශතකය සැරසීය. හස්මතුල්ලා ශහිදි පන්දු 48 කින් ලකුණු 47 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගිනි.

අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ නජිබුල්ලා සද්රාන් පන්දු 33 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් සමග නොදැවී ලකුණු 60 ක් රැස්කරමින් ඇෆ්ඝනිස්තාන ඉනිමේ ලකුණු සංඛ්‍යාව 300 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියේය.


ඇෆ්ඝනිස්තානය - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 305
(මෙහොමඞ් ශේෂාඞ් 101, රාමට් ෂා 62, හෂ්මතුල්ලා ශහිදි 48, නජිබුල්ලා සද්රාන් නොදැවී 60, මාක් ආදිර් 71/3, ඇන්ඩි මැක්බී්‍රන් 43/2)

අයර්ලන්තය - ඕවර 41.2 කදී සියලු දෙනා දැවී 179
(පෝල් ස්ටාර්ලින් 50, ඇන්ඩෘ බැල්බීන් 20, විලියම් පොටර්ෆීල්ඞ් 19, ගැරී විල්සන් 34, ගුලාබ්ඩීන් නබී 43/6)


-036

 


අදහස් (0)

ඇෆ්ඝනිස්තානය 1-1 කින් තරගාවලිය සම කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.