Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඇෆ්ඝනිස්තාන ක්‍රීඩකයෝ කොදෙව්වන් පරදවති

ඇෆ්ඝනිස්තාන ක්‍රීඩකයෝ කොදෙව්වන් පරදවති

editorial - 2019 නොවැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ලක්නව්හිදී පැවැති තෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 29 ක ජයක් අත්කර ගැනීමට ඇෆ්ඝනිස්තාන කණ්ඩායම ඊයේ (17 වැනිදා) සමත් විය. එම ජයත් සමග දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමටද ඇෆ්ඝනිස්තාන ක්‍රීඩකයෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 157 ක ඉලක්කයක් හඹාගිය කෙදෙව් කණ්ඩායමට නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 127 ක් පමණි. එහිදී ඇෆ්ඝනිස්තාන කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ නවීන් උල්හක් ලකුණු 24 කට කඩුලු 3 ක් දවාගනිමින් කොදෙව් ඉනිම අඩපණ කළේය.  

කෙදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ශායි හෝප් පන්දු 46 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 52 ක් රැස්කළ අතර ආරම්භ පිතිකරු එවින් ලුවිස් පන්දු 23 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 24 ක් රැස්කිරීමට සමත් විය.   

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තාන කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 156 ක් ලබාගත් අතර එහිදී ඇෆ්ඝනිස්තාන කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් රාමතුල්ලා ගර්බාස් පන්දු 52 කදී හයේ පහර 5 ක් සහ හතරේ 6 ක් සමග ලකුණු 79 ක් රැස්කළේය.

අස්ගර් ඇෆ්ගන් පන්දු 20 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 25 ක්ද, නජිබුල්ලා සද්රාන් පන්දු 14 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 14 ක්ද, මොහොමඞ් නබී පන්දු 7 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 15 ක්ද රැස්කරමින් ඇෆ්ඝනිස්තාන ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.


ඇෆ්ඝනිස්තාන පිල - ඕවර 20 කඩුලු 8 ක් දැවී 156
(රාමතුල්ලා ගර්බාස් 79, අස්ගර් ඇෆ්ගන් 24, නජිබුල්ලා සද්රාන් 14, මොහොමඞ් නබී 15, කීමෝ පෝල් 26/2, ශෙල්ඩන් කොට්‍රල් 29/2, කෙස්රික් විලියම්ස් 31/2)

බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 20 කඩුලු 7 ක් දැවී 127
(එවින් ලුවිස් 24, ශායි හොප් 52, නවීන් උල්හක් 24/3)


-036

 


අදහස් (0)

ඇෆ්ඝනිස්තාන ක්‍රීඩකයෝ කොදෙව්වන් පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.