Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඇෆ්ඝනිස්ථාන් සංචිතය නම්කරයි

ඇෆ්ඝනිස්ථාන් සංචිතය නම්කරයි

රොෂාන් ගුණරත්න - 2019 අප්‍රේ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මැයි 30 වැනිදා ආරම්භවන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන 15 දෙනෙකුගෙන් සමන්විත ඇෆ්ඝනිස්ථාන් සංචිතය ඊයේ (22 වැනිදා) නම්කිරීමට එරට ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය. ගුල්බදීන් නයිබ් ඇෆ්ඝනිස්තාන් කණ්ඩායමේ නායකත්වයට පත්කර ඇත.

ඇස්ගර් ඇෆ්ඝන් ඇෆ්ඝනිස්ථාන් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ අතර මීට මාසයකට පෙර ඔහුව ඉවත් කරමින් ලෝක කුසලානයේදී කණ්ඩායම මෙහෙයවිම සඳහා ගුල්බදීන් නයිබ් පත්කිරීමට තේරීම් කමිටුව පියවර ගත්තේය.

ඇෆ්ඝනිස්තානය වෙනුවෙන් වසර 3 කට (2016 ජුනි) පමණ පෙර අවසන් වරට එක්දින ජාත්‍යන්තර තරගයක් සඳහා එක්වූ හමීඞ් හසන් මෙවර ලෝක කුසලාන සංචිතයට එක්කර ගැනීම කැපී පෙනුණි.

2015 ලෝක කුසලාන සංචිතයට එක්වූ ගුල්බදීන් නයිබ්, මොහොමඞ් නබී, අෆ්තාබ් අලාම්, ඇස්ගර් ඇෆ්ඝන්, දව්ලත් සඩ්‍රාන්, හමීඞ් හසන්, නජිබුල්ලා සඩ්‍රාන් සහ සමිවුල්ලා ශින්වාරී මෙවර සංචිතයටද එක්ව සිටිති. 

ඕස්ටේ්‍රලියාවට එරෙහිව ජුනී 1 වැනිදා ලෝක කුසලාන තරගාවලියේ පළමුව තරගය සඳහා ඇෆ්ඝනිස්තානය සහභාගිවීමට නියමිතව ඇත.

ඇෆ්ඝනිස්ථාන් සංචිතය
ගුල්බදීන් නයිබ් (නායක), මොහොමඞ් ශසාඞ්, නූර් අලී සඩ්‍රාන්, හස්රතුල්ලා සසායි, රහමත් ෂා, ඇස්ගර් ඇෆ්ගන්, හෂ්මතුල්ලා ශහීඞ්, නජිබුල්ලා සඩ්‍රාන්, සමිවුල්ලා ශින්වාරී, මොහොමඞ් නබී, රෂීඞ් ඛාන්, දව්ලත් සඩ්‍රාන්, අෆ්තාබ් අලාම්, හමීඞ් හසන්, මුජීබ් උර් රහ්මන්.


අදහස් (0)

ඇෆ්ඝනිස්ථාන් සංචිතය නම්කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.