Last Update  :  2024-04-25 21:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඇරබියන්ස් පිලට කඩුලු 7 ක ජයක්

ඇරබියන්ස් පිලට කඩුලු 7 ක ජයක්

editorial - 2019 නොවැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන දහයයි10 ලීග් ක්‍රිකට් තරගාවලියේ මාරතා ඇරබියන්ස් කණ්ඩායම සහ බංග්ලා ටයිගර්ස් කණ්ඩායම අතර ඊයේ (22 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට මාරතා ඇරබියන්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 107 ක ඉලක්කයක් හඹාගිය ඇරබියන්ස් ක්‍රීඩකයෝ පන්දු 9 ක් ඉතිරිව තිබියදී කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. යුවරාජ් සිං (නොදැවී 23) සහ නජිබුල්ලා සද්රාන් (නොදැවී 36) පන්දු 24 කදී ලකුණු 59 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඇරබියන්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.

පන්දු 12 කදී වාර්තා වූ යුවරාජ්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහරක් ඇතුළත් වූ අතර පන්දු 15 කට මුහුණදුන් නජිබුල්ලා හයේ පහර 2 කින් සහ හතරේ පහර 4 කින් සිය ඉනිම සැරසුවේය. නායක ක්‍රිස් ලයන් පන්දු 9 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 23 ක් රැස්කරමින් ඇරබියන්ස් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලා ටයිගර්ස් කණ්ඩායම ඕවර 10 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 106 ක් ලබාගත් අතර එහිදී වේගවත් පිතිහරඹයක නිතර වූ ටොම් මූරස් පන්දු 26 කදී නොදැවී ලකුණු 43 ක් රැස්කළේ හතරේ පහර 6 ක් සමගිනි. රූබී ෆ්‍රෑන්ක්ලින් පන්දු 10 කදී හයේ පහර 2 ක් සමග ලකුණු 18 ක් රැස්කළේය.

දක්ෂ පන්දු යැවීමක නිතර වූ කසුන් රාජිත ලකුණු 18 කට කඩුලු 2 ක් දවාගත් අතර ඔහුගේ පන්දු හමුවේ යුවරාජ් සිං අතට උඩ පන්දුවක් දෙමින් රිලී රූසොව් (0) ද, ඞ්වේන් බ්‍රාවෝ අතට උඩ පන්දුවක් දෙමින් කොලින් ඉන්ග්‍රම් (7) ද දැවී ගියහ. ආරම්භක පිතිකරු ඇන්ඩි්‍ර ෆ්ලෙචර් දැවී ගියේ ලසිත් මාලිංගගේ පන්දුවක් හමුවේ දසුන් ශානක අතට උඩ පන්දුවක් දෙමිනි. ඬේවිඞ් වයිස් (0) කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමටද දසුන් ශානක සමත් විය.


බංග්ලා ටයිගර්ස් පිල - ඕවර 10 කදී කඩුලු 7 ක් දැවී 106
(ඇන්ඩි්‍ර ෆ්ලෙචර් 13, ටොම් මූරස් නොදැවී 43, රූබී ෆ්‍රෑන්ක්ලින් 18, කසුන් රාජිත 18/2, ඞ්වේන් බ්‍රාවෝ 24/2)

මාරතා ඇබියන්ස් පිල - ඕවර 8.3 කදී කඩුලු 3 ක් දැවී 107
(ඇඩම් ලේත් 14, ක්‍රිස් ලයන් 23, යුවරාජ් සිං නොදැවී 23, නජිබුල්ලා සද්රාන් නොදැවී 36)

-036

 


අදහස් (0)

ඇරබියන්ස් පිලට කඩුලු 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.