Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඇමරිකාව වෙනුවෙන් ලයාම් ප්ලන්කට් සූදානම් වෙයි

ඇමරිකාව වෙනුවෙන් ලයාම් ප්ලන්කට් සූදානම් වෙයි

editorial - 2020 ජුනි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉදිරියේදී තමා ඇමරිකා එක්සත් ජනපදය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සූදානම් වන බව එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ලයෑම් ප්ලන්කට් පවසයි. ප්ලන්කට් මේ වන විට 35 වැනි වියේ  පසුවන අතර ඔහුගේ බිරිද ඇමරිකානු ජාතික කාන්තාවකි.

එංගලන්තය 2019 දී ලෝක කුසලානය ජයගැනීමෙන් අනතුරුව මේ දක්වා එංගලන්ත කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ප්ලන්කට්ට අවස්ථවක් නොලැබිණ. මේ වන වන විට පුහුණුවීම් සඳහා කැඳවා සිටින එංගලන්ත ක්‍රීඩකයන් 55 දෙනකුගෙන් සමන්විත සංචිතයටද ඔහුගේ නම ඇතුළත්වී නැත.

“එහේදි (ඇමරිකාවේදී) හෝ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වීමට ලැබීම මහත් සතුටක්. මගේ දරුවන් ඇමරිකානුවන් විය හැකියි. එබැවින් මම එංගලන්තය සහ ඇමරිකා එක්සත් ජනපදය කියන රටවල් දෙක වෙනුවෙන්ම ක්‍රීඩා කළ බව දරුවන්ට පැවසීම තරමක් සැනසිලි දායක වේවි.” යැයි ප්ලන්කට් පැවසීය.

2019 වසර ආරම්භයේදී එක්දින ජාත්‍යන්තර වරම් හිමිකරගත් ඇමරිකා එක්සත් ජනපදය, දැනටමත් බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු සේවියර් මාෂල්, හැම්ප්ෂයර් ප්‍රාන්තයේ තුන් ඉරියව් ක්‍රීඩක ඉයන් හෝලන්ඞ් සහ හිටපු දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක රස්ටි තෙරොන් යන ක්‍රීඩකයන්ගේ සේවය ලබාගෙන තිබේ. ඉදිරියේදී තමා එක්සත් ජනපදයේ පදිංචි වීමට ඉඩ ඇති බව පවසන ප්ලන්කෙට්, ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලැබීම සඳහා එහි වසර තුනක නේවාසික කාලයක් ගත කිරීමට සිදුවනු ඇතැයිද සඳහන් කරයි.

“මම සෑමවිටම ඉංග්‍රීසි ජාතිකයෙක්. නමුත් මම තවමත් ඉහළම මට්ටමේ ක්‍රීඩා කිරීමට සුදුසු නම් සහ ඒ සඳහා මට අවස්ථාවක් තිබේ නම්, ඇයි මම එය නොගෙන ඉන්නෙ?” සරේ ප්‍රාන්ත පන්දු යවන්නා බීබීසී පුවත් සේවයට පැවසීය.

“එතැනට ගොස් එක්සත් ජනපද පුරවැසියෙකු වීම තුළින් හෝ ග්‍රීන් කාඞ්පතක් ලබාගැනීම තුළින්, මට ක්‍රීඩාවේ සංවර්ධනයට උදව් කළ හැකියි, විශේෂයෙන් එංගලන්තය සමග ක්‍රීඩා කර අවසන් වූ අයෙකු ඔවුන් සමග සම්බන්ධ වීම ඔවුන්ට වාසිදායක වේවි.” යැයිද හෙතෙම කියා සිටියේය.

ක්‍රීඩකයන් 55 දෙනකුගෙන් සමන්විත පුහුණු සංචිතයෙන් ඉවත් කිරීම පිළිබඳව පැවසීම සඳහා ජාතික තේරීම් කමිටු සාමාජික එඞ් ස්මිත් මහතා දුන් දුරකථන ඇමතුමට පිළිතුරු දෙමින් ප්ලන්කට් කියා ඇත්තේ ලෝක කුසලාන ජයග්‍රහණයේ ප්‍රධාන භූමිකාවක් ඉටු කිරීමෙන් පසු යළිත් එංගලන්ත කණ්ඩායමට ඇතුළත් නොවීම සම්බන්ධයෙන් තමා මහත් කනස්සල්ලට පත්ව සිටින බවය.

“ලෝක කුසලාන තරගාවලියෙන් පසු මම කළමනාකාරිත්වය සමග කෙටි කතාබහක යෙදුනා. නමුත් ඉදිරියෙදි මා කණ්ඩායමට ඇතුළත් කර නොගන්නා බවත් ඔවුන් මා සමග කිවේ නැහැ. පසුගිය ශීත ඍතුව සඳහා තෝරාගැනීම් මම ට්විටර් වෙබ් හරහා දැනගත්තා. ඒ මොහොතේ මා මහත් කලකිරීමට පත් වූණා” යැයි ප්ලන්කට් පැවසීය.

“කවුරුහරි මා සමඟ කතා කර “තරුණ ක්‍රීඩකයන් සමග අපි යන ගමන මෙයයි, ඊළඟ ලෝක කුසලානය සඳහා නොසිටින නිසා ඔබ සංචිතයේ නැහැ” යැයි මට පැවසුවා නම්, මම සතුටු වෙනවා”

“දීර්ඝ කාලයක් ක්‍රීඩා නොකර ඉදලා, නැවත පැමිණ පසුගිය වසර හතර ක්‍රීඩා කරලා ලෝක කුසලානයක් දිනාගැනීමට හැකි වීම නිසා දැන් පසෙකට වී සිටීමත් මට සතුටක්” යැයි ප්ලන්කට් කියා සිටියේය.

 

-036


අදහස් (0)

ඇමරිකාව වෙනුවෙන් ලයාම් ප්ලන්කට් සූදානම් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.