Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ආසියානු කුසලානයේ සත්කාරකත්වය පාකිස්තානයට

ආසියානු කුසලානයේ සත්කාරකත්වය පාකිස්තානයට

editorial - 2019 මැයි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන වසරේදී (2020) පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය පාකිස්තානයට ලබාදීමට ආසියානු ක්‍රිකට් සභාව තීරණය කර තිබේ. සිංගප්පූරුවේ පිහිටි ආසියානු ක්‍රිකට් සභා මූලස්ථානයේදී පැවැති රැස්වීමකදී එහි නියෝජිතයන් මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව ලබන වසරේ ඔක්තෝබර් මාසයේ ඕස්ටේ්‍රලියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පෙර එනම් සැප්තැම්බර් මාසයේ පාකිස්තානයේදී ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට නියමිතය.

තරගාවලියේ සත්කාරකත්වය සම්බන්ධයෙන් පැවැති එම රැස්වීමට ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය යන රටවල ක්‍රිකට් ආයතන නියෝජනය කරමින් නිලධාරීන් සහභාගි වී තිබේ.

ඉකුත් වසරේදී (2018) මෙන්ම විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සූදානම් වීමේ අරමුණින් ලබන වසරේදීද (2020) ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය විස්සයි20 තරගාවලියක් ලෙස පැවැත්වීමටද එම රැස්වීමේදී තීරණය කර තිබේ.  

පාකිස්තාන ක්‍රිකට් ආයතනය නියෝජනය කරමින් එහි සභාපති එසාන් මානී සහ කලමණාකාර අධ්‍යක්ෂ වසීම් ඛාන් යන මහත්වරු එම රැස්වීමට සහභාගි වී තිබේ.

අවසන් වරට පැවැති ආසියානු කුසලාන තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දියාව සමත් වූ අතර බංග්ලාදේශය එහි අනු ශූරයන් බවට පත් විය.

 

-036

 


අදහස් (0)

ආසියානු කුසලානයේ සත්කාරකත්වය පාකිස්තානයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.