Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ආසියානු කුසලන ක්‍රිකට් - 2020 තරගාවලිය ශ්‍රී ලංකාවට

ආසියානු කුසලන ක්‍රිකට් - 2020 තරගාවලිය ශ්‍රී ලංකාවට

යොහාන් භාසුර - 2020 ජුනි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු ක්‍රිකට් සංගමයේ සංවිධානයෙන් ලබන සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරත්වය ශ්‍රී ලංකාවට ලබාදීමට ආසියානු ක්‍රිකට් සංගමය තීරණය කර තිබේ. මෙම තරගාවලිය විස්සයි-20 තරගාවලියකි.

කලින් පැවැති එකඟතාව අනුව 2020 තරගාවලියේ සත්කාරත්වය පාකිස්තානයට හිමිව තිබිණ. එහෙත් පාකිස්තානය ද මේ වන විට ‘කොරෝනා’ වයිරස් අවදානමෙන් දැඩි පීඩාවට පත්ව සිටීම නිසා සැප්තැම්බර් මස පාකිස්තානයේ තරගාවලිය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.  

ආසියානු ක්‍රිකට් සංගමයේ නිලධාරීන් අතර පෙරේදා පැවැති විශේෂ සාකච්ඡාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා කළ ඉල්ලීමකට අනුව 2020 තරගාවලිය සංවිධානය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලැබී ඇති බව වාර්තා වේ.

පාකිස්තානයේ ආරක්‍ෂක තත්ත්වය මෙන්ම පාකිස්තානය සහ ඉන්දියාව අතර පවතින විරසකයද හේතුවෙන් මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී පැවැත්වීමේ සූදානමක් ද මීට පෙර පැවතුණි. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසුවේ පාකිස්තානයේ මේ වසරේ අවස්ථාව ශ්‍රී ලංකාවට පිරිනැමීමට පාකිස්තානය කැමැත්ත පළකළ බවයි.

“ආසියානු කුසලාන තරගාවලියේ ඊළඟ අවස්ථාව තියෙන්නේ ශ්‍රී ලංකාවටයි. ඒ අවස්ථාව පාකිස්තානයට දෙන පොරොන්දුව මතයි අපිට මේ අවස්ථාව දුන්නේ... නමුත් අපි මේ පිළිබඳව පළමුවෙන්ම රජය සමඟ සාකච්ඡා කරලා. තීරණයක් ගතයුතුයි” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් වැඩි දුරටත් පැවසීය.

විස්සයි20 තරග ලෙස මෙම තරගාවලිය පාකිස්තානයේදී ලබන සැප්තැම්බර් මස 9 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ අතර ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය තරගාවලියට සහභාගි වීමට නියමිතව තිබුණි.

 


අදහස් (0)

ආසියානු කුසලන ක්‍රිකට් - 2020 තරගාවලිය ශ්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.