Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ආගර් - ෆින්ච් - මැක්ස්වෙල් ඕස්ට්‍රේලියාවට ජය ගෙනෙති

ආගර් - ෆින්ච් - මැක්ස්වෙල් ඕස්ට්‍රේලියාවට ජය ගෙනෙති

editorial - 2021 මාර් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇෂ්ටන් ආගර්ගේ (30/6) විශිෂ්ඨ පන්දු යැවීමත්, ඒරන් ෆින්ච් (69) සහ ග්ලෙන් මැක්ස්වෙල් (70) අර්ධ ශතකත් හේතුවෙන් නවසීලන්තයට එරෙහිව වෙලිංටන්හිදී අද (3 වැනිදා) පැවැති තෙවැනි විස්සයි20 තරගය ජය ගැනීමට ඕස්ට්‍රේලියාව සමත්විය. නමුත් තරග 5 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-1 ක් ලෙස නවසීලන්තය පෙරමුණේ පසුවන්නේය.

කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය පළමුව පන්දුවට පහරදීම සඳහා ඕස්ට්‍රේලියාවට  ආරාධනා කළ අතර ඕවර 20 අවසානයේදී කඩුලු 4 ක් දැවී ලකුණු 208 ක් රැස්කිරීමට ඔව්හු සමත්වූහ. ඒරන් ෆින්ච් සහ ග්ලෙන් මැක්ස්වෙල් අර්ධ ශතක රැස්කරමින් ඕස්ට්‍රේලියාව ලකුණු 200 සීමාවෙන් ඕබ්බට රැගෙන යාමට සමත්වූහ.

ඒරන් ෆින්ච් පන්දු 44 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 69 ක් ලබාගත් අතර ග්ලෙන් මැක්ස්වෙල් වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 31 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 70 ක් ලබාගැනීමට සමත්විය. ජොෂ් ෆිලිප්ස් පන්දු 27 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 43 ක් ලබාගත්තේය.

ජොෂ් ෆිලිප්ස් සමගින් එක්ව දෙවැනි කඩුල්ල සඳහා පන්දු 51 කදී ලකුණු 83 ක සම්බන්ධතාවයක් පැවැත්වූ ඒරන් ෆින්ච් ඉන් නොනැවතී තෙවැනි කඩුල්ල සඳහා ග්ලෙන් මැක්ස්වෙල් සමගින් එක්ව පන්දු 35 කදී තවත් ලකුණු 64 ක සම්බන්ධතාවයක් පැවැත්වීය.
ජයග්‍රහණය සඳහා ලකුණු 209 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්තයට ඕවර 17.1 කදී සියලුදෙනා දැවී රැස්කිරිමට හැකිවූයේ ලකුණු 144 ක් පමණි.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් විස්සයි20 ජාත්‍යන්තර තරගයක හොඳම පන්දු යැවීම වාර්තා කළ ඇෂ්ටන් ආගර් සිය ඕවර 4 ලකුණු 30 කට සීමාකරමින් නවසීලන්ත පිතිකරුවන් 6 දෙනෙකු නැවත ක්‍රීඩාගාරය වෙත යැවීමට සමත්විය. විස්සයි20 තරගාවලි ඉතිහාසයේ කඩුලු 6 බැගින් දවාගත් 5 වැනි පන්දු යවන්නා බවට ආගර් වාර්තා පොත් අතරට එක්විය.

මාටින් ගප්ටිල් පන්දු 28 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 43 ක් ලබාගත් අතර ඩෙවොන් කොන්වේ පන්දු 28 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 38 ක් ලබාගත්තේය.


ඕස්ට්‍රේලියාව - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 208
(ඒරන් ෆින්ච් 69, ජොෂ් ෆිලිප්ස් 43, ග්ලෙන් මැක්ස්වෙල් 70, ඉෂ් සෝධී 32/2)

නවසීලන්තය - ඕවර 17.1 කදී සියලුදෙනා දැවී 144
(මාටින් ගප්ටිල් 43, ඩෙවොන් කොන්වේ 38, ඇෂ්ටන් ආගර් 30/6, රිලී මෙරෙඩිත් 24/2)

 -2079


අදහස් (0)

ආගර් - ෆින්ච් - මැක්ස්වෙල් ඕස්ට්‍රේලියාවට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.