Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අෆ්රීඩි ආපසු යයි

අෆ්රීඩි ආපසු යයි

editorial - 2020 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



පෞද්ගලික කාරණාවක් හේතුවෙන් ගාල්ල ග්ලැඩියේටර්ස් පිලේ නායක සහිඞ් ඛාන් අෆ්රිඩි හදිසියේම සියරට බලා යාමට තීරණය කර තිබේ. ඔහුගේ මෙම තීරණයත් සමගම දැන් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) තරගාවලියේ තරග කිහිපයක් ඔහුට අහිමි වනු ඇත.

“අවාසනාවකට වගේ මට ආපසු ගෙදර යාමට සිදුවෙලා තියෙනවා. ඒක පෞද්ගලික කාරණාවක් වගේම හදිසි අවස්ථාවක්.....තත්වය හසුරුවාගත් වහාම මම එල්.පී.එල් හි මගේ කණ්ඩායමට නැවත එකතු වෙනවා. සියල්ලම සාර්ථක වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා“ යයි අෆ්රීඩි ට්විටර් පණිවුඩයක් තබා තිබිණ.

අෆ්රිඩි නැවත පැමිණෙන්නේ කවදාද යන්න පැහැදිලි නැත. නමුත් ඔහු ආපසු පැමිණි පසු නැවත දින 3 ක නිරෝධායනය කිරීමකින් පසුව පමණක් ඔහුට ක්‍රීඩා කිරීමට අවසර ලැබෙනු ඇත.

අෆ්රිඩිගේ ඉවත්ව යෑම හේතුවෙන් මේ වනවිට තරග 3 ක් පරාජය වී ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවන ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායමට විශාල පහරක් වනු ඇත.

සහිඞ් ඛාන් අෆ්රිඩිගේ ඉවත්ව යෑමත් සමගින් නැවතත් ඔහු පැමිණෙන තෙක් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම උපනායක දරණ භානුක රාජපක්ෂ වෙත හිමිවනු ඇත.

 

- 2079

 


අදහස් (0)

අෆ්රීඩි ආපසු යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.