Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අසාම් - ශෆීක් පාකිස්තානය ඔසවා තබති

අසාම් - ශෆීක් පාකිස්තානය ඔසවා තබති

editorial - 2020 පෙබ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර රාවල්පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය දෙවැනි දිනය (8 වැනිදා) සඳහා නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි පාකිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 342 ක් ලබා සිටියේය.

ඒ අනුව පාකිස්තාන කණ්ඩායම තවත් කඩුලු 7 ක් අතැතිව බංග්ලාදේශයට වඩා ලකුණු 109 ක් ඉදිරියෙන් සිටින අතර දෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට බාබර් අසාම් හයේ පහරක් සහ හතරේ පහර 19 ක් සමග ලකුණු 143 ක්ද, අසාද් ශෆීක් හතරේ පහර 8 ක් සමග ලකුණු 60 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. ඔවුන් දෙදෙනා එක්ව පාකිස්තාන ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 137 කි.

මුලු ලකුණු සංඛ්‍යාව 2 ක් වන විට ආරම්භක පිතිකරු අබිඞ් අලී ලකුණු නොළබාම පිටියෙන් ඉවත්ව ගියේ අබූ ජයේද්ගේ පන්දුවක් හමුවේ නජ්මුල් හොසේන් අතට උඩ පන්දුවක් දෙමිනි. එතැන් පටන් නායක අසාර් අලී (34) සමග එක්වූ ශාන් මසූද් (100) දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 91 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් විය.

මසූද්ගේ තෙවැනි ටෙස්ට් ශතකය හතරේ පහර 11 කින් සමන්විත විය.

අබූ ජයේද්ගේ දෙවැනි ගොදුර බවට පත්වෙමින් අලී දැවී යෑමත් සමග පාකිස්තාන ඉනිමේ දෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව බිඳවැටිණ. සිවුවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි බාබර් අසාම් සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 112 ක සම්බන්ධතාවක් පිහිටුවීමටද මසූද් සමත් විය. ජයිජුල් ඉස්ලාම්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවීයන විට මසූද් පන්දු 160 කට මුහුණදී සිටියේය.  


බංග්ලාදේශ පළමු ඉනිම - සියලු දෙනා දැවී 233
(නජ්මුල් හොසේන් 44, මොමිනුල් හක් 30, මහමදුල්ලා රියාද් 25, මොහොමඞ් මිතුන් 63, ලිටන් දාස් 33, තයිජුල් ඉස්ලාම් 24, ශහීන් අෆ්රිඩි 53/4, හාරිස් සොහේල් 11/2, මොහොමඞ් අබ්බාස් 19/2)

පාකිස්තාන පළමු ඉනිම - කඩුලු 3 ක් දැවී 342
(ශාන් මසූද් 100, අසාර් අලී 34, බාබර් අසාම් නොදැවී 143, අසාද් ශෆීක් නොදැවී 60, අබූ ජයේද් 66/2)


-036

 


අදහස් (0)

අසාම් - ශෆීක් පාකිස්තානය ඔසවා තබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.