Last Update  :  2024-03-18 18:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අසම්පූර්ණ ලකුණක දිග්ගැසෙන අර්බුදය

අසම්පූර්ණ ලකුණක දිග්ගැසෙන අර්බුදය

editorial - 2020 සැප් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම - රොෂාන් ගුණරත්න)

විනිසුරුවන්ගේ දෝෂ හේතුවෙන් දිල්ලි කැපිටල් පිල සමගින් පසුගිය ඉරිදා (20 වැනිදා) පැවැති තරගයේ ලකුණු සමවීම නිසා විනිසුරුවන්ට එරෙහිව පැමිණිල්ලක් ගොනු කිරීමට කිංග්ස් XI පන්ජාබ් පිල පසුගිය සඳුදා පියවර ගත්තේය. අයි.පී.එල්.  තරගාවලියේ දෙවන තරගය පසුගිය ඉරිදා අවසන් වූයේ කිංග්ස් XI පන්ජාබ් පිල  සුපිරි ඕවරයේදී පරාජයට පත්වීමෙන් අනතුරුවය.

ලකුණු හඹායෑමේ නිරතව සිටි කිංග්ස් XI පන්ජාබ් පිල පිලේ පිතිකරු ක්‍රිස් ජෝර්ඩ්න් ලකුණු 2 ක් සඳහා පැති මාරු කරගැනීමේදී පළමු ලකුණ සම්පූර්ණ නොකර පිත්ත සීමා ඉරෙන් මෙපිට සළකුණු කර ගියේ යැයි පැති විනිසුරු නිතින් මෙනන් මහතා සංඥා කළේය. එහෙත් රූපවාහිනියෙන් පුණරූපන නැරඹීමේදී ජෝර්ඩ්න්ගේ පිත්ත සීමා ඉරෙන් ඇතුළත ඇති බව දැක ගැනීමට හැකිවිය.

එසේ වුවත් ක්‍රිකට් නීතිපොතේ සඳහන් වන පරිදි පිටියේ සිටින ප්‍රධාන විනිසුරුවරුන් දෙදෙනාගෙන් අයෙක් දුන් තීරණයක් අවලංගු කිරීමට බලයක් නොමැති අතර විනිසුරු තීරණයට අභියෝග කරමින් තෙවැනි විනිසුරුගේ සේවය ලබා නොගන්නේ නම් තෙවැනි විනිසුරුට ඒ සම්බන්ධයෙන් කිසිවක්ම කළ නොහැක.

තාක්ෂණය ක්‍රියාවට නංවමින් එම තීරණය නිවැරදී නොකිරීමට එරෙහිව අපි අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා යැයි කිංග්ස් XI පන්ජාබ්හි ජේෂ්ඨ නිලධාරියෙක් නිර්නාමිකභාවයේ කොන්දේසියක් මත ප්‍රංශ පුවත් සේවයට පවසා තිබේ.

“මූලික වටය අවසානයේ තරඟකාරී ස්ථානයක් සඳහා කණ්ඩායම් සටන් වදින විට එක් ලකුණක අඩුව බොහෝ මිල අධිකයි” යයිද එන නිලධාරියා පැවසීය.

මෙම අභියාචනය එම තරගයේ තරග තීරක වශයෙන් කටයුතු කළ ඉන්දියානු ජාතික ජවගල් ශ්‍රීනාත් මහතාට ඉදිරිපත් කෙරේ. කෙසේ වෙතත් තරඟයකින් පසුව පිටියේදී ගත් තීරණය අවලංගු කිරීමට ක්‍රිකට් ක්‍රීඩාවේ අවස්ථාවක් නොමැත. සුපිරි ඕවරයේදී දකුණු අප්‍රිකානු වේගපන්දු යවන ක්‍රීඩක කගිසෝ රබාඩා කඩුලු දෙකම ලබාගනිමින් පන්ජාබ් පිල ලකුණු 2 කට සීමා කළ බැවින් දිල්ලි පිල පන්දු 3 කින් තරගයේ ජය වාර්තා කළේය.
අසම්පූර්ණ ලකුණ සඳහා ලබාදුන් තීරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පුරා විවිධ චෝදනා එල්ල විය.

“තරගයේ වීරයා තෝරාගත් ආකාරයට මම එකඟ වෙන්නේ නෑ. මෙම අසම්පූර්ණ ලකුණ සඳහා තීන්දුව ලබා දුන් විනිසුරු තරගයේ වීරයා විය යුතුව තිබුණා” යැයි හිටපු ඉන්දීය ආරම්භක පිතිකරු විරේන්ද්‍ර සෙවාග් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

“අසම්පූර්ණ ලකුණක තීන්දුව මෙසේ නොවිය යුතුයි. මෙම අවස්ථා වලදී තාක්ෂණය එය භාර ගත යුතුයි.  ලකුණු 2 ක අඩුවකින් කිංග්ස් XI පන්ජාබ් පිල අවසන් හතරට පැමිණිමට නොහැකි වුවහොත් කුමක් කළ යුතුද?” යයි හිටපු ක්‍රිකට් ක්‍රීඩක විස්තර විචාරක ආකාෂ් චොප්රා මහතා ප්‍රශ්න කළේය.

පසුගිය වසරේ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේදී විනිසුරුවන්ගේ ප්‍රමිතීන් ද ප්‍රශ්නයට ලක් වූ අතර, ඉන්දීය නායක විරාට් කෝලි දැඩි ලෙස අදහස් දක්වමින් කියා සිටියේ “අපි ක්‍රීඩා සමාජ ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ නැහැ” යනුවෙනි.

අවසන් පන්දුවාරයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ලසිත් මාලිංග විසින් පැහැදිලිව නිපන්දුවක් යැවූවද විනිසුරුවන් එය නොදැකීම හේතුවෙන් කෝලිගේ කණ්ඩායම වූ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලට ජයග්‍රහණය අහිමි විය.

ඉන්දියාවේ වැඩිවන කොරෝනා වයිරස් රෝගීන් හේතුවෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙයි.


අදහස් (0)

අසම්පූර්ණ ලකුණක දිග්ගැසෙන අර්බුදය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.