Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අවිෂ්ක ප්‍රනාන්දුගෙන් ප්‍රවේගකාරී පිතිහරඹයක්

අවිෂ්ක ප්‍රනාන්දුගෙන් ප්‍රවේගකාරී පිතිහරඹයක්

editorial - 2019 නොවැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන දහයයි10 ලීග් ක්‍රිකට් තරගාවලියේ බංග්ලා ටයිගර්ස් කණ්ඩායම සහ අබුඩාබි කණ්ඩායම අතර ඊයේ (19 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 27 ක ජයක් අත්කර ගැනීමට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 130 ක ඉලක්කයක් හඹාගිය අබුඩාබි කණ්ඩායමට ඕවර 10 අවසානයේ කඩුලු 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 102 ක් පමණි. එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිතර වූ ආරම්භක පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දු පන්දු 21 කදී ලකුණු 51 ක් රැස්කළේ හයේ පහර 6 ක් සමගිනි.

පන්දු 10 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 20 ක් ලබා සිටියදී අබුඩාබි ඉනිමේ පළමු කඩුල්ල ලෙස ලුක් රයිට් දැවීගිය අතර ඉන් අනතුරුව පිටියට පිවිසි කිසිදු පිතිකරුවකුට ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට බංග්ලා ටයිගර්ස් පන්දු යවන්නෝ ඉඩක් නොදුන්හ.

අබුඩාබි කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළ කුවායිස් අහමඞ් ලකුණු 8 කට කඩුලු 3 ක් දවාගත් අතර නායක තිසර පෙරේරා ලකුණු 21 කට කඩුලු 2 ක් බිඳහෙළීය. කෙවින් කොත්තිගොඩ යැවූ ඕවරයකදී ලකුණු 16 ක් රැස්කිරීමට අබුඩාබි පිතිකරුවෝ සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලා ටයිගර්ස් කණ්ඩායම ඕවර 10 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 129 ක් ලබාගත් අතර එහිදී වේගවත් පිතිහරඹයක නිතර වූ ආරම්භක පිතිකරු රිලී රූසොව් පන්දු 21 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 44 ක් රැස්කිරීමට සමත් විය.

ඇන්ඩි්‍ර ෆ්ලෙචර් (42) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 19 කදී ලකුණු 45 ක සම්බන්ධතාවක් ගොඩනැගූ රූසොව්, ඉන් නොනැවතී කොලින් ඉන්ග්‍රම් (23) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 22 කදී ලකුණු 53 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ටයිගර්ස් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

පන්දු 16 කට මුහුණදුන් ෆ්ලෙචර් හයේ පහර 5 කින් සහ හතරේ පහර 2 කින් සිය ඉනිම සැරසූ අතර පන්දු 14 කදී වාර්තා වූ ඉන්ග්‍රම්ගේ ඉනිම හතරේ පහර 5 කින් සමන්විත විය. ටයිගර්ස් ඉනිමේ බිඳවැටුණ කඩුලු 3 න් 2 කටම හිමිකම් කීමට බෙන් ලෝන්ලින් සමත් වූයේ සිය ඕවර 2 තුළදී ප්‍රතිවාදීන්ට ලකුණු 12 ක් පමණක් ලබා දෙමිනි.

බංගල් ටයිගර්ස් පිල - ඕවර 10 කදී කඩුලු 3 ක් දැවී 129
(ඇන්ඩි්‍ර ෆ්ලෙචර් 42, රිලී රූසොව් නොදැවී 44, කොලින් ඉන්ග්‍රම් 23, රූබි ෆ්‍රෑන්ක්ලින් නොදැවී 12, බෙන් ලෝන්ලින් 12/2)

අබුඩාබි පිල - ඕවර 10 කදී කඩුලු 6 ක් දැවී 102
(අවිෂ්ක ප්‍රනාන්දු 51, ලුක් රයිට් 20, කුවායිස් අහමඞ් 08/3, තිසර පෙරේරා 21/2)

-036

 


අදහස් (0)

අවිෂ්ක ප්‍රනාන්දුගෙන් ප්‍රවේගකාරී පිතිහරඹයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.