Last Update  :  2024-03-18 18:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අවිශ්කගේ අභියෝගය

අවිශ්කගේ අභියෝගය

editorial - 2019 ජුලි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි ස්ථානයට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් අති දැවැන්ත සටනක් නිර්මාණය කරමින් එංගලන්තයට එරෙහිව අති විශිෂ්ඨ වූත් පෙරැළිකාර වූත් ක්‍රීඩාවකින් නැවත පුණර්ජීවනය වූ ශ්‍රී ලංකා කණ්ඩායම, දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගයේදී අවාසනාවකට පෙන්නුම් කරන ලද්දේ ඇල්මැරුණු ක්‍රීඩාශීලීත්වයකි.

එම තරගයේදී පන්දුවාර 11 කුත් පන්දු 4 ක් ඉතිරි කර ගනිමින් දකුණු අප්‍රිකානුවන් කඩුලු 9 කින් තරගය ජයග්‍රහණය කළ අයුරු සත්කාරක එංගලන්ත කණ්ඩායම, තම ජයග්‍රාහී මෙහෙයුම ඉකුත් සිකුරාදා විනාශ කරන ලද්දේ මේ කණ්ඩායම ම නේද..? යන්න බලා සිටින ලද්දේ ඔවුන්ගේ හිස කසමින් විය හැක.

අපගේ සාම්ප්‍රදායික වූත් ශක්තිමත් වූ උපාය මාර්ගයට අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දීමට අවස්ථාව ලත් ශ්‍රී ලංකාවට අළුත් තණතිල්ලක ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවේ සටහන් කර ගනිමින් පන්දුවෙන් එය ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකාවට හොඳම අවස්ථාවක් ලැබුණි.

ප්‍රථම පන්දුවාරයේදීම දිමුත් කරුණාරත්න දැවී යෑම ආරම්භය භයානක විය. එහෙත් කුසල් පෙරේරා සහ අවිශ්ක ප්‍රනාන්දු අතර ප්‍රාණවත් හා විනෝද ජනක ලකුණු 67 ක සම්බන්ධතාවය නිසා තරගකාරී වූ ලකුණු සංඛ්‍යාවක් කරා යෑමේ පූර්ව පෙර නිමිති කළින්ම දිස්විය. තමා ඉදිරියේදී ශ්‍රී ලංකාවේ අති විශාල ශක්තියක් වන බව තහවුරු කරමින් නැවත වතාවක් නැගී සිටි අවිශ්ක, නියම පිතිකරණයක් ප්‍රදර්ශනය කළේය. පන්දුවට පහර දීමේදී තමන් සතු වූ කාල වේලාව අනුව ඔහු පිතිකරණයේ නියැළෙන්නේ ඉතාමත් සමබර අයුරිනි.

වැඩි බුද්ධියකින් යුතුව තම ඉනිමේ වේගය වැඩි කර ගනිමින් තම පිතිහරඹය පාලනය කළ යුත්තේ කෙසේදැයි යන්න ඔහුට ඉගෙන ගැනීමට තියෙන ප්‍රධානම අභියෝගය වේ. පන්දු යවන්නන් හමුවේ ප්‍රහාරාත්මක ලෙසින් පිත්ත හැසිරවීමට ඔහු වැඩි කැමැත්තක් දක්වයි. මේ නිසාවෙන්, සියළු දේ තමන්ට රිසි පරිදි සිදුකර ගැනීමට සමත් වන විට තරග ජයග්‍රහණය කර දිය හැකි භයානක පිතිකරුවකු බවට ඔහු පත් කරවනු ඇත. එහෙත් ඇතැම් අවස්ථාවන්හිදී ඔහු මඳක් පසුබැසමින් එල්ල කරන අවදානම් සහගත පහර පිළිබඳව සූක්ෂම බුද්ධියකින් යුතුව කළමනාකරණය කිරීමට ඔහු සමත් වන්නේ නම් වැඩි ප්‍රයෝජනයක් ලබාගත හැකි වනු ඇත.

මඳවේග පන්දු යවන්නකු වන ඩ්වේන් ප්‍රිටෝරියස්ස්ගේ විනයානුකූල මඳ වේග පන්දු යැවීම හමුවේ 'මිඩ් ඔන්' කළාපයට ඉහළින් තවත් හතරේ පහරක් එල්ල කිරීමට ගත් උත්සාහයේදී ඔහු නිකරුණේ දැවී ගිය අතර එම තත්ත්වය මත කණ්ඩායම තුළ බිඳ වැටීමක් හට ගැණින. පිත්ත හසුරුවා ගැනීම සඳහා ඉඩ කඩ නැති පන්දුවකට පෙරේරාද (කුසල්) වැරැද්දක් කළේය.

ඇන්ජලෝ මැතිව්ස් ඔහු සතු බුද්ධිය හා දක්ෂ පිතිකරණයෙන් ඉනිම එකට රඳවා තබා ගනිමින් තමන් සතු පළපුරුද්ද එංගලන්ත කණ්ඩායමට එරෙහිව උපරිමයෙන් ප්‍රදර්ශනය කළේය. දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව පැවැති තරගයේදී එවැනිම ඉනිමක් ක්‍රීඩා කිරීමට ඔහු උත්සාහ කළද ක්‍රිස් මොරිස්ගේ පන්දුවලට එරෙහිව තම ඉවසීම නැති කර ගත්තේය.

තරගය දකුණු අප්‍රිකානුවන්ගේ වාසියට හැරවුණු තවත් අවස්ථාවක් වූ මැතිව්ස්ගේ දැවී යෑමෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව කඩුලු 4 කට ලකුණු 100 ක් වශයෙන් අසරණ තත්ත්වයට පත්වීමයි. සිදුවූ හානිය මඟ හරවා ගැනීමට මැද පෙළ පිතිකරුවන් උත්සාහ ගත්තද හොඳ ආරම්භයක් ලබාගත් පිතිකරුවන් කිහිපදෙනාද ඇතුළුව සෙසු පිතිකරුවන්ටද පිටියට ගොස් ස්ථාවර ඉනිමක් ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබිණ.

ලකුණු 204 ක ඉලක්කයක් ආරක්ෂා කරගනිමින් ජයග්‍රහණය කිරීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට නව පන්දුවෙන් විශේෂිත යමක් අත්‍යවශ්‍යව තිබිණ. අලංකාර පන්දුවකින් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ කුවින්ටින් ඩි කොක් නමැති භයානක පිතිකරුවා දවා ගැනීමට මාලිංග (ලසිත්) සමත් වුවද, එංගලන්තයට එරෙහිව ප්‍රදර්ශනය කරන ලද වීරක්‍රියා නැවත වතාවක් පෙන්නුම් කිරීමට ඔහු අපොහොසත් විය.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දුර්වලතම ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ දකුණු අප්‍රිකාව පසුවූයේ ඉතාමත් අඩු විශ්වාසයකින් යුක්තවය. එහෙත් පළපුරුද හෂීම් අම්ලා හා නායක ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 175 ක සම්බන්ධතාවයක් පවත්වමින් ඒ නොසන්සුන්තාවය සමනය කිරීමට සමත්වූහ.


අදහස් (0)

අවිශ්කගේ අභියෝගය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.