Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අවිශ්ක ස්ටැලියන්ස් පිලට ජය ගෙනෙයි

අවිශ්ක ස්ටැලියන්ස් පිලට ජය ගෙනෙයි

රොෂාන් ගුණරත්න - 2020 දෙසැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

  

 

අවිශ්ක ප්‍රනාන්දුගේ (84) වේගවත් අර්ධ ශතකය හමුවේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 9 වැනි තරගය ලෙස ගාල්ල ග්ලැඩියේටර්ස් පිලට එරෙහිව හම්බන්තොට මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී අද (3 වැනිදා) පැවැති තරගය කඩුලු 5 කින් ජයගැනීමට යාපනය ස්ටැලියන්ස් පිල සමත්විය. ඒ අනුව ඔවුන් පිට පිට ලබාගත් සිව්වැනි ජයග්‍රහණය ලෙස වාර්තා වන්නේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 171 ක ඉලක්කයක් හඹාගිය යාපනය ස්ටැලියන්ස් පිල ඕවර 19.4 කදී කඩුලු 5 ක් දැවී ඉලක්කය පසුකිරීමට සමත්විය.

අවිශ්ක ප්‍රනාන්දු පන්දු 59 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 84 ක් රැස්කරමින් යාපනය ස්ටැලියන්ස් පිල ජයග්‍රහණය කරා රැගෙන ගියේය. අවිශ්කට අනගි සහයක් ලබාදුන් මිනෝද් භානුක පන්දු 26 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 40 ක් රැස්කරමින් යාපනය ස්ටැලියන්ස් පිලේ ජයග්‍රහණයට දායක විය.

එමෙන්ම දෙවැනි කඩුල්ල සඳහා පන්දු 62 කදී ලකුණු 99 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට අවිශ්ක ප්‍රනාන්දු සහ මිනෝද් භානුක සමත්වූහ.

අවසන් ඕවර 2 දී යාපනය ස්ටැලියන්ස් පිල ජයග්‍රහණය සඳහා ලකුණු 19 ක් අවශ්‍යවූ අතර 19 වැනි ඕවරය යැවූ මොහොමඞ් අමීර්ට හතරේ පහර 4 ක් එල්ල කරමින් තරගයේ වැඩි වාසි තම පිලට දෙසට ලබාගැනීමට වනිඳු හසරංග සමත්විය. පන්දු 7 කට මුහුණදුන් වනිඳු හසරංග හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 17 ක් ලබාගත්තේය.

කාසියේ වාසිය දිනා පළමුව පනදුවට පහරදුන් ගාල්ල ග්ලැඩියේටර්ස් පිල ඕවර 20 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 170 ක් රැස්කිරීමට සමත්විය.

ආරම්භක පිතිකරු ධණුෂ්ක ගුණතිලක පන්දු 44 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 56 ක් ද, අසාන් අලී පන්දු 25 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 29 ක් සහ අසාම් ඛාන් පන්දු 14 කදී හයේ පහර සහ හතරේ පහර 2 බැගින් එල්ල කරමින් ලකුණු 25 ක් රැස්කිරීමට සමත්වූහ. මැද පෙළ පිතිකරු චැඞ්වික් වෝල්ටන් පන්දු 14 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමගින් වේගවත් ලකුණු 31 ක් රැස්කරමින් ගාල්ල ග්ලැඩියේටර්ස් පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.

යාපනය ස්ටැලියන්ස් පිලේ නායක තිසර පෙරේරා පන්දු යවන්නන් 7 දෙනෙකු යොදාගත් අතර වනිඳු හසරංග සිය ඕවර 4 ලකුණු 29 කට සීමාකරමින් කඩුලු 2 ක් දවාගත්තේය. උස්මාන් ශින්වාරි, ධනංජය ද සිල්වා සහ සුරංග ලක්මාල් කඩුල්ල බැගින් දවාගැනීමට සමත්වූහ.

ගාල්ල ග්ලැඩියේටර්ස් - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 170
(ධණුෂ්ක ගුණතිලක 56, අසාන් අලී 59, අසාම් ඛාන් 25, චැඞ්වික් වෝල්ටන් 31, වනිඳු හසරංග 29/2)

යාපනය ස්ටැලියන්ස් - ඕවර 19.4 කදී කඩුලු 5 ක් දැවී 174
(අවිශ්ක ප්‍රනාන්දු 84, මිනෝද් භානුක 40, වනිඳු හසරංග නොදැවී 17, අසිත ප්‍රනාන්දු 30/2)
 


අදහස් (0)

අවිශ්ක ස්ටැලියන්ස් පිලට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.